hit counter code

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය වෙත යන්නට තීරණය කළා. ඒ තමන්ට හෝ වෙළඳසැලේ කිසිවෙකුට කිසිදා අමතක නොවන දිනයක් ලැබීමට නියමිත බව කිසිසේත්ම දැනගෙන නෙවෙයි.අපගේ ප්‍රීතිමත්ම සහ වටිනාම අවස්ථා සිදු වන්නේ අප ඒවා බලාපොරොත්තු වෙද්දී නෙවෙයි.නමුත් ඒවා අප කිසි දිනෙක නොසිතූ ආකාරයෙන් සියල්ල වෙනස් කරන්නට සමත්. අද අපි ඔබ සමඟ බෙදා ගන්නා කතාව ඒ වගේ කතාවක්.

එය 2017 වසන්තය වූ අතර, Ashleigh Miller-Cross කැනඩාවේ Nova Scotia හි Halifax හි පිහිටි වෙළඳ සැලට ගියේ වෙනදා අන්දමට භාණ්ඩ රැගෙන එන්නටයි. ඇයට දරා ගන්නට නොහැකි අපහසුතාවයක් දැනෙන්නට වුණා. ඇය ඇගේ තත්වය තේරුම් ගැනීමට කෙලින්ම වැසිකිළියට ගියා. මේ අතර, සහකාර ගබඩා කළමනාකරු, Malcolm Comeau, දිවා ආහාර විවේකයෙන් පසු ඔහුගේ කාර්යාලයෙන් පිටව යද්දී, යමක් ඔහුගේ අවධානයට ලක් වුණා.කවුරුන් හෝ කෑ ගසන හඬ ඔහුට ඇසුණා. එකෙණෙහිම, මැල්කම් ඇවිදිමින් කෑගැසීමේ මූලාශ්‍රය සොයා ගැනීමට උත්සාහ කළා. ඔහු හදිසියේම ගබඩාවේ වැසිකිළියෙන් පිටත නතර වුණා.

මුලදී ඔහු එළිමහනේ බලා සිටියද කෑගැසීම නතර නොවූ විට මැල්කම් දොර විවර කර ඇතුළත සිදුවන්නේ කුමක්දැයි විපරම් කළා. ඇෂ්ලී දැඩි වේදනාවෙන් දඟලන අයුරු දුටු ගබඩා කළමනාකරුගේ පළමු අවශ්‍යතාවය වූයේ වහාම ඇයට උපකාර කිරීමයි.

Ashleigh වේදනාවෙන් පමණක් නොව දරුණු කැක්කුමකින්ද පෙළුණු අතර බියෙන් හා ව්‍යාකූලත්වයෙන් යුතු වුණා. මැල්කම් පැවසුවේ ඔහු දොරට තට්ටු කරන විට දරුවා අඩක් එළියට පැමිණ ඇති බවයි. “ඇය මට කෑගැසුවා, ‘මට බබෙක් ලැබෙනවා! කියලා. මම මගේ දුරකථනය අරන්  911 ඇමතුවා,” මැල්කම් සිහිපත් කරනවා.

මැල්කම් පවසන්නේ ඔහු සහ ඔහුගේ ගබඩා සේවකයින් දරුවෙකු බිහි කිරීමට යමෙකුට උපකාර කළ පළමු අවස්ථාව එය බවයි. Ashleigh හට උපකාර කිරීම මිස ඒ මොහොතේ ඔවුන්ට විකල්ප තිබුණේ නැහැ.මැල්කම්ගේ සහ තවත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගේ සහාය ඇතිව දරුවා ප්‍රසූත කරනු ලැබුවා. දරුවා නිරුපද්‍රිතව ප්‍රසූත කළ බව සහතික කිරීමෙන් පසු මැල්කම් පැවසුවේ වෛද්‍යවරයකු සොයා ගැනීම සඳහා ඔහු අසල පිහිටි සායනයකට දිව ගිය බවයි.

ගිලන් රථයක් පැමිණ මව සහ දරුවා රෝහලට රැගෙන ගියා. ඔවුන් කිසිම අනතුරුදායක මට්ටමක සිටියේ නෑ. ඇෂ්ලී සහ ඇගේ ස්වාමිපුරුෂයා වන කයිල් ක්‍රොස් එස්රා නම් පුතෙකුගේ දෙමාපියන් බවට පත් වුණා. බිළිඳාගේ උපතේදී බර රාත්තල් 8ක් පමණ වෙනවා. 

ඔවුන්ට දියණියක් වූ අතර මේ ඔවුන්ගේ දෙවැනි දරුවායි. 

ඇෂ්ලී ඇය ගැබ්ගෙන ඇති බව නොදැන සිටියා.ඇගේ දියණිය වූ මාස දහයක් පමණක් වූ මියා නිසා  ඇය නැවත ගැබ්ගැනීමක්  අපේක්ෂා කළේ නෑ. 

“මීට මාස 10කට කලින් මට Mia ලැබුණු නිසා මගේ බර අඩු වෙලා නෑ කියලා මම අනුමාන කළා… “

ඇය පවසනවා.

Halifax සිල්ලර වෙළඳසැල මේ උපත වෙනුවෙන් සඳහා ක්‍රොස් පවුලට වසරක් වටිනා ඩයපර් තෑගි කළා. Ashleigh, Kyle, Mia සහ Ezra ඔවුන්ගේ තෑග්ග පිළිගැනීමට Bayers Lake වෙත ගියා. අසීරු අවස්ථාවක පිහිටවීම ගැන ඇෂ්ලී සහ සැමියා මැල්කම්ට බොහෝ ස්තූති කළා.

ජීවිතය එවැනි අමුතු ප්‍රාතිහාර්යයන් පිරුණු තැනක්. ඒ හැම තැනකටම ධෛර්යමත්ව මුහුණ දීම මිස වෙන කිසිවක් අපට කළ හැකි නැහැ.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ...

Read More

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ...

Read More

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට...

Read More

Related Posts

Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

අම්මගෙ කේන්තිය පිට වෙන්නේ දරුවො පිටින් ද?

දෙමව්පියන්ගේ ඕනෑ ම හැසිරීමක් දරුවන්ට බලපානවා. කේන්තිය කියාත් වෙනසක් නැහැ. අම්මාගේ කේන්තිය වගේ ම තාත්තාගේ කේන්තියත් එහෙමයි. අපි අද කතා කරන්නේ අම්මාගේ කේන්තිය දරුවන්ට බලපාන

Read More »
Parenting

අලුත් අම්මා කෙනෙකුට ඔක්කොම එපා වෙන්නේ පසු ප්‍රසව විශාදය නිසා විය හැකියි

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) ජීවිතය තුළ ඉටු කරගත යුතු සිහින හැම යුවතියකටම තියෙනවා. දිලානිටත්

Read More »