hit counter code

දරුවාට වෙනත් භාෂාවක් උගන්වන්නේ කොහොමද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුවන්ට නිවසේ පාවිච්චි කරන භාෂාවට අමතරව වෙනත් භාෂාවක් උගන්වන්න පුලුවන්ද? ඒ සඳහා සුදුසුම කාලය මොකක්ද? අද ලිපිය ඒ ගැන.
දරුවන්ට භාෂා කිහිපයක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. එයාලට උගන්වන එක නිවසේදී, පාසලේදී වගේම ඕනෙම තැනක කරන්න පුලුවන්. ඔබට කරන්න තියෙන්නෙ දරුවට පුලුවන් තරම් භාෂාව කතා කරන්න උදව් කරන එක. දරුවත් එක්ක කතා කරන්න, සිංදු කියන්න, සෙල්ලම් කරන්න ඒ වගේම පොත් කියවන්නත් පුලුවන්.

භාෂා කිහිපයක් පාවිච්චි කිරීම කියන්නෙත් කුසලතාවයක්.

නිතරම ප්‍රගුණ කරනවනම් ඒ කුසලතාවයේ උපරිම මට්ටමට යන්න හැකියාව තියෙනවා. ඒ වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් දේවල් කිහිපයක් ගැන අපි දැන් බලමු.

දරුවා කුඩා කාලයෙදිම දෙවෙනි භාෂාව දරුවට හඳුන්වාදෙන්න.

වයස අවුරුද්දක් වගේ වෙනකොට පටන්ගන්න පුලුවන්. එක වචනයකින් පටන්ගන්න. ඒ වචනය නිතරම කියන්න. එදිනෙදා කතා කරනකොට පාවිච්චි කරන්න. ගොඩක් දරුවො වයස අවුරුදු දෙකක් වගේ වෙනකොට වචන දෙකක වාක්‍ය ඛණ්ඩයක් කියන්න ඉගෙන ගන්නවා.

දරුවට උදව් කරන්න.

සමහර වෙලාවට දරුවො වෙනත් භාෂාවක් පාවිච්චි කරන්න ලැජ්ජාවෙන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවට ඔවුන්ව ශක්තිමත් කරන්න. ඒ වගේම දරුවට ප්‍රශංසා කරන්න.

දරුවගේ වැරදි නිවැරැදි කරන්න.

වැරදෙන එක සාමාන්‍ය දෙයක් බව දරුවට කියාදෙන්න. ව්‍යාකරණ දෝෂ හෙමින් හෙමින් දරුවට කියලා දෙන්න.

දරුවත් එක්ක පොත් කියවන්න.

ඊට පස්සෙ ඒ කතාව එහි චරිත ගැන දරුවා එක්ක කතාකරන්න.

දෙවෙනි භාෂාවෙන් ගායනා වෙන ගීත දරුවට ඇහෙන්න සලස්වන්න.

මේ ක්‍රමය ඉතාම සාර්ථක ක්‍රමයක්.

රූපවාහිනී වැඩසටහන් මඟිනුත් දරුවට උගන්වන්න පුලුවන්.

ටිකක් ලොකු දරුවන්ට තමයි මේ ක්‍රමය වඩාත් සුදුසු වෙන්නෙ.

ඒ වගේම දරුවා ටිකක් ලොකු වුනාට පස්සෙ දෙවෙනි භාෂාව සඳහා පිළිගත් ගුරුවරයෙක් යටතේ පංති/පාඨමාලාවකට යොමුකරන්න පුලුවන්. 

අනිත් වැදගත්ම කාරණය තමයි ඔබේ දරුවට යම් කථන අපහසුතාවයක් තියෙනවානම් මුලින්ම එක භාෂාවක් විතරක් දරුවට උගන්වන එක තමයි සුදුසු වෙන්නෙ. නැත්නම් දරුවා කතාකරන එක තවත් පරක්කු වෙන්න පුලුවන්.

සටහන –
වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Parenting

පුංචි පැටියට පෙර පාසලක් සොයනව ද ?

මල් පිපි ඵලබර වූ ගසක් සශ්‍රීයව පලබර වන්නේ  එහි මූල පද්ධතිය ශක්තිමත් නම් පමණි. දෙමාපින්ගේ  වටිනාම සම්පත වන්නේ දරුවන්ය. දරුවන්ගේ අනාගතය පැහැබර කිරීම දෙමාපියන්ගේ ප්‍රධාන

Read More »
Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »