hit counter code

ගෙදර සාමාන්‍ය ආහාර රටාවට බබාව ලේසියෙන් ම පුරුදු කරන්නේ මෙහෙමයි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුවෙකු ඉපදී මුල් මාස හයක් පුරාවට ඔවුන් මව්කිරෙන් පෝෂණය වීම අනිවාර්ය අතර එතැන් සිට දරුවාට අමතර ආහාර ලබා දීම ආරම්භ කළයුතු බව සාමාන්‍ය වෛද්‍ය මතයයි. එලෙසම දරුවාට අවුරුද්දක් පමණ සම්පූර්ණ වන විට පවුලේ අනෙක් අයගේ මෙන් සාමාන්‍ය ආහාර රටාවට පුරුදු කළ යුතු අතර එය අතීත සිංහල සම්ප්‍රදායේ සිට පැවත එන ඉඳුල් කටගෑමේ චාරිත්‍රය ලෙස උත්සවශ්‍රීයෙන් සැමරීමට තවමත් බොහෝ මව්වරුන් පෙළඹේ.

වයස අවුරුද්දක් සම්පුර්ණ වූ දරුවෙකු බොහෝ විට තමන් අවට පරිසරයෙන් විවිධ දේ ඉගෙන ගැනීමට උත්සහ කරන අතර මෙතරම් කාලයක් ඔවුන් වෙනුවෙන් ලබා දුන් තලප කරන ලද ආහාර වෙනුවට පවුලේ අනෙක් අයගේ ආහාර රටාවට වැඩි රුචියක් දක්වන ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගැනීම සාමාන්‍ය දෙයකි. ඒ නිසා දරුවෙකුට අවුරුද්දක් සම්පුර්ණ වනවිට ඔවුන් තම පවුලේ කෑම මේසයට හුරු කළ යුතු බව වෛද්‍යවරුන් පවා අද වනවිට තහවුරුකර තිබෙන්නේද ඒ හේතුවෙනි. කෙසේ වෙතත් කාර්යබහුල ජිවන රටාව හමුවේ පවුලේ සියලු දෙනා එක්ව එකවිට කෑම මේසයක සිට ආහාර ගැනීම අද වන බොහෝ නිවෙස්වල දුර්ලභ ලක්ෂණයක් වුවත් ඔබේ පුංචි පැටියා වෙනුවෙන් මෙකී අවස්ථාව පැහැර හැරීම එතරම් සුබදායක නොවන බව නම් මතක් කළ යුතුමයි.

දරුවන්ට කෑම කැවීම සම්බන්ධව වර්තමානයේ බොහෝ මව්වරුන්ට ඇත්තේ සතුටුදායක ආකල්පයක් නොවේ. එය බොහෝ විට දවසේ කාලයෙන් වැඩි කොටසක් කෑම පිඟානක් රැගෙන දරුවන් පසුපස දිව යාමක් බවට පත්වී තිබීම එක අතකින් මවට පමණක් නොව දරුවාට ද අප්‍රියජනක අත්දැකීමක් බවට පත්වන්නේ නිතැතින්මයි. පෙර කී ලෙස දරුවා පවුලේ කෑම මේසයට සම්බන්ධකර ගැනීම තුළින් ආහාර සම්බන්ධව වෙනදාට වඩා ප්‍රියමනාප හැඟීමක් දරුවා තුළ ඇති කිරීමට සමත්වනවා සේම එය ඔවුන්ට ලැබෙන ඉතා වටිනා අත්දැකීමක් වනු නොඅනුමානයි. එලෙසම එය මව, පියා, සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියල්ල හා එක්ව කාලය ගත කිරීමට ලැබෙන ඉතා වටිනා අවස්ථාවක් වන අතර දරුවන්ගේ ආහාර ලබා ගැනීමේ රුචිය සම්බන්ධව මව්වරුන්ට ඇති ගැටළු අඩු කරමින් ඉතා කැමැත්තෙන් තනිව ආහාර ලබා ගැනීමට දරුවන් හුරුකරවන්නකි.

