hit counter code

ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න කියන්නේ ඇයි?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

පූර්ව ප්‍රසව සංරක්ෂණය, එහෙමත් නැත්නම් antenatal care කියලා කියන්නේ ගර්භණී මවකට දරු උපතට පෙර ලබා දෙන රැකවරණයට. මේ රැකවරණය ඈ වටා සිටින සියල්ලන්ගෙන්ම ඇයට ලැබෙනවා. නමුත් මේ ලිපිය ඒ ගැන නෙවෙයි. මේ කතා කරන්නේ ගර්භණී මවකට ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය හරහා ලබා දෙන පූර්ව ප්‍රසව සංරක්ෂණය ගැනයි.
ලංකාවේ මාතෘ හා ළදරු මරණ අනුපාතිකයන් ඉතාමත් පහළ අගයන්වල පවතින බව අප සියලු දෙනා දන්නා කරුණක්.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නවතම දත්තවලට අනුව 2021 වසරේ සජීවී උපත් 100 000කට සිදුවී ඇති මාතෘ මරණ සංඛ්‍යාව 29ක්. එය ලෝකයේ සංවර්ධිත රටවල මරණ අනුපාතිකයන්ට ආසන්නයි. මේ අවම අගයන්වලට මූලික හේතුවක් තමයි ගුණාත්මක බවින් ඉතා ඉහළ මාතෘ සංරක්ෂණ ක්‍රියාවලියක් (maternal care model) ලංකාව සතු වීම.
මේ ක්‍රියාවලිය පිළිබඳ ව දැන සිටීම එම සංරක්ෂණය නිවැරදි ව හා ක්‍රමානුකූලව ලබා ගැනීමටත් ඒ තුළින් කයින් සහ මනසින් නිරෝගී දරුවෙකු මෙන්ම මවක ද බිහිකිරීමට ඔබට උපකාරී වේවි.

පටන් ගන්නෙ කොතනින්ද?

ඇත්තෙන්ම මේ ක්‍රියාවලියේ මූලික අඩිතාලම ඇරඹෙන්නේ කාන්තාවක් ගර්භණී බවට පත් වීමටත් පළමුවෙන්. ඔබ අලුත විවාහපත් යුවලක් නම් ඔබ පදිංචි ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය මුණ ගැසීම කළ යුතු වෙනවා. එවිට ඇය ඈ පවත්වා ගෙන යන “යෝග්‍යතා පවුල් ලේඛනය”ට (Eligible couple register) ඔබ දෙදෙනාගේ තොරතුරු ඇතුළත් කරනවා. මේත් සමඟම ඔබට “සුව දිවි පිරික්සුම්පත” නම් පොත් පිංචක් ලැබේවි. එහි ඔබ දෙදෙනාගේ නම,වයස,රැකියාව ආදී මූලික තොරතුරු මෙන්ම ඔබ භාවිතා කරන උපත් පාලන ක්‍රම, ලිංගික ජීවිතයේ ගැටළු, ඔබගේ හෝ ඔබ පවුලේ රෝගී තත්වයන් ආදී කරුණුද විමසීමකට ලක් වෙනවා. ඉන්පසු උස,බර මැන බැලීමත් BMI අගය ගණනය කිරීමත් මෙන්ම FBC වැනි මූලික රුධිර පරීක්ෂණත් සිදු කරනවා. මෙම පරීක්ෂාවන් සිදු කර ගැනීමට නම් ඔබ ඔබට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට (MOH office) යායුතු වෙනවා.

