hit counter code

පුංචි පැටියගෙ කකුල් බකල් ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

පැටියා ගෙදරට එක්කගෙන ආව ගමන්ම එයාව බලන්න කට්ටිය එනවනෙ. ඒ එන අය ඔබට එක එක දේවල් කියන්න පුලුවන්. බබා මේ වගේ, මෙහෙම කරන්න, ඔහොම එපා වගේ එක එක උපදෙස් දෙන්න පුලුවන්. විශේෂයෙන්ම බබාගෙ ආච්චි අම්මලා බබාගෙ කකුල් ඇදයි කියලා ඒවා ඇදලා හදන්න උත්සාහ කරාවි. මේක ඇත්තටම කරන්න සුදුසුයිද? එහෙම කරලා කකුල් වල ඇද හදන්න පුලුවන්ද? අද අපි කතා කරමු අලුත උපන් බබාලාගෙ තියෙන්න පුලුවන් පාද වල අසාමාන්‍යතා සහ ඒවාට කරන්න පුලුවන් පිලියම් ගැන.

බබාලාගෙ කකුල් වල එන්න පුලුවන් ප්‍රධානම වෙනස්කම් කිහිපයක් තියෙනවා. මේ දෙකටම හේතුවෙන්නෙ අම්මගෙ කුස තුල කුඩා ඉඩක බබා වර්ධනය වෙන නිසා. එතකොට බබා කකුල් තියාගෙන ඉන්න විදියටම තමයි එයා ඉපදුණාට පස්සෙත් තියෙන්නෙ. නමුත් මේවාගෙන් වැඩි ප්‍රමාණයක් බබා ඉපදිලා ටිකක් කල් ගියාම ඉබේම හරියනවා. මොකුත්ම කරන්න අවශ්‍ය නැහැ. අපි බලමු මේ වෙනස්කම් මොනවාද කියලා.

දරුවාගේ පතුල් ඇතුලට හැරී තිබීම (Metatartus Adductus)

මේ තත්වයෙදි බබාගෙ පතුල් දෙකම ඇතුල් පැත්තට නැමිලයි තියෙන්නෙ. පොඩ්ඩක් අතින් තල්ලු කරාම සාමාන්‍ය තත්වයට එනවද නැද්ද කියන එක මත තමයි වෛද්‍යවරයා ප්‍රතිකාර ක්‍රමය තීරණය වෙන්නෙ. සමහර බබාලට ප්ලාස්ටර් වගේ අවශ්‍ය වෙන්න පුලුවන්. අවුරුදු 3-4ක් වගේ යනතුරු ම සාමාන්‍ය තත්වයට පත්වුනේ නැත්නම් දරුවට ශල්‍යකර්මයක් අවශ්‍ය වේවි.

වලලුකර සන්ධියෙන්ම පාද ඇතුලට හැරී තිබීම (Club Foot/Talipes)

මේ තත්වය තියෙන දරුවන්ගෙ වලලුකර සන්ධියෙන් ම පාදය ඇතුලට හැරිලයි තියෙන්නෙ. කකුල තදයි වගේම පතුලේ මැද වක්‍රතාවය වැඩිවෙන්නත් පුලුවන්. එක කකුලක හෝ කකුල් දෙකේම මේ තත්වය තියෙන්න පුලුවන්. ඒ වගේම මේ Clubfoot කියන තත්වය අස්ථිවල වෙනත් අසාමාන්‍යතා එක්කත් එන්න ඉඩ තියෙනවා.
මේ තත්වයට ප්‍රතිකාර විදියට බබා ඉපදිලා සති කීපයක් ගියාම කකුලට ප්ලාස්ටර් වර්ග දාන එක තමයි කරන්නෙ. සාමාන්‍යයෙන් සතියෙන් සතිය මේ ප්ලාස්ටර් වෙනස් කරනවා. ඊටපස්සෙ කුඩා ශල්‍යකර්මයක් (Achilles Tenotomy) සහ නැවතත් ප්ලාස්ටර් යෙදීම තමයි කරන්නෙ. මේ ප්‍රතිකාර හරියට කලොත් පාදය සාමාන්‍ය තත්වයටම ගන්න පුලුවන්.

පාද එලියට හැරී තිබීම (Calcaneovalgus)

මේ තත්වයෙදි දරුවගෙ පාද එලියට සහ ඉහලට හැරිලයි තියෙන්නෙ. මාස කීපයක් යනකොට යථා තත්වයට පත්වෙනවා. මේ තත්වයත් එක්කම දණහිසෙන් පහල අස්ථිවලත් ඇදවීමක් තියෙනවානම් දරුවට බොහෝවිට ශල්‍යකර්මයක් අවශ්‍ය වේව්.

අලුත උපන් බබාලගෙ පාදවල දකින්න පුලුවන් සුලබතම ආබාධ ගැන තමයි අද මම කතා කලේ. ආච්චි අම්මලා කියන විදියට කකුල අල්ලලා අදින එක මගින් මේ වෙනස්කම් යථා තත්වයට පත්වෙනවා කියල නම් තාම විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. ඕනෙවට වඩා ඇදීම මගින් වෙනත් ආබාධ බබාලට එන්න අවදානමකුත් නැතුවාම නෙමෙයි. ඒ නිසා බබාගෙ කකුල්වල මොනාහරි වෙනසක් ඔබට තේරෙනවනම් කරන්න සුදුසුම දේ තමයි වෛද්‍යවරයෙක් හමුවෙන එක. අම්මලා ආච්චි අම්මලා බබාගෙ කකුල් හදන්න උත්සාහ කරනවනම් ඔවුන්ගේ සිත් නොරිදෙන විදියට ඒක වලක්වන්න. දරුවට හානියක් කරන අදහසකින් කරනවා නෙමෙයිනෙ.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Nutrition

පොඩ්ඩන්ට ගෙදරදිම පෝෂණීය හොට් චොක්ලට් බීම හදමු ද?

Hot Chocolate Drink කියන්නේ අපි හැමෝම කැමති පානයක්. නමුත් ගෙදරදීම රසවත් Hot Chocolate Drink එකක් හදා ගන්න නිවැරදි ආකාරය ගැන අපි බොහෝ දෙනෙකුට වැටහීමක් නෑ.අපි

Read More »
Nutrition

බබාගෙ බර ඉක්මනින් වැඩි කරන සීරියල් එකක් ගෙදර හදමු

බබාලගෙ බර වැඩි කරගන්න අම්මලා නොකරන දෙයක් නෑ. කෑම කවන එක යුද්ධයක් බවට පත් වෙන්නේ පවා ඒකයි. නියමිත ක්‍රියාකාරකම් කරනවා නම් බරෙහි කුඩා වෙනස්කම් නොසැලකිය

Read More »
Mental Development

අවුරුදු දෙකෙන් පසුත් දරුවා රාත්‍රිය පුරා කඩින් කඩ අවදි වන්නේ ඇයි?

දරුවා කුඩා කාලයේදී රාත්‍රියේදී කිහිපවිටක් අවදිවෙමින් කිරි බීම හෝ හැඬීම සාමාන්‍ය දෙයක්. නමුත් වයසින් වැඩෙත්ම එම පුරුද්ද මග හැරෙනවා. එසේ නොවන විට මව හෝ පියා

Read More »