hit counter code

සිරීපාදයෙන් ආ පාචනයේ ඇත්ත කතාව

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

මේ දවස්වල හැමෝම බයෙන් ඉන්නෙ ශ්‍රී පාදයේ වන්දනාකරුවන්ගෙන් වාර්තා වුනු ලිස්ටීරියා කියන රෝගය ගැන.ලංකාවෙ අපිට එතරම් හුරුපුරුදු රෝගයක් නොවන නිසා ඔබ මේ නම අහලත් නැතිවෙන්න පුලුවන්. මේ රෝගය සම්බන්ධ මූලිකම දේවල් කීපයක් ගැන තමයි අද මම කතා කරන්න යන්නෙ. 

මේ රෝගය වැලදෙන්නෙ Listeria Monocytogenes කියන බැක්ටීරියාව ශරීරගත වීමෙන්. ඒ බැක්ටීරියාව අඩංගු ආහාර ගැනීම මගින් තමයි රෝගය බෝවෙන්නෙ. ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බන්ධ රෝග තත්ව තියෙන අය මේ රෝගයට ගොදුරු වෙන්න තියෙන අවදානම වැඩියි. 

රෝග කාරක බැක්ටීරියාව අඩංගු වෙන්න පුලුවන් මොනවගේ ආහාර වලද?

  • මස්
  • මාලු
  • මුහුදු ආහාර
  • පැස්චරීකරණය නොකල කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන (චීස්, අයිස් ක්‍රීම්)
  • Listeria Monocytogenes බැක්ටීරියාව අඩංගු පසක වගා කරන එලවලු, පලතුරු, පලා වර්ග

රෝග ලක්ෂණ 

මේ බැක්ටීරියාව මුලින්ම අපේ ආහාර මාර්ගයට තමයි ඇතුල්‍ වෙන්නෙ. එතකොට උණ, වමනය, පාචනය වගේ රෝග ලක්ෂණ එන්න පුලුවන්. මේ ලක්ෂණ එච්චර භයානක නැහැ.

නමුත් ආහාර මාර්ගයෙන් එහාට බැක්ටීරියාව පැතිරුනොත් තවත් ලක්ෂණ එන්න පුලුවන්. එහෙම පැතිරුනොත් තත්වය වඩා භයානකයි! ප්‍රතිකාර නොකලොත් මරණය පවා සිද්ධ වෙන්න 

පුලුවන්. 

ගර්භණී මව්වරුන්ට ගොඩක් වෙලාවට දරුණු රෝග ලක්ෂණ එන්නෙ නැහැ. උණ, හිසරදය, සිරුරේ වේදනාව වගේ ලක්ෂණ තමයි දකින්න පුලුවන්. නමුත් ගර්භණී කාලයේ රෝගය වැලදුනොත් ගබ්සාවීම, නොමේරූ දරුවන් බිහිවීම හෝ දරුවාට ආසාදනය වීම සිදුවෙන්න පුලුවන්. 

අනෙකුත් රෝගීන්ට එන රෝග ලක්ෂණ වෙන්නෙ උණ, හිසරදය, බෙල්ලෙහි තද ගතිය, සිහිමද ගතිය, වලිප්පුව සහ සමබරතාව ගිලිහීම වගේ දේවල්. සාමාන්‍යයෙන් බැක්ටීරියා ශරීරගත වෙලා සති 1ත්-4ත් අතර කාලයේ තමයි මේ රෝග ලක්ෂණ මතුවෙන්නෙ. 

රෝගය තහවුරු කරගන්නෙ කොහොමද?

රෝගියෙකුගේ රුධිරය හෝ සුෂුම්නා තරලය පරීක්ෂා කිරීම මගින් විතරයි රෝගය තහවුරු කරගන්න පුලුවන්.

රෝගයට ප්‍රතිකාර තියෙනවද?

ඔව්. ප්‍රතිකාර තියෙනවා. රෝගය තහවුරු කලාට පස්සෙ, එහෙමත් නැත්නම් රෝගය ලිස්ටීරියාව කියල කියන්න ප්‍රමාණවත් සාධක හමුවුනාම අදාල ප්‍රතිජීවක ඖෂධ ආරම්භ කරනවා. 

මේ දවස්වල ලිස්ටීරියා රෝගීන් කීපදෙනෙක්ම ලංකාවෙන් වාර්තාවුනු බව ඔබ මාධ්‍ය වලින් දකින්න ඇති. ඒ රෝගීන් සියලු දෙනාම වගේ පසුගිය සති කිහිපය ඇතුලත ශ්‍රී පාදය වන්දනා කරන්න ගිහින් තියෙනවා කියලා තමයි ආරංචි වුනේ. ඔබ හෝ ඔබ දන්න කෙනෙක් ඉන්නවනම් පසුගිය සති කීපය තුල ශ්‍රී පාදය වන්දනා කරන්න ගිය, එහෙන් කෑමබීම ගත්ත සහ ඉහත දක්වපු රෝග ලක්ෂණ තියෙන අය, වහාම ලගම තියෙන රෝහලට යන්න. 

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ...

Read More

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ...

Read More

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට...

Read More

Related Posts

Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »
Parenting

අම්මගෙ කේන්තිය පිට වෙන්නේ දරුවො පිටින් ද?

දෙමව්පියන්ගේ ඕනෑ ම හැසිරීමක් දරුවන්ට බලපානවා. කේන්තිය කියාත් වෙනසක් නැහැ. අම්මාගේ කේන්තිය වගේ ම තාත්තාගේ කේන්තියත් එහෙමයි. අපි අද කතා කරන්නේ අම්මාගේ කේන්තිය දරුවන්ට බලපාන

Read More »