ඇත්තෙන්ම මෙම තොරතුරු රැස් කිරීමේ හා පරීක්ෂාවන්ගේ අරමුණ වන්නේ දරු පිළිසිඳ ගැනීමකට ඔබ දෙදෙනාගේ යෝග්‍යතාව මැන බැලීමයි. මන්ද නීරෝගී දරු උපතකට ඔබ දෙදෙනා සූදානම් විය යුත්තේ ගැබ් ගැනීමකට පෙර සිට මයි. ඒ වගේම මේ තොරතුරු රැස් කිරීම හරහා අවදානම් සාධක සහිත පවුල් හඳුනා ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට හැකිවෙනවා. ඔවුන් ඒ අනුව ඊට අවශ්‍ය නිසි උපදෙස්, වැඩිදුර පරීක්ෂණ හෝ ප්‍රතිකාර ලබාදීම සිදු කරනවා. උදාහරණයක් ලෙස ඔබගේ BMI (උසට සරිලන බර) අගය නියමිත ප්‍රමාණයට වඩා අඩුයි නම් පෝෂ්‍යදායි ආහාර රටාවක් පිළිබඳ උපදෙසුත් BMI අගය වැඩි නම් නිසි ව්‍යායාම මගින් බර අඩු කර ගැනීමට උපදෙසුත් ඔබට ලබා දෙනවා. ඔබගේ BMI අගය 18 ත් 23ත් අතර පැවතිය යුතුයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ නිලධාරී මඩුල්ලෙන් පූර්ව ප්‍රසව සංරක්ෂණය සඳහා දායක වන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් (Public Health Midwife) සහ වෛද්‍ය නිලධාරිවරයා (Medical Officer of Health) යි. Eligible Couple Register හරහා ආරම්භ වන සෞඛ්‍ය සේවා සැපයුම පූර්ව ප්‍රසව සංරක්ෂණය ලෙස ක්‍රමවත් ව ඇරඹෙන්නේ ඔබ දරුවෙකු පිළිසිඳ ගත් පසුයි.

පවුල් සෞඛ්‍ය කාර්‍යාංශයේ දත්තවලට අනුව යෝග්‍යතා පවුල් ලේඛනයේ ලියාපදිංචි වීම ඉතා සතුටුදායක අගයක (2021 වසරේ එය 96%ක්) පවතින නමුත් ඊට සාපේක්ෂව ගර්භණී මව්වරුන් ලියාපදිංචි වීම අඩු මට්ටමකයි පවතින්නේ. (2021 වසරේ එය 85.3%) වත්මනේ පවතින කාර්යබහුල ජීවන රටාව නිසා සතියේ දිනවල පවතින සායනවලට සහභාගි වීමේ යම් අපහසුතා පැවතිය හැකියි. නමුත් ඔබ ඉහත සඳහන් කාණ්ඩ දෙකෙන් එකකට හෝ අයත් නම් ඔබ දැනට වාසය ලරන ප්‍රදේශය ට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි වීමට අමතක කරන්න එපා. එය අඛණ්ඩ සහ ක්‍රමානුකූල පූර්ව ප්‍රසව සංරක්ෂණයක් ලබා ගැනීමට ඔබට උපකාරී වේවි.

සටහන – වෛද්‍ය තත්සරණී විජයරත්න (කථිකාචාර්‍ය – කැලණිය විශ්ව විද්‍යාලය)

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Parenting

පුංචි පැටියට පෙර පාසලක් සොයනව ද ?

මල් පිපි ඵලබර වූ ගසක් සශ්‍රීයව පලබර වන්නේ  එහි මූල පද්ධතිය ශක්තිමත් නම් පමණි. දෙමාපින්ගේ  වටිනාම සම්පත වන්නේ දරුවන්ය. දරුවන්ගේ අනාගතය පැහැබර කිරීම දෙමාපියන්ගේ ප්‍රධාන

Read More »
Parenting

දරුවාට වෙනත් භාෂාවක් උගන්වන්නේ කොහොමද?

දරුවන්ට නිවසේ පාවිච්චි කරන භාෂාවට අමතරව වෙනත් භාෂාවක් උගන්වන්න පුලුවන්ද? ඒ සඳහා සුදුසුම කාලය මොකක්ද? අද ලිපිය ඒ ගැන.දරුවන්ට භාෂා කිහිපයක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා.

Read More »
Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »