hit counter code

පුංචි පැටියගෙ රුධිර ගණය නිවැරැදිව දැන සිටීම කොයිතරම් වැදගත් ද ?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දරුවාගේ රුධිර ගණය දරුවාට දායාද වෙන්නෙ මවගෙන් සහ පියාගෙන්.

ප්‍රධාන වශයෙන් රුධිර ඝණ වර්ග 8ක් තිබෙන බව ඔබ දන්නවා ඇති. ඒ A+, A-, B+, B-, AB+, AB-, O+ සහ O- ලෙසින්.

මේ + සහ – භේදය ඇතිවෙලා තියෙන්නෙ රුධිරයේ පවතින විශේෂ ප්‍රෝටීනයක් මගින්. එය හඳුන්වන්නේ රීසස් ප්‍රෝටීනය හෙවත් රීසස් සාධකය නමින්. මේ රීසස් ප්‍රෝටීනය රතු රුධිර සෛල මත පවතින රුධිර ගණ පොසිටිව් (+) ලෙසත්, රීසස් ප්‍රෝටීන නොමැති රුධිර ගණ නෙගටිව් (-) ලෙසත් වර්ග කෙරෙනවා.

ප්‍රධාන වශයෙන් අලුත් උපන් සිඟිත්‍තාගේ රුධිරගණය ගැන දැනුවත් වීමේ වැදගත්කම් දෙකක් තිබෙනවා.

හදිසි රුධිර පාරවිලයනයක් අවශ්‍ය වූ අවස්තාවකදි….

මෙවන් අවස්ථාවකදී දරුවාගේ රුධිර ගණය දැනගෙන හිඳීම නිසා ප්‍රතිකාරය ඉක්මණ් කරවීමට සමත් වෙනවා. වැරදි හෝ නොගැළපෙන රුධිර ගණයක් පාරවිලයනය සිදුවුවහොත් එය දරුවාට මරණීය තත්වයක් ඇති කරනවා.

රුධිර ගණය හා සබැඳි රෝග

ඇතැම් රුධිර ගණයන් හා සම්බන්ධ රෝග ඇතිවීමේ අවධානමක් පිළිබඳ පර්‍යේෂණ මගින් සනාත වී තිබෙනවා.

උදාහරණ වශයෙන්,

O රුධිර ගණයට වඩා AB රුධිරගණය හෘද රෝග ඇතිවීම සඳහා වැඩි අවධානමක් දක්වන බවට සාක්ෂි පවතිනවා.

තවද AB රුධිරගණ දරන්නන් සඳහා පක්ෂඝාත තත්වය වැඩි වශයෙන් ඇතිවන තත්වයක් පවතිනවා.

එමෙන්ම පැහැදිලි කරගත හැකි හේතු නොමැති වුවත් A රුධිරගණය දරන්නන් ආමාශ ගත පිළිකා සඳහා වැඩි අවධානමක් දරන බව සොයාගෙන තියෙනවා.

O රුධිර ගණය දරන්නන් දෙවන වර්ගයේ දියවැඩියාව සඳහා අඩු අවධානමක් දරන බව පැවසෙනවා.

මීට අමතරව රීසස් නෙගටිව් මවකට දාව උපත ලබන රීසස් පොසිටිව් දරුවෙකුගේ රුධිර ඝණ නොගැලපීමක් සිදුවනවා. එවිට මවගේ ශරීරය විසින් දරුවාගේ රීසස් ප්‍රෝටීන ප්‍රතික්ෂේප කරන බැවින් සංකූලතා ඇතිවිය හැකියි.

උදාහරණයක් වශයෙන් A- ( රීසස් නෙගටිව් )මවකට පළමු දරු උපත ලෙස පොසිටිව් රුධිරඝණයක් සහිත දරුවෙක් ලැබුණා සේ සලකමු. පළමු දරු උපතට මෙය බලපාන්නේ නැහැ. නමුත් එම මවගේ දෙවන පිළිසිඳ ගැනීමත් පොසිටිව් රුධිර ගණය සහිත දරුවෙක් නම් මවගේ සිරුරෙන් නිපදවන ප්‍රතිදේහ විසින් කළලය ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා රීසස් නෙගටිව් මවකට දාව උපත ලබන දරුවන්ගේ රුධිරගණය අනිවාර්‍යයෙන්ම පරීක්ෂා කළ යුතු වනවා.

තව දුරටත්, ABO නොගැලපීම නිසා O+ රුධිර ගණය සහිත මවකට දාව උපදින A+/B+ රුධිර ගණ දරන ළදරුවන්ට මාතෘ රුධිරය මිශ්‍ර වීමක් සිදුවුවහොත් කහඋණ (jaundice) තත්වයට මුහුණ දීමේ සම්භාවිතාවක් තිබෙනවා.

මේ නිසා මවගේ වගේම දරුවාගේ රුධිර වර්ගය දැන සිටීමත් ඉතාමත් වැදගත් වෙනවා…

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Parenting

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම ගැනම විවිධ දේවල් ඔබේ මනසට නැඟෙන්න පුලුවන්. ඔබ සහ ඔබේ කුඩා දරුවා ජීවිතයට 

Read More »
Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

පිළිකා නසා දරුවන්ගේ මළබද්ධය වළකන ගිතෙල් ගැන දැනගනිමු.

සියවස් ගණනාවක් පුරා ඉන්දියානු ආහාරවල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ගිතෙල් හඳුනාගත හැකියි. මේදයෙන් වෙන් වන තෙක් බටර් රත් කිරීමෙන් එය සාදන අතර එමඟින් විවිධ අරමුණු සඳහා

Read More »