hit counter code

March 16, 2023

ලෝකෙ ඉන්නෙ අපි විතර ද?

“මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.” පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා. බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන් ගන්න යන්නෙ.ඒ නිසා ඉතින් එයා හිතන් ඉන්නෙ ලෝකෙ පිරිලා තියෙන්නෙ වලස්සුන්ගෙන්ම විතරයි කියලා. අම්මයි තාත්තයි නම් මුකුත්ම කිව්වෙ නැහැ.දැනටමත් ටිකක් පරක්කුයි.එයාල ඉක්මනින්ම බෙනීව ඉස්කෝලෙ ගෙනියන්න සූදානම් කළා.බෙනීගෙ නම් කිසිම කැමැත්තක් නැහැ ඉස්කෝලෙ යන්න. අම්මා,එයා ආසම  රසම කෑම වලින් එයාගෙ කෑම පෙට්ටිය පුරවන්න අම්මා  කලේ නැහැ.ඒ මොනවද දන්නවද?මී පැණි වල පොඟවපු […]

ලෝකෙ ඉන්නෙ අපි විතර ද? Read More »

මවක් වූ පමණින් වෘත්තිය ජීවිතය නැවතිය යුතු ද?

ලොවම විමතියෙන් බලා සිටියදී, නවසීලන්ත අගමැතිනි Jacinda Ardern වසර 30 කට පමණ පසු ධූරයේ සිටියදී දරු ප්‍රසූතියක් සිදු කළ පළමු ලෝක නායිකාව බවට පත්විය. ඇයගේ ගැබ් ගැනීම ලොව පුරා මිනිසුන් විසින් සමරනු ලැබුවේ ඓතිහාසික වැදගත්කම සඳහා පමණක් නොව, දේශපාලනයේ සිටින කාන්තාවන්ට මාතෘත්වය තම වෘත්තිය සමඟ සමතුලිත කිරීමට හැකි වීම ඉස්මතු කළ බැවිනි. නිලයේ සිටියදී දරුවෙක්

මවක් වූ පමණින් වෘත්තිය ජීවිතය නැවතිය යුතු ද? Read More »