hit counter code

අලුත් බබෙක් ගේනකොට තාත්තාගේ සහයෝගය ගන්නෙ මෙහෙමයි

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

පළමුවැනි වතාවට පියපදවියට පිවිසෙන තාත්තා කෙනෙක් ඒ වගකීම ගැන හොඳින් දැනගෙන හිටියෙ නැත්නම් ඒ‍ නිසා වැඩියෙන් ම අපහසුවට පත්වෙන්න සිද්ධවෙන්නෙ බබාගෙ අම්මටයි. මවක් වීම කාන්තාවකට විශාල අභියෝගයක් වගේම ජීවිතයේ ඇය ලබන ‍විශාල ජයග්‍රහණයක්. ඉතින් මේ අභියෝගාත්මක දිනුම ජීවිතයට හරියට ම ලැබෙන්නේ බබාගෙ තාත්තගෙන් අම්මාටත් බබාටත් නිරන්තරයෙන් ලැබෙන ආදරය, අවධානය සහ රැකවරණය එකතුවුණාමයි.

පිටරටවල්වල නම් බබෙක් ලැබෙන්න ඉන්න අම්මලාට වගේම පියපදවියට සූදානම් වන තාත්තලාටත් විශේෂ උපදේශන පන්ති සහ වැඩසටහන් පැවැත්වෙනවා. ඒ වගේම හුඟක් තාත්තලා ඒ වැඩසටහන්වලට නොකඩවා බොහොම උනන්දුවෙන් සහ කැමැත්තෙන් සහභාගී වෙනවා. ඒත් තවමත් අපේ රටේ තාත්තලා ඒ මට්ටමට පත්වෙලා නැහැ. මේ නිසා බබා ලැබෙන්නට පෙර සිට බබා ලැබුණායින් පසු කාලසීමාව තුළ තාත්තලා මේ සම්බන්ධ වැඩි වගකීම වැඩිහිටියන්ගේ මඟපෙන්වීම් මත බබාගෙ අම්මාට ම පවරලා පැත්තකට වෙන ස්වභාවයක් තමයි ලංකාවේ තවමත් දකින්නට ලැබෙන්නේ. ඉතින් මේ තත්වය වෙනස් කරගන්න නූතන අම්මලා කටයුතු කළ යුතුමයි. එහෙම නොවු‍ණො‍ත් කවදහරි දවසක ඔබේ දියණිය මවක් වූ පසු ඇයටත් සැමියාගෙන් සහයෝගය ලබාගන්න බැරිවේවි. සැමියාගෙන් සහයෝගය ලබාගන්න මෙන්න මේ කරුණු ඔබට වැදගත් වේවි.

අංක එක දෙන්න ඕනෙ වැඩ කියාදෙන්න

ඔබ මවක් වූ බවත් ඔහු පියෙක් වූ බවත් මුල්වරට දැනගත් මොහොතේ දෙදෙනාම එක්ව සතුටු වු හැටි සිහිපත් කරන්න. ඔබට වගේම ඔබේ කුස තුළ දිනෙන් දින වැඩෙන දරුවාටත් ආදරය, අවධානය, රැකවරණය, පෝෂණය ලබාදෙන්නට හදවතින්ම ඔහු සූදානම්. එහෙත් ඔහුගේ රැකියාවේ ස්වභාවය, ඒ නිසා ඇතිවන කාර්යබහුලබව, අධික වෙහෙස, නිවසේ රැඳී සිටින්නට සිදුව ඇති සීමිත කාලය, වැනි හේතු නිසා සමහර වැදගත්ම දේ ඔහුට මඟහැරී යන අවස්ථා ඇතිවිය හැකියි. ඉතා උපේක්ෂාවෙන්, සංයමයෙන් එවැනි අවස්ථා ඔහුට සිහිපත් කරදෙන්න. මේ වකවානුව තුළ ඉහළම ප්‍රමුඛතාව ලබාදිය යුතු වැඩ කටයුතු ගැන ඔහු දැනුවත් කරන්න.

දැනෙන දේ කෙලින් ම කියන්න

ඔහු සමඟ විවෘතව කතාකරන්න. පෙම්වතුන් හැටියට සිටි කාලයේ වගේම විවෘතව සැමියා සමඟ කතාබහ කරන්න. ඔබට දැනෙන දේ, ඔබට දුක හිතෙන දේ, ඔබේ හිත රිදෙන තැන් ඔහු සමඟ නොකියා හිතේ පුරවාගන්න එපා. මවක් හැටියට ඔබ ආතතියට පත්වුණොත් එයින් වන යම් යම් ගැටළු සෘජුවම බලපාන්නේ හයක් හතරක් නොදන්නා පුංචි පැටියාටයි.

 වෙන අය වෙනුවට හැකි හැම විටම ඔහු හවුල් කරගන්න

දරුවා පියවරෙන් පියවර කුස තුළ වැඩෙන හැටි, සතියෙන් සතිය මවගේ උදරයේ වන වෙනස්වීම්, ඇගේ ශාරීරික අපහසුතා, මේ කාලයේ දී ඇයට ලබාදිය යුතු පෝෂණීය ආහාර, එන්නත් සහ ඖෂධ ආදී සියල්ල ගැනම මවත් පියාත් එක හා සමානව අවධානය යොමු කළයුතුයි. වැඩිහිටියන්, මිතුරන්, සහෝදරියන් කොපමණ පිරිසක් සිටියත් හැකි සියලුම අවස්ථාවල දී වෛද්‍යවරුන් හමුවීම, සායනවලට සහභාගී වීම, සෞඛ්‍ය උපදේශකයින් හමුවීම, පරීක්ෂණවලට සහභාගීවීම ඔහු සමඟම සිදුකරන්න. ඒ අවස්ථාවල දී වෙනත් අය වෙනුවට ඔහු තමා සමඟ සිටීමේ වැදගත්කම හොඳින් අවබෝධ කරදෙන්න.

