hit counter code

ඔබේ දරුවා දකින දකින දේ ඉල්ලමින් හඬා වැටෙනවා ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

මිනුමි ඉපදුණේ හැදුණේ වැඩුණේ  ජපානයේ. සිය දෙමාපියන් සමඟ  නිවාඩුවකට ලංකාවට පැමිණි ඇය , දෙමාපියන්ගේ මිතුරු මිතුරියන් සමග සාප්පු සවාරි වලට සහභාගි  වීමට ද අමතක කළේ නැහැ. නමුත් දෙමාපියන්ගේ මිතුරන්ගේ දරුවන් සහ මිනුමි අතර කැපී පෙනෙන වෙනසක් තිබුණා. ඒ  ඇය දුටු දුටු දේ ඉල්ලා නොසිටීම වගේම, ඇයට අවශ්‍ය දෙයක් තිබුණහොත් ඉතාමත් ආචාරශීලීව ඒ ගැන දෙමාපියන්ගෙන් විමසන පුරුද්ද නිසා. මිනුමි ඉතාමත්ම සල්ලි ඇති පවුලක දරුවෙක් නිසාත්,දරුවන් ඉල්ලන සෑම දෙයක්ම අරන් දීම ආදරය සහ ලෝබ නැතිකම බවට තමන්වම ඉහළට දමාගෙන, එසේ නොකරන අයව අවතක්සේරු කරන  තිබූ දෙමාපියන් තම දරුවන්ගේ අකීකරු, අවිනීත හැසිරීම නිසා මහත් පීඩාවකට පත්වුණා. නමුත් ශ්‍රී ලාංකික දෙමාපියන් ලෙස ඔබ බොහෝ විට දන්නවා අපගේ දරුවන් කිසියම් දෙයක් ඉල්ලා සිටිමේදී ඉතාමත් හිතුවක්කාර ලෙස හඬා වැළපෙමින් බිම පෙරළෙමින් කටයුතු කරන බව.

නමුත් මිනුමි සම්පූර්ණයෙන්ම  පරිබාහිරව හැසුරුණේ ඇයි ?ඔබේ හෝ මගේ දරුවා එසේ නොවන්නේ ඇයි ?

1.වෙනසක් ඔබෙන් පටන් ගන්න.

ජපානය වගේ රටවල දරුවන් හැදෙන්නේ සිය පෙර පරපුර ආදර්ශයට අරගෙන. ඔබ දන්නවා ඔවුන් කෙතරම් ආචාරශීලී ද කියා . ඉතින් ඔබේ දරුවාගේ වැඩිහිටියන් ලෙස ප්‍රධානම කාර්යභාරය වන්නේ දරුවා හික්මවීමට පෙර ඔබ, ඔබව හික්මවා ගැනිමයි. සීමාවකින් තොරව දකින දකින දේ මිලට ගැනීම නතර කිරීම හරිම වැදගත්. ඒ වගේම ආචාරශීලීව කටයුතු කිරීම වගේම වැදගත් වුවත් නැතත් දරුවාගේ අවශ්‍යතාව ට සවන් දී ඔහු සමග ඒ පිළිබඳ සාකච්ඡාවක් ඇති කර ගැනීම  අනිවාර්යෙන්ම වැදගත් දෙයක්.

2.ඔබට බජට් එකක් ඇති බව දරුවාට කියා දෙන්න.

සම්පූර්ණයෙන් නිවසේ වියදම සඳහා වෙන් කරන මුදල වගේම, එහි දරුවාගේ අවශ්‍යතාවය සඳහා වෙන්කරන මුදල පිළිබඳ මුලින්ම ඔබ දැනගෙන සිටීම වැදගත්. එනිසා දරුවාට තේරෙන වයසේ සිටම ඔහුගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට වෙන් කළ හැකි මුදල පිටතට යාමට පෙර කියා දෙන්න.

3.නිවසින් පිට වීමට පෙර අවශ්‍යතා ලැයිස්තුව සාදාගන්න.

ඔබ, නිවසින් පිටවීමේදී ,අවශ්‍යතා ලැයිස්තුවක් සාදා ගැනීම හරිම වැදගත්. එහිදී දරුවා හට මිලදී ගැනීමට වෙන්කල මුදලත් ,අත්‍යවශ්‍යම භාණ්ඩ හැරුණු කොට ඔහුගේ චොයිස් එකට මිලදී ගත හැකි භාණ්ඩ පිළිබඳව ත් දරුවාව දැනුවත් කිරීම හරිම වැදගත්.

4.කියාදෙන්න !

මෙන්න මේ දේවල් අනිවාර්යයෙන් ම දරුවාට කියා දෙන්න.ප්‍රසිද්ධ ස්ථානයක හැසිරෙන ආකාරය, දේවල් ඉල්ලමින් බිම පෙරලීම දේවල් නොලැබීමට හේතුවක් බව, ආචාරශීලී වූ විට දරුවා කෙතරම් ලස්සන ද යන්න, නිවසේ සෑම සාමාජිකයෙකුට සේම දරුවාගේ අවශ්‍යතා සඳහා ත් ඔබට වියදම් කළ හැකි මුදල ගැන. ඇත්තම කියනවා නම් ඉහත අප සඳහන් කළ තත්ත්වය ඇති වීමට පෙර එය වළක්වා ගත හැකියි නම් ඉතාමත් සුදුසු බව ඔබත් දන්නවා. Prevention is the best cure.

5. මේ දරුවාව නොසලකා හැරීමක් නොවන බව ඔබම වටහා ගන්න.

දරුවන්ට කිසියම් දෙයක් අරන් දීමට නොහැකි වූ විට දෙමව්පියන්ට නිතැතින්ම වේදනාවක් දැනීම හරිම ස්වභාවිකයි. ඉතින් ඔබේ ඒ ආදරේ ම තමා අනවශ්‍ය දේවල් ඉල්ලීමට වගේම අකීකරු වීමට දරුවාව පොලඹවන සාධකය. ඒ නිසා එය වටහා ගැනීම හරිම වැදගත්.

6.පුදුම කරන තෑගි

දරුවා යහපත් හැසිරීම් රටාවන් පෙන්වන සෑම විටම surprise gift එකක් දීමට අමතක කරන්න එපා.එය ඔහුට, ඇයට විශිෂ්ට සම්මානයක් වගේම ඔවුන්ගේ සංවර හැසිරීම දිගටම පවත්වාගෙන යාමට කරන පෙළඹවීමක්ද වනවා.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ...

Read More

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ...

Read More

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට...

Read More

Related Posts

Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »
Parenting

අම්මගෙ කේන්තිය පිට වෙන්නේ දරුවො පිටින් ද?

දෙමව්පියන්ගේ ඕනෑ ම හැසිරීමක් දරුවන්ට බලපානවා. කේන්තිය කියාත් වෙනසක් නැහැ. අම්මාගේ කේන්තිය වගේ ම තාත්තාගේ කේන්තියත් එහෙමයි. අපි අද කතා කරන්නේ අම්මාගේ කේන්තිය දරුවන්ට බලපාන

Read More »