hit counter code

කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන්නේ මෙහෙමයි

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ලොව පුරා අම්මලට තියෙන ලොකුම යුද්ධය තමයි බබාලට කෑම කවන යුද්ධය. අම්මා කෙනෙක් වෙන්න කලින් කෙතරම් පොත පත දැනුම ලබා කෑම කැවීම ගැන දැනුම ලබා ගත්තත් දරුවාට ආහාර ලබා දීම ආරම්භ කළ පසු එය සැබෑම අභියෝගයක් වෙනවා.මේ අභියෝගය පහසුවෙන් ජයගන්නට කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන ක්‍රම කිහිපයක් මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙනවා.

● හැඩය පැහැය වෙනස් කළොත් වැඩිය හොඳයි

දරුවන්ට කෑම කැවීමේ දී එකම වර්ගයේ ආහාර දිනපතා එකම ආකාරයෙන් ලබා දීමෙන් දරුවන් එම ආහාර ප්‍රතික්ෂේප කරන්නට උත්සාහ දරනවා. උදාහරණයක් වශයෙන් දරුවාට කැරට් ආහාරයට දෙනවා යැයි සිතමු. කැරට් අලය වෙනස් හැඩතලවලට කපා ඇසට ප්‍රිය උපදවන ආකාරයට හැඩ ගන්වන්නට පුළුවන්. මුලින්ම දරුවාගේ අවධානය යොමුවන්නේ ආහාරයේ පෙනුමටයි. ප්‍රියමනාප අලංකාර කෑම පිඟානක් දරුවාගේ ආහාර රුචිය වඩවනවා. බත් ඉඳිආප්ප, පිට්ටු වැනි සුදු පැහැති ආහාරවලට එළවළු සහ පලා වර්ග උපයෝගී කරගනිමින් වෙනස් පාට එකතු කරන්ට පුළුවන්. අලංකාර වර්ණ සහ හැඩතල දරුවන්ගේ ආකර්ෂණය වේගයෙන් ග්‍රහණය කර ගන්නවා. එවිට දරුවෝ සතුටින් ආහාර ගන්නට හුරු වෙනවා.

● එකම කෑම විවිධ විදිහට දෙන්නත් පුලුවන්

බිත්තර දරුවන්ට ඉහළ පෝෂණයක් ලබා දිය හැකි ආහාරයක්. බිත්තරයක් තම්බා ආහාරයට ගන්නට සමහර දරුවන් වැඩි රුචියක් දක්වන්නේ නැහැ. එවැනි දරුවකුට ඔම්ලට් එකක් හෝ බිත්තර සැකසිය හැකි වෙනත් ආකාරයකට සකස්කර දීම වඩාත් සුදුසුයි. ආහාර සකස් කිරීමේදී දරුවාගේ වැඩි රුචිකත්වය පිළිබඳව නිතර විමසිලිමත් විය යුතුයි. දරුවා වැඩිපුර කැමති ආකාරයට වෙනස් ආහාර වට්ටෝරු අත්හදා බලමින්, එක දිගට එකම ආකාරයකින් නොවී වෙනස් වෙමින් ආහාර සැකසීම තුළින් දරුවාගේ ආහාර රුචිය වැඩි දියුණු කරන්නට පුළුවන්.

● මේ දේවල් දරුවාගෙන් දරුවාට වෙනස් වෙන්නත් පුළුවන්.

ආහාර විවිධත්වය වුවත් සෑම දරුවෙකුට ම එකසේ බලපාන්නේ නැහැ. එක් දරුවෙක් ආහාරයට ගන්නට කැමති දේවල් තව දරුවෙකුගේ අකමැතිම ආහාර විය හැකියි. එසේම එක් දරුවෙක් එකම ආහාරය ගන්නට කැමති වට්ටෝරුව තවත් දරුවෙකුට නොගැලපෙන්න පුළුවන්. ඒ නිසා දරුවාගේ ආහාර රුචිය වඩවන්නට නම් අලුත් ආහාර හඳුන්වා දීමේ දී දරුවා හොඳින් අධ්‍යයනය කළ යුතුයි. උදාහරණයක් ලෙස යෝගට් කෝප්පය සම්පූර්ණයෙන්ම හිස්කළ නිසා සවසටත් යෝගට් ලබා දීමෙන් දරුවාට යෝගට් එපා වෙන්න පුළුවන්.
දරුවෙකු පිළිබඳව විවිධ අත්හදා බැලීම් කරමින් විමර්ශනශීලීව කටයුතු කිරීමෙන් ආහාර රුචිය ඉහළ නංවන්නට හැකියි.

● කෑම කවන භාජනයත් වැදගත්

දරුවාට කෑම කවන්නට භාවිතා කරන පිඟාන, කෝප්පය ආකර්ෂණීය වීම මගිනුත් ආහාර රුචිය වඩවන්නට පුළුවන්. විවිධ වර්ණවලින් යුතු විවිධ හැඩතලවලින් යුතු පිඟන් සහ කෝප්ප භාවිතා කිරීම මගින් ද දරුවා තුළ ආහාරයට කැමැත්තක් ඇති කරන්නට හැකියාව තිබෙනවා. භාවිතයට ගන්නා පිඟානට ආහාර බෙදීමේදී ද නිර්මාණශීලී වීමට හැකිනම් මේ ආකර්ෂණීය බව තව වැඩි කරන්නට පුළුවන්. කම වේලේ අඩංගු වන කෑම වර්ගවලින් විවිධ සතුන්ගේ හැඩතල, දේදුනු, මල් වර්ග, කොළ වර්ග ආදී දේවල් රටා මවන්නට හැකි නම් ඒවා වේගයෙන් දරුවන්ගේ සිත් ඇද ගන්නා කාරනා බවට පත් වෙනවා.

● කෑම එක්ක විනෝදය

පුංචි දරුවන් ක්‍රීඩාවලට විශාල කැමැත්තක් දක්වනවා. කෑම කවන මොහොත පුංචි විනෝදමත් අවස්ථාවක් වනවා නම්, ඒ මොහොත ක්‍රීඩාවක සිරියක් ගන්නවා නම් දරුවන් වැඩි රුචියකින් ආහාර ගන්නට පෙළඹෙනවා. දරුවාට තවත් සහෝදරයින් සිටී නම් ඔවුන්ව සම්බන්ධ කර ගනිමින් නැතිනම් දරුවාගේ පුංචි බෝනික්කන් ආදිය වටකරගෙන ඔවුන්ටත් කෑම කවමින් කෑම වේලාවට තරගකාරී මුහුණුවරක් දිය හැකි නම් දරුවා කැමැත්තෙන් ආහාර ගන්නට පොළඹවා ගැනීම අසීරු වන්නේ නැහැ. තමන්ගේ දරුවා රඳවා ගත හැකි පුංචි ක්‍රීඩා නිර්මාණය කර ගන්නට මව්වරුන්ට පුළුවන්.

● රස වෙනස් කරනවද

දරුවාට අවුරුද්දක් වෙනතුරු ලුණු සහ සීනි කිසිසේත්ම භාවිතා නොකළ යුතුයි. නමුත් ලබා දෙන කෑම වේල විවිධත්වයකින් යුතුව සකස් කරන්නට පුළුවන්. බත් තලපය ලබා දෙන කාලයේදී එක් දිනක් තෙම්පරාදු කර සකස් කරන බතට ඊළඟ දිනයේ දී පොල්කිරි ස්වල්පයක් එකතු කරන්නට පුළුවන්. තවත් දිනකට බටර් ස්වල්පයක් එක් කරන්නටත් හැකියි.

කුඩා අවධියේ සිට ම එක් තැනක අසුන්ගෙන පිළිවෙලට ආහාර ගැනීමේ පුරුද්ද දරුවන් තුළ ඇති කළ යුතුයි. ඒ නිසාම ඇවිදිමින් කෑම කැවීම නම් අනුමත කරන්නට බැහැ. හැකි සෑම විටකම පැහැයෙන්, හැඩයෙන්, රසයෙන් විවිධත්වය ඇති කරමින් එකතැන රඳවාගෙන කළ හැකි විවිධ ක්‍රියාකාරකම් භාවිතා කරමින් විනෝදය ගෙන දෙමින් කෑම කවන්නට හැකිනම් දරුවා අරුචියකින් තොරව සතුටින් ආහාර ගන්නට පුරුදු වනු ඇති.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Nutrition

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. අපේ ආහාර පුරුදුවලින් මෙවැනි බෝ නොවෙන රෝග වළක්වන්නට දෙමව්පියන් විදිහට ඔබට හැකියාව

Read More »
Toddler

සිඟිත්තාට නින්ද පුහුණු කරන්නේ කොහොමද ?

ඔයාගේ ගෙදරත් පුංචි පැටියෙක් ඉන්නවද ? එහෙනම් අනිවාර්යෙන්ම ඔයාගේ නින්දහොරු අරන් ගිහින් වෙන්න ඕනී. ඔව් හැම අම්මා කෙනෙක්ම චූටී පැටියා වෙනුවෙන්තමන්ගේ නින්ද කැප කරන්න ලෝබ

Read More »