hit counter code

ගර්භණී ඔබ අපහසුතාවට පත් කරන ගර්භණී සමයේ කකුල් ඉදිමුම

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුවෙක් කුසට ආවාම තියෙන ප්‍රධානම ගැටලු වලින් එකක් තමයි කකුල් ඉදිමුම, එහෙමත් නැත්නම් කකුල් තඩිස්සිය. ගැබිනි සමය තුළදි ශරීරයේ සිදුවන වෙනස්කම් එක්ක ගර්භණී සමයේ කකුල් ඉදිමුම ගැන හැමදේම දැනගනිමු.

ගර්භණී සමයේ කකුල් ඉදිමුම ඇති වෙන්නේ කොහොමද?

මේ කාලෙදි ශරීරයේ රුධිර පරිමාව වැඩි වෙනවා. බර වැඩි වෙනවා. මේ වැඩිවන පරිමාව ඔබව දරු උපත සඳහා සුදුසු ලෙස සූදානම් කරනවා. අපේ ශරීරයේ බර දරාගෙන සිටින්නෙ පාද නිසාත්, ගුරුත්වාකර්ෂණය නිසාත් මේ වැඩිවන පරිමාව පහසුවෙන් පාද වලට එකතු වෙනවා. ඒ නිසා පාද සහ ඉදිමෙනවා. දරු උපත සමඟ මේ වැඩිවුණ ද්‍රව පරිමාව අඩුවන නිසා ඉබේම මේ ඉදිමුම පහවෙලා යනවා.

සාමාන්‍යයෙන් ගර්භණී සමයේ මුල් මාස තුන ඇතුළත සාමාන්‍ය සුළු ඉදිමුමක් අත් පා සහ මූණේ දකින්න ලැබෙනවා. නමුත් මේ ඉදිමුම ඉතා විශාලයි නම් හෝ ඉදිමීම සමඟ හිසරදය , කරකැවිල්ල සහ රුධිර වහනයක් සිදු වුණොත් ඔබ ඉක්මණින් වෛද්‍ය සහය පැතිය යුතුයි. සාමාන්‍යයෙන් මාස පහේදි වගේ සැලකිය යුතු මට්ටමේ කකුල් ඉදිමුමක් දකින්නට ලැබෙනවා.

තෙවන ත්‍රෛමාසිකයෙ ඉඳන් දරු උපත දක්වා කාලය තුළ ඉදිමුම ඉතා සුලභයි. ඒ වගේම පෙරට වඩා වැඩියි. දරු ගැබේ බර වැඩිවීමත් එක්කම පාද වල ඉඳන් හදවතට රුධිර සංසරණයට බාධා වීමත් එක්ක පෙරට වඩා වැඩියෙන් කකුල් ඉදිමෙන්න ගන්නවා. මීට අමතරව ගර්භණී ඔබ ඉතා උණුසුම් කාලගුණයක් අත්විඳිනවා නම්, දවසේ වැඩිවෙලාවක් දෙපයින් සිටගෙන ඉන්නවානම්, ජලය අඩුවෙන් පානය කරනවානම් සහ කෝපි පානය කරනවානම් මේ තත්වය වැඩිපුර අත්විඳින්නට පුළුවන්. මේ තත්වය සාමාන්‍යයෙන් බොහෝ මවුවරුන්ට දරු උපතත් සමඟ පහවෙලා යනවා..

ගර්භණී සමයේ කකුල් ඉදිමුම ඇති වුණාම වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕනෙද?

ගර්භණී සමයේ ඉදිමුණු දෙපා කියන්නේ ඉතා සාමාන්‍ය සුලභ දෙයක්. නමුත් සමහරුන්ට දෙපා ඉදිමුම කියන්නෙ Preeclampsia කියන රෝගී තත්වයේ සලකුණක් වෙන්න පුළුවන්. මෙය ගැබිනි සමයේදි අන්තරාදායක පරිදි අධිරුධිර පීඩනය ඇතිකරවන රෝගී තත්වයක්.

ගර්භණී ඔබ,
ඔබේ දෑත් , දෙපා, මුහුණේ සහ ඇස් වටා ක්ෂණික ඉදිමුමක්
ක්ෂණිකව වැඩිවන ඉදිමුමක්
ක්ලාන්ත ගතියක්
පෙනීමේ අපහසුතා
අධික හිසරදයක්
හුස්මගැනීමේ අපහසුතා
සිහිමදවීමේ ස්වාභාවයක්
අත්විඳිනවානම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමුවිය යුතුයි !

ගර්භණී ඔබ එක් පාදයක පමණක් ඉදිමුමක් අත් විඳිනවානම් සහ එම ඉදිමුම වේදනාකාරී සහ රත්පැහැයෙන් යුක්තව තරමක උණුසුමක් සහිත නම් ඔබ ගර්භණී සමයේ නහර ගැටගැසීම හෙවත් Deep Vein Thrombosis යන තත්වයට මුහුණ දෙමින් සිටිනවා. මේ තත්වය ඇතිවන්නේ පාදයේ සිට හදවතට ඔක්සිජන් රහිත රුධිරය ගෙනයන රුධිර වාහිනියක් අවහිරකරමින් රුධිර කැටියක් හිරවීම නිසායි. මෙවැනි තත්වයක් දුටු වහාම ඔබ වෛද්‍යවරයෙක් කරා යොමු විය යුතුයි!

අන් අයට සාමාන්‍ය වුවත් ඔබ අත්විඳින ඉදිමුම් ඔබට මානසික ව්‍යාකූලතාවයක් ගෙන එනවානම් වහාම ඔබගේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව සමඟ ඒ පිළිබඳ කතා කරන්න. එය ගැබිණි ඔබගේ මානසික සෞඛ්‍යය රැක දේවි…

කොහොමද මේ තත්වයෙන් අත්මිදෙන්නේ ?

ඉදිමුණු දෙපා වේදනාකාරී වුවත් නොවූවත් ඉතා අපහසුතාදායක තත්වයක්. නමුත් වාසනාවකට වගේ මේ තත්වය සමනය කරන්න ගෙදරදීම කරගන්න පුළුවන් පහසු ක්‍රම සහ විධි තිබෙනවා..

ලුණු අඩංගු ආහාර අඩු කරන්න.
ලුණු වල අඩංගු සෝඩියම් වලින් අපේ ශරීරයේ අතිරික්ත ජලය එකතු කරනවා. එමනිසා හැකිතාක් ලුණු එකතු කරන ලද ආහාර අඩු කරන්න. ඔබේ කෑම වේලට එකතු කරන අමතර ලුණු ප්‍රමාණය අඩු කරන්න.

පොටෑසියම් අඩංගු ආහාර වැඩි කරන්න.
ශරීරයේ ජලය පාලනයට පොටෑසියම් අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක්. අර්තාපල් , බතල, රතුඅල, කෙසෙල්,නිවිති, බෝංචි ,යෝගට්, කැරට්, දෙළුම්, පරිප්පු ආදිය පොටෑසියම් බහුල ආහාර වෙනවා.

කෝපි සහ කැෆේන් අඩංගු ශක්තිජනක පාන අඩු කරන්න.
අධික කැෆේන් පරිභෝජනය කළලයට හානිකරයි වගේම ඉදිමුමත් වැඩි කරනවා. හැකිතාක් කෝපි පානය අඩු කරන්න. ඒ වෙනුවට ඔබට කිරි කෝපි සහ පෙපර්මින්ට් ටී වගේ ඖෂධීය තේ ශක්තිජනන පාන වශයෙන් එක්කරගන්න පුළුවන්.

වැඩිපුර වතුර බොන්න.
අවම වශයෙන් දවසට වතුර වීදුරු දහයක්වත් බොන්න මතක තබාගන්න. එය ඔබේ සිරුරෙන් අපද්‍රව්‍ය බැහැර කරන්න උදව් වෙනවා. ඒ වගේම වකුගඩු වල ක්‍රියාකාරීත්වයටත් ඉතා හොඳයි. නිකම්ම වතුර බොන්න කම්මැලියි වගේනම් වතුරට කොමඩු කෑල්ලක්, ලෙමන් කෑල්ලක් වගේ දාලා රස ගන්වලා බොන්නත් ඔබට පුළුවන්.

දෙපා උසකින් තබාගෙන විවේකගන්න.
ඔබ සිටගෙන සිටියත්, දෙපා පහළට එල්ලාගෙන හිඳගෙන සිටියත් එයා දෙපා ඉදිමුමට හේතු වෙනවා. එමනිසා හැකි සෑම විටම ඉඳගන්නාවිටත් දෙපා මදක් උසකින් තබාගන්න. (ඉස්සරහින් පොඩි පුටුවක් හෝ ස්ටූල් එකක් මත තබාගෙන)

දෙපා සම්භාහනය කරන්න.
මෙය ඉදිමුම අඩු කිරීමට පමණක් නොවෙයි, මානසික සුවතාවයටත් එක ලෙසින් උදව් වෙනවා නොඅනුමානයි. ඔබට මේ සඳහා ඔබේ සහකරු උදව් වේවි. එහෙම නැතිවුණත් ඔබේ හිතවතෙක්, අසල්වාසියෙක් ඔබේ උදව්වට පැමිණේවි..

සැහැල්ලු ඇඳුම් අඳින්න. සැහැල්ලු පාවහන් පළදින්න. අඩිඋස පාවහන්, හිර පාවහන් වලින් ඈත් වෙන්න.
හැකි සැමවිටම සිහිල් තත්ව යටතේ සිටින්න.
අවම වශයෙන් දවසට කිහිප වතාවක් මිනිත්තු 5-10ක් ඇවිදින්න

ඉතිං ගැබිණි සමයේ දෙපා ඉදිමුම අතිශයින් සාමාන්‍යයයි. නමුත් ඔබ ඒ පිළිබඳ ව්‍යාකූලත්වයට පත් වෙලානම් හෝ ඉහත සඳහන් කළ අස්වාභාවික තත්වයන් අත් විඳිනවානම් හෝ වහාම වෛද්‍ය උපදෙස් පතන ලෙසට අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

කිරිකැටි සිඟිත්තාගේ ආගමනයත් එක්ක ඔබේ ඉදිමුණු දෙපා ඔබට අමතක වේවි.. එතකොට ඔබේ සම්පූර්ණ අවධානය ඒ පුංචි දෙපා වලට යොමුවෙලා තියේවි.. ඉන්පස්සෙ ඔබේ දෙපා දිහා ඔබ බලද්දි, ඔබේ දෙපා පෙර තිබූ තත්වයටම ඇවිත් තියෙන හැටි ඔබ දකීවි..

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Pregnancy

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය

Read More »
Pregnancy

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම්

Read More »
Intimacy

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම

Read More »
Pregnancy

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන

Read More »