hit counter code

Dinithi Chathubhashinie

ගර්භණී ඔබ අපහසුතාවට පත් කරන ගර්භණී සමයේ කකුල් ඉදිමුම

දරුවෙක් කුසට ආවාම තියෙන ප්‍රධානම ගැටලු වලින් එකක් තමයි කකුල් ඉදිමුම, එහෙමත් නැත්නම් කකුල් තඩිස්සිය. ගැබිනි සමය තුළදි ශරීරයේ සිදුවන වෙනස්කම් එක්ක ගර්භණී සමයේ කකුල් ඉදිමුම ගැන හැමදේම දැනගනිමු. ගර්භණී සමයේ කකුල් ඉදිමුම ඇති වෙන්නේ කොහොමද? මේ කාලෙදි ශරීරයේ රුධිර පරිමාව වැඩි වෙනවා. බර වැඩි වෙනවා. මේ වැඩිවන පරිමාව ඔබව දරු උපත සඳහා සුදුසු ලෙස […]

ගර්භණී ඔබ අපහසුතාවට පත් කරන ගර්භණී සමයේ කකුල් ඉදිමුම Read More »

කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන්නේ මෙහෙමයි

ලොව පුරා අම්මලට තියෙන ලොකුම යුද්ධය තමයි බබාලට කෑම කවන යුද්ධය. අම්මා කෙනෙක් වෙන්න කලින් කෙතරම් පොත පත දැනුම ලබා කෑම කැවීම ගැන දැනුම ලබා ගත්තත් දරුවාට ආහාර ලබා දීම ආරම්භ කළ පසු එය සැබෑම අභියෝගයක් වෙනවා.මේ අභියෝගය පහසුවෙන් ජයගන්නට කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන ක්‍රම කිහිපයක් මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙනවා. ● හැඩය

කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන්නේ මෙහෙමයි Read More »

කළලයේ බුද්ධි වර්ධනය වෙනුවෙන් මවට කළ හැකි දේ

මව්කුස තුළ දරු පැටියාගේ විකසනය කියන්නේ ඉතා චමත්කාර ජනක අවධි පෙළක්. දරුවාගේ කායික වර්ධනය එක්කම මානසික වර්ධනයත් කළල අවධියේදි සිදුවනවා. වැඩුණු දරුවාගේ සාමාජයීය හැසිරීමට මේ කළල අවධියේ පටන් වන මානසික සංවර්ධනය වැදගත් කියලා අපේ පැරැන්නන් ඒ කාලෙ ඉඳන් අවබෝධ කරගෙන සිටියා. ඒ නිසා තමයි ඔවුන් විවිධාකාරයේ ක්‍රියාකාරකම් වලින් ගැබිනි මවට නිතරම ප්‍රියජනක වටපිටාවන් නිර්මාණය කරලා

කළලයේ බුද්ධි වර්ධනය වෙනුවෙන් මවට කළ හැකි දේ Read More »

දරුවාගේ බර අඩු නම්?

අලුත උපන් දරුවෙකු කෙමෙන් වර්ධනය වන විට දරුවාගේ බර සෞඛ්‍ය සම්පන්න මට්ටමකින් පවත්වාගෙන යාම මවක් මුහුණදෙන අභියෝගයක්. දරුවා අලුත් ලෝකයට හුරු කරමින් රෝගවලින් ආරක්ෂා කරමින් වයසට නියමිත බර පවත්වාගෙන යාම එතරම් පහසු කටයුත්තක් නොවේ. ● දරුවෙක්ගේ බරෙන් කියැවෙන්නේ කුමක් ද? බර යනු දරුවාගේ වර්ධනය පිළිබඳ පිටතින් බලා මැනගත හැකියි ප්‍රධාන සාධකයයි. බර හොඳ මට්ටමක දිගින්

දරුවාගේ බර අඩු නම්? Read More »

ගර්භනීභාවය සහ රූපලාවන්‍යය

අපි හැමෝම කැමතියි ලස්සනට පියකරුව ඉන්න. එයට වයස් භේදයක් නැහැ. කාන්තාවක් වශයෙන් ඔබ රූපලාවන්‍යය ගැන සැලකිලිමත් වනවා වාගෙ දෙගුණයක් ගර්භනී මවක් වශයෙන් සැලකිලිමත් විය යුතු බව ඔබ දන්නවාද? ඉතින් අපි අද ගර්භනීභාවය සහ රූපලාවන්‍යය ගැන සාකච්ඡා කරන්නට සිතුවා. බොහෝ රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් තුළ රසායනික සංඝටක ඇතුළත්. ස්වාභාවික ද්‍රව්‍යයන් පමණක් අඩංගුයි ලෙස සටහන් වුවත් ඒවායෙ අහිතකර සංයෝග

ගර්භනීභාවය සහ රූපලාවන්‍යය Read More »

අම්මාගෙ දොළ දුක අනුව දරුවා ගැන ඉඟි කියන්න පුලුවන් ද?

ගර්භණී මවකට හැමෝම දක්වන්නෙ ගෞරවනීය ආදරයක්, සැලකිල්ලක්. මේ කාලයේදී ඇයගේ කටයුතු පහසු කරන්න උදව් කරනවා වගේම ඇය කැමති ආහාර පාන ලබාදෙන්නත් හැමදෙනාම උත්සාහ කරනවා. මෙහිදී ආහාර පාන වලට වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙනවා අපට දැකගන්නට පුලුවන් . ඒ ගර්භනී කාන්තාවක් මේ කාලයේදී සමහර ආහාර පාන ගන්න දක්වන සුවිශේෂීයත්වය හේතුවෙනුයි. මෙය ව්‍යවහාරයේදී ‘ දොළදුක ‘ යනුවෙන් හඳුන්වනවා. මෙහි

අම්මාගෙ දොළ දුක අනුව දරුවා ගැන ඉඟි කියන්න පුලුවන් ද? Read More »

ගර්භණී දියවැඩියාව (Gestational Diabetes) පිළිබඳව ඔබ දැනුවත්ද?

කොහොමද මේ තත්වය ඇතිවෙන්නේ? ගැබිණි සමයේදි ඇතිවන දියවැඩියාව ඉතා බරපතල ලෙස අවධානය යොමු කළ යුතු තත්ත්වයක්. මෙය ගැබිණි සමයට පෙර ඉතා නීරෝගීව සිටි කාන්තාවකට වුවත් වැළඳිය හැකියි. ගර්භණී දියවැඩියාව, එනම් Gestational diabetes වළක්වා ගැනීම නීරෝගී ගර්භ සමයකට වගේම නීරෝගි දරු උපතකටත් උදව් වෙනවා. බොහෝ විට ගර්භණී සමයේදි සිදුවන හෝමෝන වෙනස්කම් නිසාවෙන් මේ ගර්භණී දියවැඩියාව තත්වය

ගර්භණී දියවැඩියාව (Gestational Diabetes) පිළිබඳව ඔබ දැනුවත්ද? Read More »

මව නිර්මාංශ (vegan/vegetarian) වීම කුසෙහි දරුවාට හානි කරද ?

ලොව පුරා සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කරන පිරිස පෙරට වඩා වැඩි අගයක් ගන්නා බව සංඛ්‍යා ලේඛන මගින් පවා සනාථ වෙනවා. නිර්මාංශ (Vegan/Vegetarian) සංවිධාන බිහිවී ඒ ඔස්සේ විවිධ සැමරුම් උත්සව ආදියත් සංවිධානය වනවා. විවිධාකාර හේතු මත මිනිසුන් සත්ව ආහාර ප්‍රතික්ෂේප කරනවා. තනි පුද්ගලයෙකු වශයෙන් නිර්මාංශ වන අයකුට එයින් වන බලපෑම පිළිබඳව ප්‍රශ්නයක් නොමැති වුවත් මවක්

මව නිර්මාංශ (vegan/vegetarian) වීම කුසෙහි දරුවාට හානි කරද ? Read More »

මාස හයට අඩු දරුවන්ට මවුකිරිවලට අමතරව වතුර දිය හැකිද?

අලුත උපන් දරුවාට මුල් මාස හය තුළ ‘මවුකිරි පමණක්ම’ දිය යුතු බව වෛද්‍ය නිර්දේශයයි. මවුකිරිවලට අමතරව කිසිදු දියර වර්ගයක්; අවම වශයෙන් ජලය වත් දරුවකුට නොදෙන ලෙස මවට උපදෙස් ලැබෙයි. එයට හේතු ගණනාවක් ඇත. ඒ සියල්ල ගැන දැනුවත්ව සිටීම අලුත් අම්මා කෙනෙකුට දරුවා සමග කටයුතුවලට වඩා පහසුවක් ඇති කරයි. උණුසුම් දිනවල වතුර දෙනවා ද? මුල් මාස

මාස හයට අඩු දරුවන්ට මවුකිරිවලට අමතරව වතුර දිය හැකිද? Read More »

අලුත උපන් පැටියගෙ පෙකනි සාත්තුව හරියට ම කරන්නෙ මෙහෙමයි

කුස සැහැල්ලු වී දරුවා දෝතට එන තුරු අම්මා කෙනෙකුට ඇත්තේ නොඉවසිලිමත් බලාපොරොත්තුවක්. කුඩා බිළිඳා දෝතට ගත් විට සතුට සමග මුසු වූ වගකීම්සහගත බියමුසු හැඟීමක් ද නොදැනෙනවා නොවේ. ලෝකයට අමුත්තෙකු වූ පුංචි සිඟිත්තෙක් රැක ගැනීම පහසු කාර්යයක් වන්නේ නැහැ. වැදෑමහෙන් වෙන් වී පිටතට එන විට දරු පැටියා රැගෙන එන කුසේ දී මව සමග යා වූ බැඳීමේ

අලුත උපන් පැටියගෙ පෙකනි සාත්තුව හරියට ම කරන්නෙ මෙහෙමයි Read More »