Hand, Foot and Mouth disease (අත් පා මුඛ රෝගය) මේ දිනවල කුඩා දරුවන් අතර බහුලව ඇති වෙන රෝගයක් ලෙස හඳුනා ගැනේ. Coxsackievirus නම් වෛරසය ආසාදනය වීම නිසා ඇති වේ. පහසුවෙන් බෝවන සුලු රෝගයකි. පැපොල රෝගයට සමානකමක් දක්වයි
රෝග ලක්ෂණ මොනවාද?
- අත්වල, පාදවල සහ මුඛයෙහි රතු ලප සහ වතුර පිරුණු සුදු බිබිලි ඇති වීම.
- වැළමිටෙහි සහ තට්ටම්වලත් මේ බිබිලි සහ ලප ඇති විය හැක.
- සිරුර කැසීම.
- උණ.
- උගුරේ සහ මුඛයේ වේදනාව.
- ගිලින්නට අපහසු වීම.
වැළඳෙන්නේ කොහොමද?
ආසාදිත පුද්ගලයෙකුගේ සම ස්පර්ශ වීම මගින් පහසුවෙන් බෝ විය හැක.
නැවත නැවත වැළඳීමේ හැකියාවක් තිබේද?
පැපොල රෝගය මෙන් වැළඳීමෙන් පසු ප්‍රතිශක්තිකරණයක් සිරුර තුළ ඇතිවීමක් සිදු නොවේ. එම නිසා නැවත නැවත වැළඳෙන්නට හැකියාව තිබේ.
මේ රෝගය භයානක ද?
ජීවිත හානි වීමේ අවධානම ඉතා අඩු අතර කලාතුරකින් නියපොතු හැලෙන්නට ඉඩක් තිබේ.
රෝගය හැදුනොත් මොකද කරන්නේ?
- නිශ්චිත ප්‍රතිකර්මයක් නොමැති වුවත් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
- බොහෝ විට සින්ක් අඩංගු ආහාර ගැනීමට උපදෙස් ලබා දේ. පැළ මුං හොඳ සින්ක් ප්‍රභවයකි.
- ආසාදිත දරුවන් පාසල්,පෙර පාසල් වැනි දරුවන් ගැවසෙන තැන්වලට නොයැවන්න.
රෝගය වළක්වා ගන්නේ කෙසේද?
ආසදිත අයගෙන් හැකිතාක් ඈත් වී සිටීම කළ යුතු යි. පොදු ස්ථානවල ගැවසීමේදී යහපත් සනීපාරක්ෂක පුරුදුවල යෙදීමට දරුවන් පුහුණු කළ යුතුය.