Hot Chocolate Drink කියන්නේ අපි හැමෝම කැමති පානයක්. නමුත් ගෙදරදීම රසවත් Hot Chocolate Drink එකක් හදා ගන්න නිවැරදි ආකාරය ගැන අපි බොහෝ දෙනෙකුට වැටහීමක් නෑ.අපි අද ඔබට කියන්නේ ගෙදරදීම රසවත් හොට් චොකලට් ඩ්‍රින්ක් එකක් හදා ගන්න ආකාර තුනක්. මේ රෙසිපි එක බබාලටත් හදලා දෙන්න පුලුවන්.
Simple Hot Chocolate drink
අවශ්‍ය ද්‍රව්‍ය
කොකෝවා පවුඩර් මේස හැදි 1
සීනි මේස හැඳි 1
ලුණු ස්වල්පයක්
කිරි කෝප්පයක්
මාෂ්මෙලෝස්
ගාගත් චොකලට්
වීපින් ක්‍රීම්
සාදා ගන්නා ආකාරය
කුඩා සාස්පානක් ගෙන එයට කොකෝවා කුඩු,සීනි සහ ලුණු එකතු කරන්න.
හොඳින් කලවම් කරන්න
කිරි ද එක්කර කලවම් කර ලිප තබා මද වේලාවක් රත්කර ගන්න
මග් එකකට වත් කරගන්න.
එයට මාෂ්මෙලෝස් එකතු කරන්න
ගාගත් චොකලට් වලින් ගානිෂ් කරගන්න.
අවශ්‍ය නම් වීපින් ක්‍රීම් එකතු කර ගන්න
Italian Hot chocolate drink
අවශ්‍ය ද්‍රව්‍ය
කිරි කෝප්ප එකහමාරක්
සීනි මේස හැදි 2
කොකෝවා පවුඩර් මේස හැන්දක්
ඩාක් චොකලට්
කෝන් පිටි මේස හැන්දක්
ලුණු ස්වල්පයක්
වීප්ඩ් ක්‍රිම් සහ කොකෝවා පවුඩර්වලින් ගානිෂ් එක සකසන්න
සාදා ගන්නා අන්දම
චොකලට් කුඩා කැබලිවලට කපා ගන්න
කෝන් පිටි සහ කිරි කෝප්ප බාගයක් බඳුනකට දමා ගන්න.හොඳින් මිශ්‍ර කරගන්න.
තවත් බඳුනකට කොකෝවා පවුඩර්,ලුණු සහ සීනි දමා කලවම් කර ඉතිරි කිරි ද එක් කර මඳ ගින්නේ රත් කරගන්න.
හොඳින් කලවම් කරන්න.
රත් වෙද්දී කිරි සහ කෝන් පිටි මිශ්‍රණය එක් කර හොඳින් හැඳි ගාන්න
ඉන්පසු සිහින්ව කපා ගත් චොකලට් එකතු කරන්න
ලිප නිවා චොකලට් දිය වන තුරු හැඳි ගාන්න
කෝප්ප වලට වත් කරගන්න
වීපින් ක්‍රීම් බීට් කර උඩින් දමා ගන්න.චොකලට් කුඩු ටිකක් ඉස ගන්න.
Mexican Hot Chocolate drink
අවශ්‍ය ද්‍රව්‍ය
කිරි කෝප්ප එකහමාරක්
කොකෝවා පවුඩර් මේස හැන්දක්
ඩාක් චොකලට්
දුඹුරු සීනි මේස හැන්දක්
වැනිලා තේ හැඳි බාගයක්
කුරුඳු කූරක්
ලුණු ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය
චොකලට් කුඩා කැබලිවලට කපා ගන්න
භාජනයක් රැගෙන එය ලිප තබා කිරි,කොකෝවා පවුඩර්,සීනි,කුරුඳු දමා රත් කරන්න.
කැමති නම් ගම්මිරිස් කුඩු ස්වල්පයක් ද එකතු කරන්න.
හොඳින් කලවම් කරමින් උතුරා ගන්න.
චොකලට්ද එකතු කර වැනිලාද එකතු කර ලිප නිවා හැඳි ගාගන්න.
කුරුඳු කූර ඉවත් කරගන්න
කෝප්පවලට දමා ගන්න.
නිබන්ධිකා වන්නිනායක