සාමාන්‍යයෙන් දරුවන් මාස නවය පමණ වනවිට තනිව ආහාර ගැනීමට කැමැත්තක් දක්වන නමුත් තනිව ආහාර ගැනීමට දරුවාට ඉඩ දුන්නද ඔවුන් එය හුදු විනෝදය වෙනුවෙන් යොදාගනිමින් ආහාර ගැනීම පැහැර හරින බව සිතන බොහෝ මව්වරුන් ඒ වෙනුවෙන් දරුවන්ට ඉඩ ලබා නොදීමක් බොහෝවිට සිදුවේ. නමුත් එය එතරම් නුවණක්කාර ක්‍රියාවක් නොවන අතර එමගින් සිදුවන්නේ දරුවාට අලුත් අත්හදා බැලීම් වෙනුවෙන් ඇති ඉඩකඩ අහුරාලීමක් පමණි.

අලුත් අත්දැකීම් වෙනුවෙන් දරුවන්ට අවස්ථාව ලබාදීම දෙමව්පියන්ගේ වගකීමක් වන අතර ඒ අතරතුර ඔබේ සහයෝගය අවශ්‍ය ද යැයි හැඟෙන මොහොතක පමණක් සහය වීමට දෙමව්පියන් කල්පනාකාරී විය යුතුය. එවැනි මොහොතක දරුවා අවශ්‍ය තරමින් ආහාර ලබාගත්තේද නැතොත් ඔවුන් විසින් තනිව ලබාගත් ආහාර ප්‍රමාණය ප්‍රමාණවත්ද නැද්ද යන්න පිළිබඳව අවධානයෙන් සිටීමද වැදගත්ය. එලෙසම ආහාර නොගෙන එය මගහැරීමට උත්සහ ගන්නේ නම් ඒ වෙනුවෙන් මවගේ හෝ පියාගේ දායකත්වය ලබා දීමටද අමතක නොකළ යුතුය.

සෑමවිටම විටම දරුවෙකුට තනිව ආහාර ගැනීමට දීමේදී ආහාරයට ගතහැකි කුඩා ප්‍රමාණයක් ලබාදීමටත්, වරින් වර බලපෑම් කිරීම නවතා දරුවාට තමන්ගේ ආහාරය තනිව ලබාගැනීමට අවශ්‍ය නිදහස් වටපිටාවක් සකසා දීමටත් දෙමව්පියන් වගකිම් සහගත විය යුතුය. පවුල හා එක්ව තනිව ආහාර ගැනීමේදී කෑමට ඇත්තේ මොනවාද යන්නත්, තමන් කොතරම් ප්‍රමාණයක් කෑමට ගන්නවාද යන්නත් තනිව සිතා තීරණය කිරීමට උත්සහ ගැනීම තුළින් ආහාර වර්ග පිළිබඳ දැනුමක් ඇති වීම මෙන්ම කුසගින්න ඇති වූ විට ආහාර ලබා ගතයුතු බව ඉගෙනීමටත් දරුවන් අවස්ථාව උදාකරගනියි. එසේම මෙලෙස එකට එක්ව ආහාර ගැනීමේදී පවුල හා ඇතිවන බැඳීම හරහා මෙන්ම වැඩිහිටි ආදර්ශ යටතේ ඇති දැඩි වන නිසා මෙවැනි දරුවන් පවුලෙන් වෙන්ව සිටීමට උත්සහ දරන අවස්ථා අවම වන අතර වැඩිහිටි වියේදී මත්පැන්, මත්ද්‍රව්‍ය වැනි අයහපත් ක්‍රියා වෙත යොමු විය හැකි අවදානමද අවම වේ.

දරුවන් පවුලේ ආහාර වේලට හුරුවීමෙන්
■ දරුවා හා පවුලේ සාමාජිකයන් අතර ඇති බැඳීම වර්ධනය වීමට අවස්ථාව උදාවීම 
■ පිරිස සමග විනෝදයෙන් ආහාර ගැනීමේදී කෑම පිළිබඳ වැඩි රුචියක් ඇතිවීම 
■ පවුලේ ආහාරයට හුරුවීම සමගින් දරුවෙකුට වැඩි පෝෂකාංග ප්‍රමාණයක් හිමිවීම 
■ ක්ෂණික ආහාර වර්ග, ස්නැක් වර්ග සඳහා යොමුවීමට ඇති ප්‍රවණතාවය අඩු වීම
■ එළවළු, පලතුරු, ධාන්‍ය වැනි ආහාර පවුලේ අය සමග වෙනසකින් තොරව ලබාදීමට හැකි වීම  

