hit counter code

ඔටිසම් කලින් ම අඳුනගන්නේ කොහොමද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

“ඔටිසම්” (මනෝවික්ෂිප්ත බව) යනු දරුවන්ගේ ස්නායු සංවර්ධන ක්‍රියාවලිය (neuro Development) සම්බන්ධයෙන් ඇතිවන ගැටළු සහගත තත්ත්වයක්.

“ඔටිසම්” තත්ත්වය විවිධ අදියර ලෙස (Autism Spectrum Disorder) පුළුල් පරාසයක පවතින නිසා එහි ලක්ෂණ එසේත් නැත්නම් ගැටළුකාරී තත්ව එක් දරුවෙකුගෙන්  තවත් දරුවෙකුට බොහෝ සෙයින් වෙනස් විය හැකියි. මෙහිදී ප්‍රධාන වශයෙන් දරුවාගෙ සමාජ සන්නිවේදනය සම්බන්ධ ගැටළු හා චර්යා රටාව සම්බන්ධ ගැටළු සහගත තත්ත්වයන් ඇති වෙනවා.

මෙම තත්ත්වය සහිත දරුවෙකු තුළ, 

ඒකාබද්ධ අවධානය නොමැති බව / අඩු බව (Joint attention / joint engagement). 

ඇසට ඇස නොබැලීම / අඩු බව (limited eye contact)

කතාව, භාෂාව වර්ධනය ප්‍රමාද වීම. 

සමාජ සම්බන්ධතාවලදී නිවැරදි හා ගැලපෙන ප්‍රතිචාර නොදැක්වීම, සබඳතා ගොඩ නඟා ගැනීමේ ගැටළු 

එකම ක්‍රියාකාරකම හෝ හැසිරීම නැවත නැවතත් එකම විදියට සිදු කිරීම. 

අර්ථවත් ලෙස සෙල්ලම් කිරීමට නොහැකි බව. 

යම් කාර්යයකට අවධානය යොමු කිරීමේ ගැටළු, 

බොහෝ අවස්ථාවල “තමන්ගේ ම ලෝකයක” සිටීම

ආදී ලක්ෂණ දැකිය හැකි වෙනවා. 

ඔටිසම් තත්ත්වය (ASD) ඇති වීමට විවිධ හේතු සාධක බලපෑ හැකියි. මේ සදහා තවමත් නිශ්චිත හේතු ඉදිරිපත් නොවුනත් පර්යේෂණයන්ට අනුව ජානමය සහ පරිසරික යන සාධක ඒ සදහා බලපෑම් ඇති කරනවා. 

අද බොහෝ දෙනෙක් දරුවාට බත් කැවීමට, එදිනෙදා කාර්ය බහුල වෙලාවේ දරුවා එක තැනක රඳවා තබා ගැනීමට දුරකථන, රූපවාහිනී වැනි විද්‍යුත් මාධ්‍යවලට දරුවන් ව හුරු කිරීමට පෙළැඹී ඇති බව අප දන්නා කරුණක්. නමුත් දුරකථන තිරය 📱, රූපවාහිනී තිරය 📺, පරිගණක 💻 ආදී දෑ (screen time) වැඩි කාලයක් ලබා දීම හරහා ඔබේ දරුවාට ඔටිසම් තත්ත්ව ඇති විය හැකි බව ඔබ දන්නවාද? 

දරුවන් අතර screen time වැඩිවීම හරහා  වර්තමානයේ බොහෝ ලෙස “වර්චුවල් ඔටිසම් ” (virtual autism) නමැති තත්ත්වය ඇති වන බව පර්යේෂණ මගින් තහවුරු කර ගෙන තිබෙනවා

ඔටිසම් තත්ත්වය සදහා දැනට එක් සම්මත ප්‍රතිකාරයක් නොමැති අතර දරුවාගේ වර්ධනය හා නව කුසලතා ඉගෙනීමේ හැකියාව වැඩි කරමින් ඒ ඒ ගැටළුවලට  විවිධ පැතිකඩවලින් පිළිතුරු සෙවීමේ බොහෝ ක්‍රම තිබෙනවා. ASD තත්වය හඳුනා ගැනීමෙනන් පසු එම ප්‍රතිකාර ක්‍රම කඩිනමින් ආරම්භ කිරීමෙන් (Early Intervention) වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි. 

ඔබගේ දරුවාගෙ ඉහත සඳහන් ලක්ෂණ ඇති බව නිරීක්ෂණය  වුවහොත් ඒ සඳහා අවශ්‍ය නිගමනය හා ප්‍රතිකාර හැකි ඉක්මනින් යොමු වීම අත්‍යවශ්‍ය යි. ඒ සඳහා 

  • ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු
  • ළමා මනස හා සම්බන්ධ මනෝවෛද්‍යවරු
  • කථන හා භාෂා චිකිත්සකවරුන් 
  • වෘත්තීය චිකිත්සකවරුන් 
  • විශේෂ අධ්‍යාපන චිකිත්සකවරුන් ගේ සේවාව ලබා ගත යුතු වෙනවා. 

සම්පත් දායකත්වය
සචිනි උපේක්ෂා – Speech and Language Therapist

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Mental Development

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයෙන්ම ඕනෙ. දරුවන්ටත් ඒ වගේමයි. ලෝකයේ විවිධ රටවල්වල කරල

Read More »
Children

උෂ්ණාධික දිනවල දරුවන්ගේ ශරීරය සිසිල් කරන පාන වර්ග 14ක්

මේ දිනවල ඉතා ම උණුසුම් කාලගුණයක් පවතින්නේ. ඉතින් දරුවන්ගේ ශරීරයේ උෂ්ණාධික බව ඉක්මනින් ඉහළ යනවා. ඇස් දැවිල්ල, ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල වැනි ඉතාම අපහසු තත්ත්වයන්

Read More »
Children

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ

Read More »