hit counter code

අවුරුදු 66දී තම කුසෙන් දරුවෙක් හැදූ අම්මා

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

මවක වීම බොහෝ ගැහැනුන්ට අනන්‍ය වූ සිහිනයක්.ජීවිතේ කුමන හෝ අවස්ථාවක දරුවකු දෝතට ගැනීමට බොහෝ කාන්තාවන් දක්වන්නේ දැඩි ආශාවක් සහ උනන්දුවක්.නමුත් එය සැබෑ කර ගැනීම සිදුවන්නේ ජීවිතයේ තරුණ කාලය තුළයි.

අවුරුදු හැට හයකදී අම්මා කෙනෙකු වූ කාන්තාවක් ගැන ඔබ විශ්වාස කරන එකක් ද නැහැ.

රුමේනියානු කාන්තාවක් වයස අවුරුදු 66 දී දරුවෙකුට උපත ලබා දී ලෝක වාර්තාවක් තැබුවා.2005 ජනවාරි 16 වන දින බුකාරෙස්ට් හි ජියුලෙස්ටි මාතෘ රෝහලේදී සිසේරියන් සැත්කමකින් ඇඩ්‍රියානා ඉලිස්කු නම් ඇය එලිසා මරියා නම් දියණියක බිහි කර තිබෙනව.

සෞඛ්‍ය සම්පන්න තරුණපරිත්‍යාගශීලීන්ගේ ඩිම්බ සහ ශුක්‍රාණු භාවිතයෙන් කෘතිම ගැබ් ගැන්වීමකින් පසු ඉලීස්කු ගැබ්ගෙන ඇති බව රෝහල් ප්‍රධානී බොග්ඩන් මැරිනෙස්කු අනාවරණය කළා. ඇයගේ ගර්භාෂයට කළල සාර්ථක ලෙස දරා ගත හැකි බව සහතික කිරීම සඳහා ඇය හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර ලබාගෙන ඇති බවටද විශ්වාස කරනවා.

ප්‍රසූතියට පසු ඇඩ්‍රියානා දැඩි සත්කාර ඒකකයට යොමු කෙරුණා.සති 40ක සම්පූර්ණ ගැබ් ගැනීමක් නොවූ අතර සති තිස් හතරක වැනි අඩු කාලයකදී දරුවා උපත ලබා ඇති බව රෝහල පවසා තිබුණා. ඇයගේ බර රාත්තල් 3ක්, අවුන්ස 3ක් වූ අතර එය සාමාන්‍ය අලුත උපන් බිළිඳෙකුගේ බරින් අඩකටත් වඩා අඩු වූවා.දැරිය දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ගෙන තිබෙනවා.

ඇඩ්‍රියානා තුන් නිවුන් කළලයක් දරා සිටියත් ප්‍රසූතියට පෙර දරුවන් දෙදෙනෙක් කළල අවස්ථාවේම මිය ගොස් තිබුණා.

මේ සිදුවීම වෛද්‍ය ආචාර ධර්ම කෙසේ වුවත් රුමේනියානු සෞඛ්‍ය බලධාරීන් නැවත සිදු නොවිය යුතු දෙයක් බවට පවසා තිබුණා.වයසින් වැඩි කාන්තාවන් කෘතිම ගැබ් ගැනීම් හරහා හෝ දරුවකු ලැබීමට පෙළඹවීම ඔවුන්ට කරන හානියක් බවයි ඔවුන්ගේ අදහස වූයේ.

2005 ඉපදුණු එලීසා ගැන 2010 වසර පමණ වන විට ඇඩ්‍රියානා ඉතාමත් උද්යෝගයෙන් කතා බහ කලා.ඇය දැරියගේ අත්තම්මා දැයි දැයි සමහර විමසීම ගැන ඇය බින්දුවක්වත් කම්පා වුයේ නැහැ.ඇය එලීසාට අවුරුදු විස්සක්වත් වන තුරු ජීවත් වීම වෙනුවෙන් මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් සම්පූර්ණයෙන්ම තුරන් වී තිබුණා.  

ඇඩ්‍රියානා මෙය දකින්නේ සරු කාලය තුළ ගැබ් ගැනීමට නොහැකි වූ කාන්තාවන්ගේ ජයග්‍රහණයක් ලෙසයි.

