hit counter code

මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන ඇස්ලෙඩ ගැන දැනගනිමු.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ඇස් ලෙඩ එහෙමත් නැත්නම් ඇස්වල ඇතිවන ආසාදන අවුරුදු 5ට අඩු දරුවන් අතර සුලබව දකින්න පුලුවන්. මේ ආසාදිත තත්වය ඇතිවෙන්නෙ ඇසේ සුදුපාට කොටස ආවරණය කරගෙන තියෙන පටලයෙයි (Conjunctiva). මේ කොටස රතුවෙලා ඉදිමීම සිදුවෙනවා. ඇස් ලෙඩ එහෙමත් නැත්නම් conjunctivitis ඇතිවෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ආසාදන තත්වයක් හෝ ආසාත්මික තත්වයක්. ආසාදන තත්ව නිසා ඇතිවෙන ඇස් ලෙඩ ඉතාම ඉක්මනින් තව කෙනෙකුට බෝ වෙන්න පුලුවන්.

රෝග ලක්ෂණ

• එක ඇසක් හෝ ඇස් දෙකම රතුවීම
• ඇසිපිය පිටුපස රතුවීම
• ඇසිපිය ඉදිමීම
• ඇසෙන් කදුලු ගැලීම
• කහ – කොළ පැහැයට හුරු ස්‍රාවයක් ඇසෙන් ගැලීම
• ඇස් කසන ගතිය
• ඇස් දැවිල්ල

මේ රෝග ලක්ෂණ දරුවට රෝගය බෝවෙලා පැය 24-72ත් අතරෙදි එන්න පුලුවන් සහ මේ රෝග ලක්ෂණ සති 3ක් දක්වා තියෙන්න පුලුවන්.

දැන් අපි ඇස් ලෙඩ හැදෙන හේතු ගැන වෙන වෙනම කරුණු බලමු.

ආසාදනයක් නිසා ඇතිවෙන ඇස් ලෙඩ (Infectious Conjunctivitis)

වෛරස හෝ බැක්ටීරියා ආසාදනයක් හින්දා ඇස් ලෙඩ ඇතිවීම තමයි මේ නමින් හදුන්වන්නෙ. මේ තත්වය ඉතාම වේගයෙන් බෝවෙනවා.
ඇස් ලෙඩ තියෙන කෙනෙක්ගෙ ඇස්වල තියෙන ස්‍රාවයන්, නහයෙන් හෝ කසිනවිට උගුරෙන් නිකුත්වන බිදිතිවලින් සහ ඒ පුද්ගලයා පාවිච්චි කරපු දේවල් දරුවා ඇල්ලුවොත් දරුවට රෝගය බෝවෙන්න පුලුවන්.
දරුවට ඇස් ලෙඩ හැදුනට පස්සෙ ඇස්වලින් අර ස්‍රාවය ගලනතාක් දරුවගෙන් තවත් කෙනෙක්ට රෝගය බෝවෙන්න පුලුවන්. ඒ නිසා දරුවා පාවිච්චි කරන කිසිම දෙයක් අනිත් අයට පාවිච්චි කරන්න දෙන්න එපා. දරුවාව පාසල් යවන්න එපා. නිතරම අත් සෝදවන්න. ඒකෙන් රෝගය පැතිරෙන එක ගොඩක් දුරට පාලනය කරගන්න පුලුවන්.

ආසාත්මිකතා නිසා ඇතිවෙන ඇස් ලෙඩ (Allergic Conjunctivitis)

මේ තත්වය දරුවගෙන් තව කෙනෙකුට බෝවෙන්නෙ නැහැ. ඔබේ දරුවට නිතරම ආසාත්මිකතා එහෙමත් නැත්නම් Allergies එනවනම් මේ තත්වය එන්න පුලුවන්. ඔබේ දරුවට තියෙන්නෙ Allergic Conjunctivitis නම් ඇස් රතුවෙන එකත් එක්ක, නහය කැසීම, ඇස්වලින් කදුලු ගැලීම, නාසයෙන් සොටු දියර ගැලීම සහ ඇස් කැසීම වගේ ලක්ෂණ එනවා. මේ තත්වය තියෙන දරුවන් නිතරම ඇස් අතුල්ලනවා ඔබ සමහරවිට දැකලත් ඇති.

