hit counter code

බබාලටත් කන්න පුලුවන් අඩුසීනි Nutella ගෙදර ම හදමු

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Nutella හරි ම රසවත් චොක්ලට් තැවරුමක්. ඒත් අධික සීනි ප්‍රමාණයක් අඩංගු වෙලා හින්දා අම්මලා බබාලට දෙන්න අදිමදි කරනවා.ඒ  වගේ ම දැන් Nutella දරන්න බැරි තරම් මිලයි. ඉතින් බබාලටත් කන්න පුලුවන් වෙන්න, මිලත් අඩුවෙන් ගෙදර ම Nutella හදාගන්න හැටි අද ඔබට කියා දෙන්නයි යන්නේ. 

මේ සෑම ද්‍රව්‍යයක්ම දරුවාට හඳුන්වා දුන්, අසාත්මික නොවන අමුද්‍රව්‍ය බවට වගබලාගන්න. 

අවශ්‍ය ද්‍රව්‍ය –

  • රටකජු කෝප්ප දෙකක්
  • කොකෝවා කුඩු තේ හැඳි 4ක්
  • බටර් තේ හැඳි 2ක්
  • සීනි තේ හැඳි 3ක්
  • මීපැණි තේ හැන්දක්

හදන්නේ මෙහෙමයි –

1.   රටකජු 180°Cදී විනාඩි 10 ක් පමණ රෝස්ට් කරන්න. එසේත් නැත්නම් කබලක හොඳින් බැදගන්න.

2. ඒවා සිසිල් වූ පසු, පොතු ඉවත් කරන්න.

3. දැන් රටකජු ටික බ්ලෙන්ඩර් එකට දමා අඹරා ගන්න.

4. හැන්දක් මගින් එක් කරමින් ක්‍රීම් එකක් වන තුරු අඹරා ගන්න. 

5. දැන් ඉතිරි ද්‍රව්‍ය ද දමා පදම එන තුරු බ්ලෙන්ඩර් කරගන්න.

 මෙය සති තුනක් පමණ ශීතකරණයේ දමා තබා ගත හැකියි.

ආහාරයට එක් කරගත හැකි විදි

  1. සැන්ඩ්විචස් ලෙසින් පාන් වල තවරා ගත හැකියි.
  2. රොටී සාදා ඒවායෙහි තවරා ගත හැකියි.
  3. ස්පොන්ජ් කේක් වල තවරා ගත හැකියි.
  4. පලතුරු සලාදවලට ටොපින් එකක් සේ භාවිතා කළ හැකියි.
  5. අයිස්ක්‍රීම් ටොපින් එකක් සේ භාවිතා කළ හැකියි.

ගෙදර ම හදපු Nutella වලින් පෝෂණීය breakfast රෙසිපි එකක්

අවශ්‍ය ද්‍රව්‍ය – 

පාන් පෙති හතරක්

ඉදුණු කෙසෙල් ගෙඩියක්

තල ඇට තේ හැන්දක්

හදන්නේ මෙහෙමයි

පාන් පෙති දෙකෙහි nutella තවර ගන්න. දැන් කෙසෙල් සිහින් පෙති කපා එක් පාන් පෙත්තක් මත අතුරා ගන්න. ඒ මතට තල ඇට ඉසින්න. දැන් අනෙක් පාන් පෙත්තෙන් වසා ගන්න. අවශ්‍ය නම් ටෝස්ට් කරගත හැකියි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Children

කන්න අකමැති ධාන්‍යවලින් පොඩ්ඩොත් එක්කම පුඩිමක් හදමු

ධාන්‍ය වලින් පොඩ්ඩන්ගේ වර්ධනයට උපකාරී වෙන්නේ සුලු පටු අයුරින් නෙවෙයි. ඒත් පොඩ්ඩෝ ධාන්‍ය කන්න ටිකක් අකමැතියි. ධාන්‍ය වර්ග කන්න අකමැති පොඩ්ඩන්ට ධාන්‍ය කවා ගන්න හොඳ

Read More »
Children

මේ රස්නෙ දවස්වල බබාලව විශේෂයෙන් බලන්න ඕනෙ කොහොමද ?

මේ ගතවෙන්නෙ ලංකාවට රස්නෙ වැඩිම කාලයක්. එලියට බහින්න බැරිතරම් උණුසුම් කාලගුණයක් තමයි මූලු ලංකාවටම තියෙන්නෙ. වැඩිහිටි අපිට මෙච්චර අපහසු නම් පුංචි පැටව් මේ රස්නෙ දරාගන්නෙ

Read More »
Children

දරුවන්ට හිතුමතේට Vitamin C ලබා දීම හොඳ ද?

පවතින වසංගතයෙන් ආරක්ෂා කර ගන්න හුඟක් දෙමාපියන් තම දරුවන්ට වෛද්‍ය උපදෙස් නොමැතව vitamin C ලබා දීමට මේ වෙද්දී පෙළඹිලා ඉන්නවා.ඇත්තටම එය ඵලදායී දෙයක්ද? නැත්නම් අපේ

Read More »