ධනවත්, මධ්‍යම පාන්තික, උගත් පවුලක උපන් ඇඩ්‍රියානා වයස අවුරුදු 20 දී විවාහ වූ අතර එම වසරේම ගැබ් ගත්තා ඒත් ඇය ක්ෂය රෝගයෙන් පීඩා විඳි නිසා දරුවාගේ පැවැත්ම ගැන ඔවුන් බිය වූ නිසාත් ඇයට ගබ්සාවක් කිරීමට වෛද්‍යවරු උපදෙස් දුන්නා. ඇය අකමැත්තෙන් වුවද එකඟ වූවා.ඇයගේ සැමියා ඇයට වයස අවුරුදු 24 දී ඇය හැර ගොස් තිබෙනවා. ඇය කිසි දිනක නැවත විවාහ නොවූ අතර දිගින් දිගටම අධ්‍යාපන කටයුතු කරමින් වෘත්තිය ජීවිතයට සම්බන්ධ වී තිබෙනවා.

‘මම වැඩ කරන නිසා මට ළමයෙක් ගැන හිතන්නවත් බැරි වුණා. ‘හැබැයි අවුරුදු 37 ඉඳන් මම ආචාර්ය උපාධිය සම්පූර්ණ කළාට පස්සේ දරුවෙක් හදන්න ලෑස්ති ​​වුණා. ඒත් ඒ කාලේ IVF තිබුණේ නැහැ.’

රුමේනියාවේ IVF පහසුකම ලබා දෙන විට ඇයගේ වයස අවුරුදු 57 ක්. ඇඩ්‍රියානාට ප්‍රතිකාර කළ නමුත් ඇගේ පළමු ගැබ් ගැනීම 2000 දී අසාර්ථක වුණා. පසුව ඇය ප්‍රතිකාර සඳහා බුකාරෙස්ට් හි වෛද්‍ය බොග්ඩන් මැරිනෙස්කු වෙත යොමු වූ අතර එය එලිසාගේ උපතට හේතු වුණා.

ඇය කෙසේ හෝ ජයග්‍රහණය කරන්නේ ඒ ආකාරයෙන්.

මේ වෙද්දී එලීසා දාහත් හැවිරිදි තරුණියක්.ඇගේ අම්මා ඇය සමඟ තවමත් ජීවත් වීමම ඇගේ සතුට වන්නට ඇති.

මවක වීම වෙනුවෙන් අසීරු මාවත්වල ඇවිද යන බොහෝ ගැහැණු ඔබට මට හමු වෙනවා.වසර කිහිපයක් තිස්සේ විවිධ සටන් වල නිරතවී තමන්ගේ සිහින සැබෑ කර ගත් සෑම අම්මා කෙනෙකුටම ඇඩ්‍රියානා අපූරු පූර්වාදර්ශයක්.එහි ජීව විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක බොහෝ ගැටලු තිබිය හැකියි.එහෙත් ලෝකයේ වයස්ගතම අම්මා ලෙස වාර්තාවක්ද පිහිටවූ ඇඩ්‍රියානා අම්මා කෙනෙකු වීමේ අරමුණ අත නොහැරි අපූරු කාන්තාවක්. 

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Stories

මල් මල් මල්…..

සමනල පුංචා ගෙ නම බූබි.බූබි අදඋදෙන්ම නැගිට්ටා.ඇත්තම කිව්වොත් හිතලා නැගිට්ටා නෙවෙයි,ඇහැරුණා.ඉස්සර වගේ නෙවෙයි.දැන් පැණි බොන්න මල් හරිම අඩුයි.මල් ගහක් හොයා ගන්න ගොඩාක් දුර පියාඹලා යන්න

Read More »
Stories

හරිම ලස්සන යාළුවා

ලහිරු වයස අවුරුදු අටක පොඩි පිරිමි ළමයෙක්.එයා හරිම ආසයි සරුංගල් යවන්න.ඒ විතරක් නෙවෙයි සරුංගල් හදන්නත් ලහිරු හරිම දක්ෂයි.ලහිරුට හරිම ලස්සන සරුංගලයක් තිබුණා.දිග වරලක්,ලස්සන පාට පාට

Read More »
Stories

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද?

Read More »
Stories

බෝලෙට යාළුවෙක්……..

කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක

Read More »