දරුවට ඇස් ලෙඩ හැදුනම නිවසේදී කළහැකි දේවල් මොනවාද?

දරුවට තියෙන්න සුලු රෝග ලක්ෂණ නම් පිරිසිදු වතුරෙන් පෙගවූ පුලුන් කැබල්ලකින් දරුවගෙ ඇස් (නාසය පැත්තේ සිට එලියට) මෘදුව පිරිසිදු කරන්න. මේකෙන් දරුවට ලොකු සහනයක් ලැබේවි. මේ විදියට පිරිසිදු කරනකොට ඇස් ඇතුලෙ පිරිසිදු කරන්න එපා. ඒ වගේම එක පාරක් පිරිසිදු කරපු පුලුන් නැවත පාවිච්චි කරන්නත් එපා. ඒවා නිසිලෙස බැහැර කරන්න.
දරුවගෙ කොට්ට උරය සහ තුවාය දිනපතා මාරුකරන්න. සෝදලා තද අව්වේ වේලාගන්න. මේ මගින් රෝගය නිවසේ අනෙකුත් සාමාජිකයන්ට බෝවෙන එක අවම කරගන්න පුලුවන්.
ඔබේ දරුවා අක්ෂි කාච (Contact lenses) පාවිච්චි කරනවනම් රෝගය සම්පුර්ණයෙන් සුවවෙන තුරු කාච පාවිච්චි කරන්න එපා.
ඇස් ලෙඩ තියෙන දරුවන්ගෙ ඇස්වල මව්කිරි තවරන එකෙන් ඇස්ලෙඩ සුවවෙනවා කියල කතාවක් ඔබ සමහරවිට අහලා ඇති. මේ කතාවෙ විද්‍යාත්මක පදනමක් නෑ. නමුත් මව්කිරි වලින් දරුවගෙ ඇස්වලට හානියක් නම් වෙන්නෙ නෑ.

දවස් දෙකක් වගේ ගියාට පස්සෙත් දරුවගෙ රෝග ලක්ෂණ ඒ විදියටම තියෙනවානම් වෛද්‍ය උපදෙස් ගන්න එක නුවණට හුරුයි. ඊට අමතරව පහත ලක්ෂණ තියෙනවානම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

• ඇස්වල තද වේදනාව
• පෙනීමේ වෙනස්කම්
• ඇස්වල ඇසිපියවල ඉදිමීම සහ අධික වේදනාව
• උණ හෝ වෙනදාමෙන් ක්‍රියාශීලි නොවී සිටීම
• ඇස්වල සුදු පැහැ ලප ඇතිවීම

වෛද්‍යවරයා ඔබේ දරුවා පරීක්ෂා කරල බලලා අවශ්‍ය ප්‍රතිකාර ලබාදේවි. ගොඩක් වෙලාවට ඇස්වලට දාන බෙහෙත් නිර්දේශ කරාවි. එක ඇසකට පමණක් ආසාදනය තිබ්බත් මේ ඖෂධ නියමිත වෙලාවට ඇස් දෙකටම දාන්න ඕනෙ. ඒ වගේම ඇස්වලින් ස්‍රාව ගැලීම නතරවෙලත් දවස් දෙකක් යනකං මේ ඖෂධ පාවිච්චි කරන්න ඕනෙ. 

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Mental Development

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයෙන්ම ඕනෙ. දරුවන්ටත් ඒ වගේමයි. ලෝකයේ විවිධ රටවල්වල කරල

Read More »
Children

උෂ්ණාධික දිනවල දරුවන්ගේ ශරීරය සිසිල් කරන පාන වර්ග 14ක්

මේ දිනවල ඉතා ම උණුසුම් කාලගුණයක් පවතින්නේ. ඉතින් දරුවන්ගේ ශරීරයේ උෂ්ණාධික බව ඉක්මනින් ඉහළ යනවා. ඇස් දැවිල්ල, ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල වැනි ඉතාම අපහසු තත්ත්වයන්

Read More »
Children

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ

Read More »