hit counter code

දරුවා නිසා සැමියා ප්‍රතික්ෂේප කළ බිරිඳක්.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.)

විවාහය එකිනෙකාව දරා ගත යුතු බැඳීමක්.එය අප ඔබට හැමදාම කියන දෙයක්.ඔබ සිතා හෝ නොසිතා කියන සමහර දේවල් නිසා ඔබේ සහකරු අනවශ්‍ය දේට පෙළෙඹෙන්න පුලුවන්.ඒ වගේම ඔබ විවාහය කියන්නේ දරුවෙක් ලබා ගැනීම විතරයි කියලා හිතනවා එයත් ඉතාම වැරදි අදහසක්.මේ දේවල් වලින් වෙන්නේ ඔබේ බැඳීම ගිලිහී යාම විතරයි.අද අපි ඔබට කියන්නෙ එවැනි කතාවක්.

අංජලී යෝජනාවක් මත විවාහ වෙන්නේ රසික එක්ක.ඔවුන් සාමකාමී විවාහ දිවියක් අරගෙන ගියා.ගැටළු නැති ජීවිතයක් ලැබුණු ඔවුන් ඊළඟ අරමුණ ගැනත් ඉක්මනින්ම තීරණය කළා.

“අපිට ගෙයක් තියනවා.වාහනයක් තියනවා.දරුවෙක් ගැන හිතමුද? අපේ ආදායමත් නරකම නෑනෙ..”

අංජලීගේ ඉල්ලීම රසික පිළිගත්තා.ඔවුන් දරුවෙක් පිළිසිඳ ගැනීම විවාහයෙන් මාසයකට පසු සිටම අපේක්ෂා කරා.විවාහයෙන් මාස හතරක් ගෙවෙන තැන ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණා.

“මේ තමයි අපේ වාසනාව..”

අංජලී හිටියේ හරිම සන්තෝසයකින්.ඇය මාස නවයම සතුටින් ගෙවා දැම්මා.රසිකටත් අලුත් අමුත්තා දකින්න පුදුම ආශාවක් සහ නොඉවසිල්ලක් තිබුණා.පුංචි වෙනුර උපදින්නේ ඒ ජීවිත සතුටින් පුරවමින්.

එහෙත් වෙනුරගේ උපත එක්ක බොහෝ දේවල් වෙනස් ගත්තා.වෙනුර ගෙදර අරගෙන ආව පළමුවෙනි දවසේ රසික නිදා ගන්න කාමරයට එනකොට ඔහුගේ කොට්ට සහ ඇඳ ඇතිරිලි ඇඳ මත තිබුණේ නෑ.

“රසික, මං ඔයාට එහා කාමරේ ලෑස්ති කරා.ඔයාගෙ අතක් කකුලක් පුතුගෙ ඇඟට වැටුණොත්..”

අලුතෙන්ම ගත්‍තු තොටිල්ල කාමරයේ මුල්ලක තිබුණා.වෙනුර එහි නිදා ගත්තේ නෑ.රසිකට ඉස්සරහා කාමරය අයිති වුණා.

“පුතා දැන් රෑට අඬන්නේ නෑනෙ..මං එන්නම්..”

රසික එහෙම අහන අහන පාරට පුතාට රෑට නිදහසේ නිදා ගන්න අවශ්‍ය බව අංජලී කියන්න ගත්තා.අන්තිමට මේ කාමරයේ අවුරුදු හතරක්ම නිදා ගන්න රසිකට සිද්ද වුණා.

“පුතාට මං ඕන ඒ හින්දා මං රස්සාවට නොයා ඉන්නම්..”අංජලී ඒ අවසරය අරගෙන දැන් අවුරුදු තුනහමාරක්.ආයේ රැකියාවට යනවද කියලා රසික අහන වාරයක් පාසා ඇය එයට අකමැත්ත පළ කරා.

“ඔයාටත් පුතාටත් ජීවත් වෙන්න මගේ සැලරි එක හොඳටම ඇති.ඒත් ඔයාට මෙහෙම ගේ අස්සෙම ඉන්න පුලුවන්ද?”

රසික අහද්දී අංජලී කීවේ ඇයට ලෝකයේ තියන ලොකුම සතුට පුතු සමඟ රැඳීම බව.තවත් දරුවෙක් ගැන රසික අහන හැමවතාවකමත් අංජලී එයට අකමැති වුණා.ඇත්තටම ඇත්ත කතාව අවුරුදු හතරක් පුරා ඔවුන් කිසිම ලිංගික ක්‍රියාවක නිරත වුණේ නැහැ.ඇයට මේ හිඳීම ගැන නෑදෑයන් සහ මිතුරියන් පවා අනතුරු ඇඟෙව්වා.රසික අනියම් සබඳතාවයකට යොමු වේයැයි පැවසුවා.නමුත් අංජලී එය සතපහකට ගණන් ගත්තේ නෑ.

“මොකක්ද අංජලී මේ ජීවිතේ..මට හිතුණොත් මං වෙන ගෑනියෙක් හොයා ගන්නවා..”

රසික දවසක් කෑගැහුවේ සැබෑ ආවේගයෙන්.අංජලී එයට පොඩ්ඩක්වත් කලබල වුණේ නෑ.ඇය කිව්වේ අමුතුම අමුතු කතාවක්.

“අනේ ඉතින් ඕන නම් හොයා ගන්නකො.මට දැන් පුතා ඉන්නවා රසික.මගෙ මුළු ලෝකෙම එයා.ඔය මල විකාර වැඩවලට දැන් මගෙ ආසාවක් නෑ.අපි දෙමව්පියෝ.මට ඒක මතකයි.ඔයාට අමතක වුණාට.ඒ හින්දා ඔයා එක්කෙනෙක් නෙවෙයි කෙල්ලෝ දාහක් හොයා ගන්න.අනේ මටනම් කමක් නෑ..”

අංජලී එවැන්නක් කිව්වේ රසික අපහසුතාවයට පත් කරන්න.නමුත් සිදු වුණේ යහපත් දෙයක් නම් නෙවේ.

රසික සැබෑවටම පෙම්වතියක් සොයා ගත්තා.සැබෑවටම ඒ ආදරය ඔහු අලුත් කරන්න පටන් ගත්තා.රසික ලස්සනට අඳින්න ගත්තා.පෙම්වතිය නිර්මලා සමඟ පිටතින් ආහාර ගත්තා.ඇය සමඟ නිවාඩු දිනවල ඇවිදින්න ගියා.ආදරය දෙන නිර්මලාට ඔහු තරයේ බැඳෙන්න ගත්තා.මේ කතාව අංජලීට ආරංචි වෙන්නේ ඒ අතරේ.ඇය යකින්නියකගේ වෙස් ගත්තා.ගෙදර බඩු පොළොවේ ගසමින් විලාප දෙන්න ගත්තා.නිර්මලා හමුවන්නට ගොස් ඇයට තර්ජනය කළා.රසිකට පහර දුන්නා.ඇය මෙසේ වියරුවෙන් හැසිරෙනකොට රසික ඇගෙන් ඇසුවේ එකම ප්‍රශ්නයයි.

“ඉතිං අංජලී, ඔයාම නේද කිව්වේ දරුවෙක් එක්ක ඔයා සම්පූර්ණයි කියලා.මගෙ ඕනෑඑපාකම් ඕනෑතැනකින් හොයා ගන්න කියලා.කෙල්ලො දාහක් එක්ක උනත් යාලුවෙන්න කියලා.මං මනුස්සයෙක්.හැඟීම් දැනීම් තියනවා.මං නිර්මලාට ලං වුණේ ඔයා ඕනනම් එහෙම කරන්න කිව්ව හින්දමයි..”

එහෙත් අංජලී ඉතාම ශෝකයෙන් කල් ගත කරන්න වුණා.මිතුරෙකුගේ මැදිහත් වීමෙන් ඔවුන් උපදේශනයට එන්නේ ඉන්පසුවයි.

බොහෝ අය විවාහය ගැන හිතන්නේ ඉතාම සැහැල්ලුවෙන්.මං හිතන විදියමයි එයත් හිතන්නේ කියලා හිතන කාන්තාවන් තමයි බහුතරය හිඳින්නේ.අංජලී හිතුවෙත් එහෙම.”මං පුතා එක්ක ඉන්නවා, එයත් ඔහේ ඉඳී..” ඒ තමයි ඇගේ සිතුවිල්ල වුණේ.නෑයන් සහ මිතුරියන් අනතුරු අඟවනකොට පවා ඇය ගණන් නොගත්තේ ඒ නිසා.ඔබේ හොඳම මිතුරියට ටික දවසක් කතා කරන්න බැරි වුණාම ඇය වෙන මිතුරියකට හාද වෙන අත්දැකීම් ඔබට ඕනෑතරම් ඇති.සැමියා ගැනත් අන්න ඒ සැහැල්ලුවෙන්ම සිතීම ඔබ ඔබට කරගන්නා ලොකුම වරදක්.නීතියෙන් බැඳී, ගතින් සහ සිතින් එක් වී, දරුවන් තැනූ ඔබට සැමියා ඉතා සැහැල්ලු සිතුවිල්ලක් විය යුතු නැහැ.

අංජලී රත්නා මහත්මිය සමඟ කතා කරේ හඬා වැටෙමින්.ඇය සමඟ ඇගේ අම්මාත් පැමිණ තිබුණා.බෑනට වෙනත් සම්බන්ධතාවයක් තිබියදී පරල වීම ඕනෑම නැන්දම්මා කෙනෙකුට පොදුයි.නමුත් ඒ අම්මා සිටියේ රසිකගේ පැත්තේ.

“අපේ දුව හැසිරුණු හැටි හරිම නරකයි මිස්.දරුවා මත්තෙම ඉඳගෙන රසික පුතා අමතක කරනකොට ඕක වෙනවා කියලා මං කිව්වා.රසික නරක කොල්ලෙක් නෙවෙයි.අනියම් සම්බන්ධයක් නෙවෙයි මේ හොයාගත්තේ ආදරේ තියන තැනක්..”

අංජලීගේ අම්මාම එසේ කීවා.රසික බොහොම අවුල් සහගතව පසු වුණා.

“මං විවාහ වුණේ ආදරයෙන් ඉන්න.අනියම් සම්බන්දයක් ගැන හීනෙකින්වත් හිතුවෙ නෑ.අංජලී පුතා එක්කම ඉන්නකොට මට හරි පාලුවක් දැනුණා.මට ඕන උනේ ඒ පාලුව නැති කරගන්න විතරයි.මට ඇත්තටම දරන්න ඉවසන්න බැරි පාලුවක් අවුරුදු හතරක් තිස්සෙ තිබුණා..අංජලි යාලුවන්ටත් කියනව මට ඇහිලා තියනවා වෙන කෙනෙක් හොයා ගන්නවනම් හොඳයි කියලා.මං නිර්මලා හොයාගත්තේ සෙක්ස් කරන්නම නෙවෙයි.එයා මං කෑවද අහනවා.ගෙදර ගියාද අහනවා.මාත් එක්ක කතා කරනවා.අංජලීට ට්‍රිප් එකක් යං කිව්වම දාහක් හේතු කියලා බෑ කියනවා.නිර්මලා මාත් එක්ක ඇවිදින්න ආවා.මට ලැබුණේ මානසික සතුටක්.”

රසික එසේ කියන්න පටන් ගත්තා.නමුත් ඔහු තමන් කරන්නේ වරදක් බවත් දැන සිටියා.ඔහු සාංකාව නැති කර ගන්න තමයි මේ බැඳීම ඇති කරගෙන තිබ්බේ.

හැම බිරිඳකටම සැමියා ළඟම මිතුරා වෙනවා නම් සැමියෙකුට බිරිඳ හොඳම මිතුරිය වෙනවා මෙවැනි ගැටලු පැන නගින්නේ නෑ.තමන්ගේ ඕනෑම දෙයක් සහකරුට පැවසිය හැකිනම්, වරදක් කරත් එය බෙදාගත හැකි නම් සම්බන්ධතාවයක් ශක්තිමත් වෙනවා.මේ ගැටලුවේදී සිදුවී තිබූ තවත් වරදක් තමයි අවුරුදු හතරක් තිස්සේ ඔවුන්ගේ ඈත්වීම උපදේශනයෙන් විසඳාගැනීමට දෙදෙනාගෙන් කෙනෙකුටවත් උවමනාවක් නොමැති වීම.හෙට ඔවුන්ගේ මිතුරෙකුවත් උනන්දු වුණා නම් රසික නිර්මලාට සමීපවන්නේ නෑ.රසික මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරල තිබුනෙත් එක් වතාවක් පමණයි.කිසිම සන්නිවේදනයක් නැතුව මේ ප්‍රශ්නය ඔඩුදුවා තිබුණා.අවසානයේදී අන්ජලී රසිකගෙන් තමන් අතින් වූ වරදට සමාව ඉල්ලුවා.තමන්ට සැමියා බොහෝ මගහැරී ඇති බව ඇය පිළිගත්තා.

ඔබට සහකරු සමඟ ගැටලුවක් තිබෙනවා නම් මුලින් මේ ගැන සාකච්ඡා කරන්න.රණ්ඩු කිරීම උපදේශනය තුල අනුමත කරන්නේ නැහැ.නමුත් සාකච්ඡාව බොහෝ ගැටලු විසඳනවා.අතීතයේ සිදු වූ දේවල් ආවර්ජනය කර බලා ඔබේ වැරදි වටහා ගැනීම ඉතා වැදගත්.

උපදේශනය තුළ සිදුවිය යුතු දේ ගැටලූවකට මුහුණ දීමට ගැටළුව ඇති කෙනාගේ හිත ශක්තිමත් කිරීමයි. අංජලීගේත් රසිකගේ දෙදෙනාගේම හිත ශක්තිමත් කර ඔවුන්ගේ පවුල් ජීවිතය ශක්තිමත් කරන්න උපදේශනයට හැකිවුණා.

බිඳෙන්න ගිය පවුලක් නැවත ගොඩනගන්න උපදේශනය නිසා හැකි වුණේ ඒ ආකාරයෙන්.ඒ නිසා ඔබට ගැටලුවක් තියෙනවා නම් මේ කල් නොයවා උපදේශනයෙන් විසඳගන්න තරයේ මතක තබා ගන්න.

නිබන්ධිකා වන්නිනායක

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Stories

මල් මල් මල්…..

සමනල පුංචා ගෙ නම බූබි.බූබි අදඋදෙන්ම නැගිට්ටා.ඇත්තම කිව්වොත් හිතලා නැගිට්ටා නෙවෙයි,ඇහැරුණා.ඉස්සර වගේ නෙවෙයි.දැන් පැණි බොන්න මල් හරිම අඩුයි.මල් ගහක් හොයා ගන්න ගොඩාක් දුර පියාඹලා යන්න

Read More »
Stories

හරිම ලස්සන යාළුවා

ලහිරු වයස අවුරුදු අටක පොඩි පිරිමි ළමයෙක්.එයා හරිම ආසයි සරුංගල් යවන්න.ඒ විතරක් නෙවෙයි සරුංගල් හදන්නත් ලහිරු හරිම දක්ෂයි.ලහිරුට හරිම ලස්සන සරුංගලයක් තිබුණා.දිග වරලක්,ලස්සන පාට පාට

Read More »
Stories

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද?

Read More »
Stories

බෝලෙට යාළුවෙක්……..

කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක

Read More »