hit counter code

පලතුරු නොකන බබාලට වෙනස් විදියකට පලතුරු කවමු.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

සමහර බබාලා පලතුරු කන්න හරි ම අකමැතියි. සමහර බබාලා හැමදාම එක ම විදියට පලතුරු කන්න කැමති අකමැතියි. පලතුරු කන්න කැමති නැති බබාලටත්, පලතුරු කන්න ආස බබාලටත් වෙනස් රසකට වෙනස් විදියකට පලතුරු කවමු.

කැරමල් සෝස් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය

  • සීනි කෝප්ප බාගයක්
  • බටර් කෝප්ප කාලක්
  • එළකිරි කෝප්ප කාලක්

හදන්නේ මෙහෙමයි

  • කිරි ටික ඉතා අඩු ගින්දරේ ලිප තබන්න. විනාඩි දහයක් පමණ හැඳි ගාමින් පිසගන්න. එවිට ජලය යම් ප්‍රමාණයකට වාෂ්ප වේ. තරමක උකු ස්වභාවයකට පැමිණේ. 
  • බටර් ටික භාජනයක දමා උණු කරන්න. බුබුළු දමා එන විට සීනි ටික කුඩු කර එකතු කරන්න. සීනි දියවන තුරු පිසින්න. මෙය නිසි පදමට ආ විට, රන්වන් පැහැයක් ගනී. මෙම මිශ්‍රණයට කිරි ටික එක්කර හොඳින් මිශ්‍ර කරන්න. 
  • දැන් ඔබේ කැරමල් සෝස් එක සූදානම්.

පිළිගන්වන්නේ මෙහෙමයි

  • කුඩාවට කැපූ පලතුරු මත සෝස් වත් කරන්න. 
  • උණුසුම් ව අවශ්‍ය නම්, සෝස් එක ලිපෙන් බෑ විගසම පලතුරුවලට එක් කරන්න. 
  • සිසිල් ව අවශ්‍ය නම්, සෝස් දමා මද වේලාවක් ශීතකරණයේ තබන්න. 
  • කුඩාවට කැපූ පලතුරු බාබකිව් ස්ටික්ස්, හොඳින් පිරිසිදු කරගත් ඉරටු හෝ ගෑරොප්පුවකින් ගෙන සෝස් වල තවරා ගන්නත් පුලුවන්.

මේ සඳහා ගැළපෙන පලතුරු

කෙසෙල්  

කෙසෙල්වල තන්තු, පොටෑසියම් සහ විටමින් B6 පිරී තිබෙනවා. ඔබට හොඳින් ඉදුණු ඕනෑම කෙසෙල් වර්ගයක් භාවිතා කරන්නට පුලුවන්. ලෙල්ල ඉවත් කර කුඩා කැබැලි, පෙති හෝ දිග තීරු ලෙස කපා ගත් කෙසෙල් මත කැරමල් සෝස් දමා පිළිගන්වන්න. උණුසුම් ව හෝ සීතල ව ඕනෑම ආකාරයකට මෙය පිළිගන්වන්නට පුලුවන්. කෙසෙල් වඩාත් රස උණුසුම්ව බව අප යෝජනා කරනවා. 

අන්නාසි

අන්නාසි විටමින් C වලින් අනූනයි.විටමින් B6 මෙන් ම තයමින් සහ ෆෝලේට් ද අඩංගුයි. හොඳින් ඉදුණු අන්නාසිවල පොත්ත කලු තිත් නැති වෙන සේ ඉවත් කරන්න. කුඩා කොටු කපාගන්න. බබාට අතින් අරන් කන්නට කූරු හැඩයෙන් වුණත් කපන්නට පුලුවන්. අන්නාසිත් වඩාත් රසවත් උණුසුම්ව බව අප යෝජනා කරනවා. 

ඇපල්

විටමින් C, විටමින් K, පොටෑසියම්, මැංගනීස් සහ කොපර් අඩංගු පලතුරක් ලෙස ඇපල් හඳුනා ගන්න පුලුවන්. හොඳින් ඉදුණු ඇපල් ඔබේ කැමැත්ත අනුව පොත්ත ඉවත් කරගෙන හෝ නැතුව භාවිතා කරන්නට පුලුවන්. නාරටිය ඉවත් කර කුඩා පෙති කපා සෝස් එක වත් කරන්න. උණුසුම් කැරමල් සෝස් සමග වඩා රසවත් පලතුරු අතරේ ඇපල් ද තිබෙනවා. 

වෙරළු

විටමින් E සහ සෝඩියම් අඩංගු වෙරළු ලංකාවේ ඉතා සුලබයි. මේ සඳහා ඇඹුලින් අඩු වෙරළු ගසක වෙරළුයි සුදුසු වන්නේ. හොඳින් ඉදුණු වෙරළුවල ඇට ඉවත් කරගන්න. ඉන්පසු කැරමල් සෝස් එක එකතු කරන්න. 

කාමරංකා

කාමරංකා හැදෙන්නේ කාලයකට වුණත්, කාමරංකා වාරයට ගස් පුරා ඉතිරෙනවා. විටමින් C සහ පොටෑසියම් කාමරංකා වල බහුලයි. හොඳින් ඉදුණු කාමරංකා පෙති කපා සෝස් වත් කරන්න. කාමරංකා පෙති කැපූ විට තරු හැඩැති නිසා දරුවන් ප්‍රිය කරනවා නොඅනුමානයි. කාමරංකා වඩා රසවත් සිසිල් කළ විටයි. 

අනෝදා

විටමින් A, විටමින් C, පොටෑසියම්, කැල්සියම් වලින් අනූන අනෝදා ඉදුණු විට ඉතා රසවත්. කැරමල් සෝස් සමග හොඳින් ගැළපෙන පලතුරක් ලෙස අනෝදා හඳුනාගන්නට පුලුවන්. වැලි අනෝදා වුවත්, කටු අනෝදා වුවත් හොඳින් ඉදුණු විට මේ සඳහා කදිමයි. ඉදුණු අනෝදා ගෙඩියේ පොත්ත සහ ඇට ඉවත් කර සෝස් වත් කර ගන්න. මෙය සිසිල්ව පිළිගන්වීම සුදුසු බවයි අපේ යෝජනාව. 

පේර

විටමින් A, C සහ K මෙන් ම පොටෑසියම්, කැල්සියම්වලින් ද පේර අනූනයි. හොඳින් ඉදුණු පේරවලට වඩා හොඳින් පැසුණු පේර මේ සඳහා කදිමයි. පේරවල ඇට ඉවත් කර අවශ්‍ය හැඩයකට කපා ගන්න. කැරමල් සෝස් වත් කරගන්න. 

අවුරුද්දට අඩු දරුවන්ට මේ වට්ටෝරුව කිසිසේත් ම සුදුසු නෑ. අවුරුදු දෙකෙන් පමණ පසු දරුවන්ට මෙය ගැළපෙනවා. 

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ...

Read More

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ...

Read More

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට...

Read More

Related Posts

Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »
Parenting

අම්මගෙ කේන්තිය පිට වෙන්නේ දරුවො පිටින් ද?

දෙමව්පියන්ගේ ඕනෑ ම හැසිරීමක් දරුවන්ට බලපානවා. කේන්තිය කියාත් වෙනසක් නැහැ. අම්මාගේ කේන්තිය වගේ ම තාත්තාගේ කේන්තියත් එහෙමයි. අපි අද කතා කරන්නේ අම්මාගේ කේන්තිය දරුවන්ට බලපාන

Read More »