hit counter code

ගබ්සාවට විරුද්ධ වී හෘද රෝගී දියණියට උපත දුන් අම්මා

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

මවක වීම ලෝකයේ ඕනෑම ගැහැනියකට මිහිරිතම අත්දැකීමක්.දෙමාපියන් බවට පත් වන බව දැන ගැනීමෙන් සෑම යුවළක්ම සතුටට පත් වෙනවා. ප්‍රසව වෛද්‍යවරයෙකු මුණ ගැසී ඔවුන් තම ගර්භණීභාවය පිළිබඳ අලුත් දේවල් ඉගෙන ගන්නා විට සහ ඔවුන්ගේ දරුවාව තිරය මත චලනය වන ආකාරය දකින විට නව දෙමාපියන් බොහෝ හැඟීම් අත් දකිනවා

මේ සත්‍ය කතාව අයත් යුවලට තමන්ගේ වෛද්‍යවරයා අනපේක්ෂිත දෙයක් කියනතුරුම තිබුණේ සතුට පමණයි.ඔවුන්ට ලැබෙන්නට යන ගැහැණු දරුවා දුර්ලභ රෝගයකින් පෙළෙන බව හඳුනා ගත් අතර ගැබ් ගැනීම අවසන් කිරීමට වෛද්‍යවරයා ඔවුන්ට විකල්පයක් ලබා දුන්නා.අත්‍යාවශ්‍ය හේතුන් වලට ගබ්සාව යුරෝපයේ තහනම් වන්නේ ද නැහැ.

Gary සහ Kaitlin Lang2017 දී ඔවුන්ගේ ගැබ් ගැනීම ගැන දැනගත් විට පුදුමාකාර සතුටකින් ඇලලී ගියා.මෙම යුවළට නිව් මෙක්සිකෝවේ Albuquerque හි ආහාර ගබඩාවක් තිබුණා.ඔවුන්ගේ පළමු දරුවා පිළිගැනීමට සියල්ලම සූදානම් වෙමින් පැවතියා.

ගැරී සහ කේට්ලින්ගේ ලෝකය උඩු යටිකුරු වූයේ වෛද්‍යවරයා ඔවුන්ගේ ප්‍රසව ස්කෑන් ප්‍රතිඵලවල ඇති වරද කුමක්දැයි පැහැදිලි කරන විටයි.ඔවුන්ගේ දරුවාගේ හදවතේ රූපය එය විය යුතු ආකාරයට නොතිබූ නිසා වෛද්‍යවරයා කම්පන සහගත සත්‍යය හෙළි කිරීමට පෙර තවත් පරීක්ෂණයක් කළා.

පරීක්ෂණ ප්‍රතිඵල දැකීමෙන් පසු වෛද්‍යවරයා විසින් Gary සහ Kaitlin ගේ ළදරුවාට Hypoplastic left heart syndrome නම් දුර්ලභ තත්වයක් ඇති බව හඳුනා ගත්තා. එය එක්සත් ජනපදයේ උපදින ළදරුවන් 3,841 න් 1 දෙනෙකුට පමණ බලපාන්නක්.

වෛද්‍යවරයා මෙම තත්වය ඔවුන්ගේ දරුවාට ඇති කරන බලපෑම ගැන සාකච්ඡා කළා.ගැරී සහ කේට්ලින්ට ඔවුන්ගේ ගැබ් ගැනීම අවසන් කිරීමට විකල්පය ලබා දීම මිස වෙන විකල්පයක් වෛද්‍යවරයාට තිබුණේ නෑ.එහෙත් දෙමාපියන් තම ගැබ් ගැනීම අවසන් නොකරන්නට තීරණය කළා.

ඔවුන්ගේ දරුවා දුර්ලභ රෝගයකින් පෙළෙන බව හඳුනාගෙන ඇති බැවින්, රෝහලේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම මෙම යුවළට තම දරුවා ප්‍රසූත කිරීම සඳහා කොලරාඩෝ වෙත යන ලෙස යෝජනා කළා. ඔවුන්ගේ උපන් නගරය හැර යාමෙන් ගැරීට සහ කයිට්ලින්ට ඔවුන්ගේ ව්‍යාපාර වසා දැමීමට සිදු වුණා.

මෙම යුවළ 2017 ජුනි මස අග වන විට ඔවුන්ගේ ආහාර ගබඩාව වසා දැමීමට දැඩි තීරණයක් ගත්තා.ඔවුන්ගේ කුඩා දරුවා වෙනුවෙන් කොලරාඩෝ වෙත පදිංචියට ගියා. කිසිදු ආදායම් මාර්ගයක් නොමැති නව නගරයක කොපමණ කලක් ජීවත් වීමට සිදුවේදැයි ඔවුන් දැන සිටියේ නැහැ.ඉන්පසු Gary සහ Kaitlin ඔවුන්ගේ ජීවිතයේ දුෂ්කරම කාලය තුළ ඔවුන්ගේ මුදල් කළමනාකරණය කිරීම සඳහා GoFundMe පිටුවක් පිහිටුවා ගත්තා.

2017 සැප්තැම්බර් 11 වන දින, රාත්‍රී 11:56 ට, ගැරී සහ කයිට්ලින් ඔවුන්ගේ කුඩා දියණිය වන කැතරින් ලැන්ජ්ව මෙලොවට පිළිගත්තා.ඇගේ උපත නව මාපියන් සඳහා අසීමිත පරීක්ෂණ සහ අත්හදා බැලීම්වල ආරම්භය සනිටුහන් කළත් ඒ උපත ඔවුන්ට කිව නොහැකි සතුටක් ගෙන දුන්නා.

කැතරින්ට දින හතරක් වයසැති විට ඇය පළමු ශල්‍යකර්මයට භාජනය වුණා. කුඩා රණශූරිය ඇගේ ජීවිතය වෙනුවෙන් සටන් කළ අතර මාස හතරේදී ඇගේ දෙවන සැත්කමට පෙර ටික වේලාවක් ඔක්සිජන් ආධාරකයේ සිටියා. ගැරී දියණිය ගැන පැවසුවේ

“කැතරින් තමයි නිර්භීතම පුංචි කෙල්ල, හැම දෙයක්ම ශූරියක් වගේ  බාර ගන්නවා.” ලෙසටයි.

තම දියණිය විවිධ වෛද්‍ය ක්‍රම වලට භාජනය කරනු දැකීම නව දෙමාපියන්ගේ හද කම්පා කරවන සුළු වූ නමුත් ඔවුන් එය අත්හැරියේ නැහැ. කැතරින්ට හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඔවුන් නගර පවා මාරු කළා.

ගැරී Uber රියදුරෙකු ලෙස සේවය කළ අතර කයිට්ලින් ඔවුන්ගේ කුඩා දේවදූතිය බලා ගැනීමට නිවසේ රැඳී සිටියා. නරකම දේ සිදු වුවද, එය දරා ගන්නට යුවළ ශක්තිමත්ව සිටි අතර වෛද්‍යවරුන් පැවසූ සෑම දේම කළා. 2019 අප්‍රේල් 27 වන දින ගැරී මෙසේ පැවසුවා.

“කැතරින්ට දැන් මාස 19යි. කාලය පිස්සුවෙන් වගේ දුවනවා. අපේ අන්තිම හෘද රෝග විශේෂඥවරයාගේ වාර්තාව නරක නැහැ.”

දිනෙන් දින කැතරින්ගේ තත්ත්වය යහපත් අතට හැරුණත් ඇය තවමත් අනතුරෙන් මිදී නැහැ. කෙසේ වෙතත්, එය කුඩා දැරියගේ ජීවිතය සතුටින් ගත කිරීමට බාධාවක් වූයේ නෑ. මාස ගණනක කනස්සල්ලෙන් හා ආතතියෙන් පසු ගැරී සහ කයිට්ලින්ට ඉක්මනින්ම හොඳ ආරංචියක් ලැබුණා.

2019 නොවැම්බර් 22 වන දින ඔවුන්ගේ දෙවන දරුවා වන තෝමස් මේ ලෝකයට පැමිණියා. කැතරින් ඔහු සමඟ සෙල්ලම් කිරීමට ප්‍රිය කරන බව පැහැදිලි වුණා. කෙසේ වෙතත්, මාස කිහිපයකට පසු කැතරින් හදිසියේම අසනීප වූ විට තත්වය වෙනස් මුහුණුවරක් ගත්තා.

2020 මැයි මාසයේදී, කුඩා කැතරින් තවත් ශල්‍යකර්මයකට භාජනය වූ අතර ඇගේ දෙමාපියන් ඇයගේ සුවය පතා යාච්ඤා කළා. ගැරී සහ කයිට්ලින් තම කුඩා දැරිය වේදනාවෙන් සිටිනු බලා නිහඬව හඬමින් තම කුඩා දැරියට හැකි සෑම ආකාරයකින්ම සහයෝගය දැක්වූවා.

2022 සැප්තැම්බර් 11 වන දින, කැතරින්ට වයස අවුරුදු පහක් සම්පූර්ණ වූවා. ඇයට දැන් ඇගේ වයසේ අනෙක් දරුවන් මෙන් ජීවත් විය හැකි නමුත් සම්පූර්ණයෙන්ම අනතුරෙන් මිදී නැහැ. ගැරී FOX 13 පුවත් වෙත පැවසුවේ:

“ඇයට ඕනෑම වේලාවක හෘදයාබාධයක් ඇතිවිය හැකියි. ඕනෑම වේලාවක ආඝාතයක් ඇති විය හැකියි.” ලෙසටයි.

“ඇයට වයස අවුරුදු පහයි. ඇය දැනටමත් ජීවිතයේ බොහෝ දේ අත්විඳ තිබෙනවා,” ගැරී පවසයි. කැතරින්ගේ තත්ත්වය මේ වන විට ඇගේ අක්මාවට බලපා ඇති බව ඔහු හෙළි කරනවා. වෛද්‍යවරුන් පවසා තිබුණේ එම ඖෂධ ක්‍රියා නොකළහොත් කැතරින්ට අක්මාව සහ හදවත බද්ධ කළ යුතු බවක්.

ගැරී සහ කයිට්ලින් කැතරින්ගේ තත්ත්වය පිළිබඳව ඒ රෝගයම ඇති දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමට කාලය ගත කරනවා. හෘදයාබාධ ඇති දරුවන්ගේ දෙමාපියන්ට ද මුදල් පරිත්‍යාග කරනවා.

ප්‍රාතිහාර්යයන් සියල්ලන්ටම ඉහළින් පවතින නිසා කැතරින් සම්පූර්ණයෙන් සුවය ලැබිය හැකියි.ඇය කුඩා වීරවරියක්.ජීවිතය තරයේ අල්ලා ගත් කුඩා සෙබළියක්.ඒ නිසා ඇය ඉක්මනින්ම සුවපත්වීම සහතිකයි.

නිබන්ධිකා වන්නිනායක

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Stories

මල් මල් මල්…..

සමනල පුංචා ගෙ නම බූබි.බූබි අදඋදෙන්ම නැගිට්ටා.ඇත්තම කිව්වොත් හිතලා නැගිට්ටා නෙවෙයි,ඇහැරුණා.ඉස්සර වගේ නෙවෙයි.දැන් පැණි බොන්න මල් හරිම අඩුයි.මල් ගහක් හොයා ගන්න ගොඩාක් දුර පියාඹලා යන්න

Read More »
Stories

හරිම ලස්සන යාළුවා

ලහිරු වයස අවුරුදු අටක පොඩි පිරිමි ළමයෙක්.එයා හරිම ආසයි සරුංගල් යවන්න.ඒ විතරක් නෙවෙයි සරුංගල් හදන්නත් ලහිරු හරිම දක්ෂයි.ලහිරුට හරිම ලස්සන සරුංගලයක් තිබුණා.දිග වරලක්,ලස්සන පාට පාට

Read More »
Stories

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද?

Read More »
Stories

බෝලෙට යාළුවෙක්……..

කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක

Read More »