එකතු වෙලා අනාගතය සැලසුම් කරන්න

දරුවා කුස තුළ අත් පා සොලවන හැටි, එවිට එය ඔබට දැනෙන හැටි, මිහිරි සංගීතයට, ඔබ දෙදෙනාගේ කටහඬට දරුවා සවන් දෙන හැටි එක්ව රසවිඳින්න. පියාට පිතෘභාවය ගැනත්, මවට උතුම් වූ මව්පදවිය ගැනත් බර හැඟීමක් ඇතිවන්නේ එවිටයි. දරුවා බිහිකරන්නට යන රෝහල, ඔබ තෝරාගන්නා වෛද්‍යවරයා, රෝහලට ගෙන යන බඩු ලයිස්තුව, දරුවා රැගෙන ආ පසු දරුවාගේ කාමරය සකස් කරන පිළිවෙළ, මේ සියල්ල දෙදෙනා එක්ව සාකච්ඡා කරන්න. ඔහුට වගේම මේ සියල්ල ඔබටත් ආධුනික බව ඇත්තයි. එහෙත් මේ සියල්ල වෙනත් අය විසින් සිදුකළ යුතු ‍ඒවා නොවෙයි.

ලාස්ට් චාන්ස් එක මිස් කරගන්න එපා

නිවිහැනහිල්ලේ සමීප වෙන්න, අදහස් බෙදාහදාගන්න  ඔබ දෙදෙනාට ලැබෙන අන්තිම වරප්‍රසාදය, ලාස්ට් චාන්ස් එක  තමයි මේ. දරුවන් ලැබුණට පස්සෙ ඔබ දෙදෙනාම ඔවුන් වෙනුවෙන් අතිශයින් කාර්යබහුල වෙනවා. ඒ නිසා මේ අවස්ථාව මඟහැරගන්න එපා. ඔබ වැඩියෙන්ම කැමති ගමන් බිමන් යන්න. වැඩියෙන්ම කැමති දේවල් කාලා බීලා, සතුටින් දවස් ගතකරන්න. දරුවා ලැබුණු පසු ඔබට ඔහුගේ සහයෝගය ඕනෑ කරන අවස්ථා ගැන ඔහුට ම දැනෙන්නට මේ හැම දෙයක්ම හේතුවේවි.

ඔබටත් දරුවාටත් ඔහුගේ සහාය  අත්‍යවශ්‍ය බව දැනෙන්න දෙන්න

දරුවා වෙනුවෙන් ස්මරණ පොතක් පවත්වාගෙන යන්න. ඔබ මවක වූ බව මුලින් ම දැනගත් පරීක්ෂණ ප්‍රතිඵලයේ සිට සියලු තොරතුරු එහි ඇතුළත් කරන්න. ඔබේ ගර්භනී අවස්ථාවල පින්තූර එහි ඇතුළත් කරන්න. දරුවා පළමුවෙන්ම කුස තුළ දඟලන අයුරු දැනුන දවසේ පටන් හැම වැදගත් තොරතුරක් ම එහි ඇතුළත් කරන්න.  මේ සියල්ලටත් ඔහුගේ සහයෝගය ලබාගන්න. සමහරවිට ඔහු මෙවැනි වැඩ එතරම් ඉහළින් අගය නොකරන්නට පුළුවනි. ටිකෙන් ටික ඔහුගේ අවධානය ඒවාට ලබාගන්න. ඔබ දෙදෙනාගේ සහසම්බන්ධය දියුණු කරගන්න තරමට මේ සියල්ල ඉතා පහසුයි.  දරුවාට අවශ්‍ය පෝෂණය, රැකවරණය, අවධානය සහ ආදරය මවගෙන් වගේම පියාගෙනුත් එක හා සමානව අවශ්‍ය බව ඔහුට අවබෝධ කරවන්නට මේ හැම දෙයක් ම උදව් වේවි.

 – නිරංජලා –

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Parenting

අලුත් අම්මා කෙනෙකුට ඔක්කොම එපා වෙන්නේ පසු ප්‍රසව විශාදය නිසා විය හැකියි

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) ජීවිතය තුළ ඉටු කරගත යුතු සිහින හැම යුවතියකටම තියෙනවා. දිලානිටත්

Read More »
Parenting

සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන තැම්බුම් හොද්දක් නිවැරදිව හදන්නෙ මෙහෙමයි

තැම්බුම් හොදි ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි මෙහි ගුණ ඉතාම අධිකයි. සියඹලා නිසා මළ බද්ධය අඩු වෙනවා. සුදුළූණු වල පිළිකා නැති කිරීම, පිත අඩු කිරීම, මළ

Read More »
Parenting

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම ගැනම විවිධ දේවල් ඔබේ මනසට නැඟෙන්න පුලුවන්. ඔබ සහ ඔබේ කුඩා දරුවා ජීවිතයට 

Read More »
Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »