hit counter code

බබාගෙ බර ඉක්මනින් වැඩි කරන සීරියල් එකක් ගෙදර හදමු

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

බබාලගෙ බර වැඩි කරගන්න අම්මලා නොකරන දෙයක් නෑ. කෑම කවන එක යුද්ධයක් බවට පත් වෙන්නේ පවා ඒකයි. නියමිත ක්‍රියාකාරකම් කරනවා නම් බරෙහි කුඩා වෙනස්කම් නොසැලකිය හැකි බවයි වෛද්‍ය මතය. ගොඩාක් බර අඩු නම්, තව ටිකක් නර තිබුණොත් හොඳයි කියලා හිතන අම්මලට අද අපි ගෙනවා පෝෂණීය බර වැඩි කරන සීරියල් එකක්. මේක ගෙදරදීම පහසුවෙන් පිරිසුදුව හදාගන්න පුලුවන්.

සැලකිලිමත් විය යුතු දේ 

අවුරුද්දට වැඩි දරුවන් සඳහා පමණක් භාවිතා කරන්න.

සෑම ද්‍රව්‍යයක්ම දරුවාට පෙරදී ලබා දී අසාත්මික නොවුණ දෙයක් බවට තහවුරු කරගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

රතු කැකුළු සහල් 100g

සුවඳැල් 50g

කුරක්කන් 50g

මුං ඇට 100g

බඩ ඉරිඟු 50g

තල ඇට 50g 

කව්පි 50g

කජු 50g

ආමන්ඩ් 50g

කහ පරිප්පු 50g

හදන්නේ මෙහෙමයි 

මේවා හොඳින් සෝදා වියළා ගන්න.

දැන් වෙන වෙනම කබලක දාගෙන බැදගන්න. 

ඉන්පසු බ්ලෙන්ඩර් එකක දමා කොටාගන්න. 

කුඩා පෙනේරයකින් හලා ගන්න. 

ඉතිරි කොටස් නැවත කොටාගන්න.

ඉන්පසු හොඳින් පියන වැසිය හැකි පිරිසිදු වියළි බෝතලයක දමා ගන්න. 

භාවිතා කරන විට වියළි හැන්දක් පමණක් භාවිතා කරන්න.

කෑමට සකසා ගන්නා ආකාරය

කිරි කෝප්පයකට සීරියල් මේස හැඳි දෙකක් දමා පානයක් ලෙස ගත හැකිය. 

කිරි කෝප්ප කාලකට මේස හැඳි තුනක් දමා සීනි සහ ලුණු එක් කර තලපයක් ලෙස ගත හැකිය. 

සීරියල් කෝප්ප බාගයක්,පොල් කෝප්ප බාගයක් සහ සීනි සහ ලුණු එක්කර අග්ගලා සැකසිය හැකිය.

ටෝස්ටර් කේක් ලෙස පාන්පිටි වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කළ හැකිය. 

බිත්තරයක්, එළවලු සහ සීරියල් හැඳි දෙකක් දමා ඔම්ලට් එකක් සේ භාවිතා කළ හැකිය.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Mental Development

අවුරුදු දෙකෙන් පසුත් දරුවා රාත්‍රිය පුරා කඩින් කඩ අවදි වන්නේ ඇයි?

දරුවා කුඩා කාලයේදී රාත්‍රියේදී කිහිපවිටක් අවදිවෙමින් කිරි බීම හෝ හැඬීම සාමාන්‍ය දෙයක්. නමුත් වයසින් වැඩෙත්ම එම පුරුද්ද මග හැරෙනවා. එසේ නොවන විට මව හෝ පියා

Read More »
Nutrition

කෑමට හොර පොඩිත්තන්ගෙ කෑම රුචිය වැඩි කරන්නේ මෙහෙමයි

ලොව පුරා අම්මලට තියෙන ලොකුම යුද්ධය තමයි බබාලට කෑම කවන යුද්ධය. අම්මා කෙනෙක් වෙන්න කලින් කෙතරම් පොත පත දැනුම ලබා කෑම කැවීම ගැන දැනුම ලබා

Read More »