hit counter code

හරිම ලස්සන යාළුවා

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ලහිරු වයස අවුරුදු අටක පොඩි පිරිමි ළමයෙක්.එයා හරිම ආසයි සරුංගල් යවන්න.ඒ විතරක් නෙවෙයි සරුංගල් හදන්නත් ලහිරු හරිම දක්ෂයි.ලහිරුට හරිම ලස්සන සරුංගලයක් තිබුණා.දිග වරලක්,ලස්සන පාට පාට ඇඟක් තිබුණ මේ සරුංගලය තරම් ලස්සන එකක් මීට කලින් කිසිම කෙනෙක් දැකලා නම් නැහැ.ලහිරු සරුංගලය එයාගෙ හොඳම යාළුවා කියලා තමයි හිතුවේ.ඒ නිසා එයා සරුංගලයට නමකුත් දැම්මා. “හරිම ලස්සන යාළුවා”ඒ තමයි එයාගෙ නම.

ඔන්න දවසක් ලහිරු එයාගෙ හරිම ලස්සන යාළුවා එක්ක පිට්ටනියට යනවා.තවත් ළමයි බොහොමයක් සරුංගල් යවන්න ඇවිත්.වෙනදට වඩා පිට්ටනියේ සෙනග.

“අද මෙතන සරුංගල් තරඟයක් තියෙනවලු පුතේ.”

ලහිරුගෙ තාත්තා ලහිරුට කිව්වා.ලහිරුටත් ආසා හිතුණා තරඟ කරන්න.එයාගෙ හරිම ලස්සන යාළුවා අහසේ ඈතට ඈතට යන්නත් හරිම සූරයා.ඒ නිසා තාත්තාට ඇවිටිලි කරලා ලහිරුත් කොහොමහරි තරඟයට ඉදිරිපත් වුණා.

ඔන්න හැමෝම සරුංගල් යවන්න පටන් ගත්තා.කවුරු කවුරුත් තමන්ගෙ සරුංගලය පුලුවන් තරම් උඩට ගන්න තමා බලන්නෙ.ලස්සනම සරුංගලය වගේම වැඩියෙන්ම උඩ ගියපු සරුංගලයටත් තෑගි ලැබෙනව.

ලහිරුගෙ සරුංගලය ලස්සනම ලස්සන නැටුමක් නටලා හෙමින් හෙමින් උඩ ට ගියා.එයා කොච්චර ලස්සන ද කියනවා නම් එයාගෙ ලස්සන බලන්න ගිහින් අනික් අයගෙ සරුංගල් වල නූල් එකිනෙකට පැටලුණා.සරුංගල් පොකුරක් හැදුණා.ඒ සරුංගල් පොකුර හැමෝගෙම අත් වල තිබුණ නූල් කඩාගෙන ඉහල අහසට ඉගිලුණා.හරිම වැඩේ.ලහිරුගේ හරිම ලස්සන යාළුවා විතරක් අහසේ ඉතිරිවුණා.

සරුංගල් අයිති ළමයි හයියෙන් අඬන්න පටන් ගත්තා.එයාලට සරුංගල් ඕන කියලා මහා හයියෙන් ඇඬුවා.ලහිරුට හරිම දුකයි.සරුංගලේටත් හරිම දුකයි.

ජයග්‍රාහකයා ලහිරු බව තරඟ සංවිධායකවරු නිවේදනය කළා.විශාල මුදලක් ලහිරුට තෑගි විදියට ලැබුණා.ලහිරු ඒවත් අරන් ගෙදර ගියේ නැහැ.එයා සරුංගල් නැතිවෙලා අඬන හැම ළමයෙක් ලඟටම ගියා.එයාගෙ ලස්සන සරුංගලය වගේම එකක් හදලා දෙන්න පොරොන්දු වුණා.හැමෝම ඒ වෙලාවෙම වැඩ පටන් ගත්තා.ලහිරුගෙ තාත්තා වගේම අනෙක් වැඩිහිටියන් ඉක්මනින්ම අවශ්‍ය දේවල් අරගෙන ආවා.

දැන් පිට්ටනිය පුරාම ළමයි සරුංගල් හදනවා.ලහිරු එයාලට කියා දෙනවා.පැය කිහිපයකින් සරුංගල් දහස් ගණනාවක් හදලා ඉවරයි.මොකද්ද දන්නවද ඒවගෙ වෙනස්.ඒ ඔක්කොම ලහිරුගේ සරුංගලය වගේමයි.ඉතින් හැමෝටම හරිම සතුටුයි.කාටවත් ලහිරුගෙ සරුංගලේ ලස්සන ගැන හිත හිතා අනේ මටත් එහෙම එකක් තිබුණා නම් කියලා දුක් වෙන්න දෙයක් නැහැ.හැමෝටම දැන් “හරිම ලස්සන යාළුවෙක්”ඉන්නවා.

තරඟ සංවිධායකවරු අලුත්ම තරඟයක් සංවිධානය කළා.හැමෝම තමන්ගෙ සරුංගල් සතුටින් අහසට යැව්වා.මේ සැරේ නම් කිසිම කලබලයක් වුණේ නැහැ.සරුංගල් ඔක්කොම අහසේ ලස්සනට පාවෙමින් හිනාවුණා.එච්චර ලස්සන සරුංගල් තරඟයක් කවදාවත් කිසිම කෙනෙක් දැකලා තිබුණේ නැහැ.ආව හැමෝටම තෑගි දෙන්න තරඟ සංවිධායකවුරුන්ට සිදුවුණා.

කතාව චම්මි ඉරේෂා කරපුටුගල නැන්දාගෙන්

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Stories

මල් මල් මල්…..

සමනල පුංචා ගෙ නම බූබි.බූබි අදඋදෙන්ම නැගිට්ටා.ඇත්තම කිව්වොත් හිතලා නැගිට්ටා නෙවෙයි,ඇහැරුණා.ඉස්සර වගේ නෙවෙයි.දැන් පැණි බොන්න මල් හරිම අඩුයි.මල් ගහක් හොයා ගන්න ගොඩාක් දුර පියාඹලා යන්න

Read More »
Stories

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද?

Read More »
Stories

බෝලෙට යාළුවෙක්……..

කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක

Read More »
Stories

ලෝකෙ ඉන්නෙ අපි විතර ද?

“මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.” පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා. බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන්

Read More »