hit counter code

මල් මල් මල්…..

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

සමනල පුංචා ගෙ නම බූබි.බූබි අදඋදෙන්ම නැගිට්ටා.ඇත්තම කිව්වොත් හිතලා නැගිට්ටා නෙවෙයි,ඇහැරුණා.ඉස්සර වගේ නෙවෙයි.දැන් පැණි බොන්න මල් හරිම අඩුයි.මල් ගහක් හොයා ගන්න ගොඩාක් දුර පියාඹලා යන්න වෙනවා.ඉතින් එයාලට ඊයෙත් සෑහෙන්න දුරක් පියාඹලා යන්න වුණා.ඒ තරම් ලොකු නැති මල් යායක් තිබුණත් රංචුවෙ හැමෝම එක්ක බෙදාගෙන පැණි බොන්න ඕනනෙ.ඒ නිසා නායකයා හැමෝටම සමානව බෙදිලා යන විදියට වෙලාව බෙදා දුන්නා.ඉස්සර නම් එහෙම නැහැනෙ.

ඇති වෙන්න මල් පැණි බොන්න,කම්මැලි හිතුණොත් මලක් උඩ පොඩ්ඩක් නිදා ගන්න,එතකොට යාළුවො එක්ක මල් වටකරගෙන නටන්න මේ කෝකටත් ඕන තරම් වෙලාවත් වගේම මදි නොකියන්න මල් ඕන තරම් තිබුණා.

එක යායට ලස්සන ලස්සන මල් පිපිලා තිබුණ මිටියාවත බලන් ඉද්දි අතුරුදහන් වුණා.ගෙවල්,කර්මාන්ත ශාලා හැදිලා මිනිස්සු ඒවාගෙ පදිංචි වුණා.එයාලගෙ මිදුල් වල මල් තිබුණත් ඒ බොහෝ මල් වල පැණි නැහැ.ලස්සන පාට විතරයි.ඉතින් සමනල ගහණය එන්න එන්නම අඩුවුණා.

බුබී අතීතය මතක් කරමින් පොඩ්ඩක් ඇස් පියාගෙන හිටියා.අනෙක් අය ඇහරෙන්න කලින් පොඩ්ඩක් ඈතට පියඹන්න එයාට ඕනවුණා.අවසර නොගෙන එහෙම කිරීම සුදුසු දෙයක් නොවුණත් වරදක් නොකරන නිසා පොඩ්ඩක් ඈතට පියාඹලා බලනවා කියලා බුබී හිතුවා.

එයා වෙනදා පියාඹන දිශාවට විරුද්ද දිශාවට පියාඹන්න තීරණය කළා.පුංචි පුංචි ළමයි ගොඩක් මල් අරගෙන පේලියට ලොකු ශාලාවකට යනවා එයා දැක්කා.මල් තිබුණේ පොකුරු පිටින්.කාව හරි පිළිගන්න ත් මල් අරන් යනවා කියලා බුබී දන්නවා.ඒත් මෙච්චර මල් ගොඩක්? බුබී පැණි බොන්න ආසා කරන මල් ඔක්කොම වගේ පුංචි ළමයින්ගෙ අතේ තිබුණා.ඔන්න ශාලාවට ගිය එයාලා ඒ මල් ඔක්කොම පැත්තකින් තියලා මොන මොනවාදෝ කරන්න පටන් ගත්තා.ඔන්න දැන් තමා වෙලාව.ඉක්මනින්ම පැණි ටිකක් බීපු බුබී කලබලයෙන්ම ආපසු හැරුණා.

බූබි අරගෙන ආපු ආරංචිය නිසා සමනල රංචුවේ හැමෝම හරිම සතුටට පත්වුණා.බුබී ආපසු එනකොට පොඩි කලබලයක්.හැමෝම එයාව හොයනවා.නොකියා ගිය එක ගැන හැමෝමගෙන් සමාව ගත්ත බුබී ඉක්මනින්ම විස්තරය කිව්වා.රංචුවේ සියලුම දෙනාට හරිම සතුටුයි.එයාලා තවත් පොඩ්ඩක්වත් ප්‍රමාද නොවී ඉක්මනින්ම බුබීගේ පසුපස පියාඹන්න පටන් ගත්තා.

එදා හරිම ලස්සන දවසක්.

මොන්ටිසෝරියේ පොඩිත්තන්ගේ ලස්සන මල් නැටුම වෙලාවේ කොහේන්දෝ ඉඳලා ආව සමනල රෑනක් වේදිකාව වසා ගත් බවත්,පොඩිත්තන් එක්ක නටපු බවත් පත්තරවල පළවුණා.ශාලාව පිරෙන්න ආව සමනල්ලු ගැන ලෝකෙ පුරාම ප්‍රචාරයවුණා.ඒ ප්‍රදේශයට සමනල යාය කියලා නමකුත් ආරූඩ වුණා විතරක් නෙවේ මේ ප්‍රවෘත්ති නිසා ඒ පෙදෙසට ආව පරිසර වේදීන් සමන්ලුන්ට ආහාර ලබා ගන්න පුළුවන් වෙන්න මල් සිටවීමේ ව්‍යාපෘතියක් දියත් කළා.බුබී නිසා වෙච්චි දෙයක්.නේද?

හැබැයි ඔන්න ඊට පස්සෙ කවදාවත් බුබීටවත් එයාගෙ රංචුවේ කාටවත් මල් පැණි හිඟයක් නම් ආවෙ නැහැ.

කතාව- චම්මි ඉරේෂා කරපුටුගල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Stories

හරිම ලස්සන යාළුවා

ලහිරු වයස අවුරුදු අටක පොඩි පිරිමි ළමයෙක්.එයා හරිම ආසයි සරුංගල් යවන්න.ඒ විතරක් නෙවෙයි සරුංගල් හදන්නත් ලහිරු හරිම දක්ෂයි.ලහිරුට හරිම ලස්සන සරුංගලයක් තිබුණා.දිග වරලක්,ලස්සන පාට පාට

Read More »
Stories

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද?

Read More »
Stories

බෝලෙට යාළුවෙක්……..

කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක

Read More »
Stories

ලෝකෙ ඉන්නෙ අපි විතර ද?

“මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.” පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා. බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන්

Read More »