එලෙසම ඔබගේ පළමු අවුරුද්ද සම්පුර්ණ වූ දරුවා සාමාන්‍ය ආහාර සඳහා හුරුකිරීමේදී අවධානය යොමු කළ යුතු තවත් කරුණු කිහිපයක් ඇත. එහිදී කෑම වෙලාව සඳහා එකම වේලාවක් එකම ස්ථානයක් වෙන්කර ගැනීම අතිශය වැදගත් කාරණයකි. ප්‍රධාන ආහාර වේලකට පැය දෙකකට පමණ පෙර සිට චීස්, බිස්කට්, පාන්, බනිස් වැනි කෙටි ආහාර වර්ග ලබා නොදීමට වගබලා ගතයුතුය. පවුලේ කෑම මේසයට ගැලපෙන ආකාරයට දරුවා ප්‍රවේශම් සහගතව උස පුටුවක අසුන් ගැන්වීම වඩාත් සුදුසුය.

එලෙසම ආහාර ගැනීමට පෙර දෙඅත් පිරිසිදු කිරීමට හුරු කරවීම මෙන්ම ආහාර ගැනීමේදී රූපවාහිනිය, ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ විවිධ වීඩියෝ පට පෙන්වීමෙන් වැළකීමටද දෙමව්පියන් වගබලා ගත යුතුය. වැඩිපුර මිරිස් යෙදූ ආහාර වර්ගවලින් දරුවා අපහසුතාවයට ලක්විය හැකි නිසා ඒ පිලිබඳ සැලකිලිමත් වෙමින් පවුලේ ආහාර දරුවාටත් ලබාදීමට කටයුතු කළ යුතුය. ආහාරවල රස, ගුණ, වර්ණය ආදී දේ පවසමින් ආහාර රුචිය වැඩවීමට උත්සහ දරන අතරේ සෑම විටම දරුවාට තනිව ආහාර ගැනීමට පුරුදු කරවිය යුතුය. දරුවාගේ පිඟානට ආහාර කුඩා ප්‍රමනයක් නැතිනම් කුඩා කැබලි වශයෙන් සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් ලබා දීම වඩා සාර්ථක වේ. එලෙසම දරුවාගේ සිත් ඇදගන්නා සුදුසු ආහාර සැරසිල්ලක් හැකි හැමවිටම නිර්මාණය කිරීමට කටයුතු කළ හැක.

දරුවෙකුට ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව තවත් අමතර ආහාර වේල් දෙකක් ලබාදීම මව්වරුන්ගේ සාමාන්‍ය සිරිතක් නමුත් ඇතැම් දරුවන් මෙලෙස මවගේ කාල සටහනට අනුව ආහාර ලබාගැනීමට වැඩි රුචිකත්වයක් නොදක්වයි. ඇතැම් අවස්ථාවලදී මීට හේතුවක් ලෙස දැක්විය හැකිවන්නේ දරුවාට ආහාර ලබා දීමට වැඩි වේලාවක් ගතව තිබීමයි. එවිට ආහාර වේල් අතර පරතරය අඩු වීමෙන් දවසේ වැඩි කාලයක් ආහාර ගැනීම සඳහා වෙන්වීම නිසා ආහාර ගැනීම දරුවාට සතුටුදායක අත්දැකීමක් බවට පත් වනු නිසැකය. එනිසා එක් ආහාර වේලක් සඳහා වැඩි කාලයක් වෙන් කිරීම නුසුදුසු අතර එවැනි අවස්ථවක දරුවෙකුගේ එක් ආහාර වේලක් මගහැරීම මව්පියන් වඩාත් කලබලයට පත්විය යුතු තත්ත්වයක් නොවේ.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Nutrition

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. අපේ ආහාර පුරුදුවලින් මෙවැනි බෝ නොවෙන රෝග වළක්වන්නට දෙමව්පියන් විදිහට ඔබට හැකියාව

Read More »
Toddler

සිඟිත්තාට නින්ද පුහුණු කරන්නේ කොහොමද ?

ඔයාගේ ගෙදරත් පුංචි පැටියෙක් ඉන්නවද ? එහෙනම් අනිවාර්යෙන්ම ඔයාගේ නින්දහොරු අරන් ගිහින් වෙන්න ඕනී. ඔව් හැම අම්මා කෙනෙක්ම චූටී පැටියා වෙනුවෙන්තමන්ගේ නින්ද කැප කරන්න ලෝබ

Read More »