hit counter code

ආච්චි සීයගේ ඕනෑවට වැඩි ආදරය දරුවාගේ පෞරුෂයට හානියක්ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

අපේ ආසියාතික සමාජය තුළ පවුල් බන්ධන ඉතාමත් දැඩිව පවත්වාගෙන යනවා.මානසිකව මෙන්ම කායිකව ද දරු මුනුපුරන් සමග ගෙවන විස්තෘත පවුල් පරිසරයකට බොහොමයක් දෙනා කැමැත්තක් දක්වනවා. මෙහි වාසි වගේම අවාසිත් බහුලව තිබෙන අතර මාපිය දූදරු දෙපාර්ශවයම වගකීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු නොකළහොත් එහි අහිතර ප්‍රතිඵලයන් විඳින්නට වෙන්නේ තුන් වෙනි පරම්පරාවේ සාමාජිකයන් ට වීම නොවැළැක්විය හැක්කක්.

“මගේ අම්මා,මගේ තාත්තා  මගේ දරුවන්ට අසාමාන්‍ය විදියට ආදරෙයි.”

මෙහෙම කියන අය ඔබට අනන්තවත් මුණ ගැසෙනවා ඇති. සමහරවිට ඔබත් එහෙම කෙනෙක් වෙන්නත් ඇති. එහෙම නේද? මට නම් නිරන්තරයෙන්ම මුනගැසෙන බොහෝ අය අතර මේ අසාමාන්‍ය ආදරය ඔවුන්ගේ සතුට විනාශ කර ජීවිතය අපායක් බවට පත් කර තිබෙනවා. එහෙම නැත්තේ නම් හෝ අනාගතයේදී මුරණ්ඩු, පෞරුෂයෙන් හීන, අදක්ෂ දරුවෙක් ලෙස ඔබේ ඇස් පනාපිටම ඔබේ දරුවා සමාජගත වේවි.

අසාමාන්‍ය ආදරයේ ලක්ෂණ මොනවාද? මේක ඔයාට, ඔයාගේ පවුලේ අයට විතරක් විශේෂ දෙයක් ද?

බොහෝ දෙමාපියන් සිය විවේකී සැඳෑ සමයේදී තම දරුවන්ගේ දරුවන් සමග බැඳීම සාමාන්‍ය දෙයක්. ඉස්සර ඔබට තරවටු කරමින්,සැර වැර කරමින් කටයුතු කළ ඔවුන් සිය මුනුබුරු මිනිබිරියන් ඉදිරියේ ඉතාමත්ම ශාන්තව සාන්තුවරයන්ගේ චරිත රඟපානු ඔබට නුපුරුදු අත් දැකීමක් නොවෙයි. ඇත්තටම මෙය රඟපෑමක් නොව ජීවිතයේ එම අවධියේදී ඔවුනට ලැබෙන විවේකය වගේම වැඩි අවධානයක් දැක්වීමට තරම් විවේකයක් ඇති බව නිසා සිදුවෙන දෙයක්.

මෙහිදී සිදුවන්නේ දරුවාගේ දෙමාපියන් දරුවා හරිහැටි රැක බලා නොගන්න බව පවසමින් චෝදනා කිරීමයි. නිතරම තරුණ මව්පියන් අපහසුතාවටට ලක් වන එවැනි අවස්තා කිහිපයක් තමයි මේ. සමහර විට ඔබටත් මෙවැනි අත්දැකීම් ඇති.

  • දරුවා හැඬවීම ගැන දෙමාපියන්ට නිතරම චෝදනා එල්ල කිරීම.
  • දරුවාට හරියාකාරව කවන්නේ නැතැයි පැවසීම.
  • දරුවාගේ කාර්‍යයන් කිරීමේදී අඩුපාඩු සෙවීමට පටන් ගැනීම.
  • දරුවාගේ අතට පයට සියල්ලම කර දීම. අනවශ්‍ය ලෙස සුරතල් කිරීම.
  • ගමනක් බිමනක් ගියත් අනවශ්‍ය ලෙස දරුවා ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම.
  • දරුවා සම්බන්ධ සියලුම තීරණ ගැනීමට සම්බන්ධ වීම – ඇසුරු කරන්නන් පවා තීරණය කිරීම.

එකී මෙකී නොකී ලක්ෂණ රැසක් රෙඩ් ෆ්ලෑග්ස් ලෙස හඳුනා ගන්නට බොහෝ අය සමත් වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් දකින්නේ “අනේ අපේ අම්මයි තාත්තයි අපේ බබාට තියෙන්නෙ අසාමාන්‍ය ආදරයක්.මට හිතා ගන්නත් බැහැ ඒක නම්,ඒ අතින් මෙයා හරිම වාසනාවන්තයි” යනුවෙන්.

නමුත් එලෙස හැදෙන දරුවන් පසුකාලීනව ,

  • මුරණ්ඩු බව
  • දෙමාපියන් ගේ අවවාද නොසලකා ආච්චී,සීයා පසු පස දිවීම.
  • තනිවම කෑමට,තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට ඇති නොහැකියාව.
  • ක්‍රීඩාශීලී නොවීම.
  • පෞරුෂයේ ගැටලු
  • ඉගෙනුම් ගැටලු
  • සමාජය ඉදිරියට නොයා කුලෑටි ගති ලක්ෂණ පෙන්වීම
  • ඉතාමත් නිහඬ චරිතයක් ලෙස සමාජගත වීම

වැනි ගැටලුකාරී හැසිරීම් හා පෞරුෂීය ගැටලු වලට ලක් වෙන්න පුලුවන් .

ඉතින් මේ සියල්ලම ඉහත කියූ අසාමාන්‍ය ආදරයේ හා අසාමාන්‍ය රැකවරණය තුලින් ඇතිවිය හැකි ඍණාත්මක දේවල් වෙන්න පුලුවන්. එහෙනම් එතනම මොනවාහරි වරදක් තිබෙනවා. මෙවන් හැසිරීම්  සමහර විට ඔබට පහසුවක් වුණත් එයින් දරුවාට වන හානිය කිසිසේත්ම ගණනය වන්නේ නැහැ. ඒ නිසා මුලින්ම දෙමාපියන් දරුවන් හැදීම ගැන ඔබේ දැනුවත් වීම හරිම වැදගත්.

දැන් ඇති තරම් පේරන්ටින් එහෙම නැත්නම් දෙමාපියන් සහ දරුවන් සම්බන්ධව වෙන්වූ වෙබ් අඩවි තිබෙනවා. ඒවා ඉංග්‍රීසියෙන් වගේම සිංහලෙන්ද තිබෙනවා. ඒ නිසා ඔබ මවක්, පියෙක් වීමට කලින් දරුවන් ගැන දැනුම ලබා ගන්න.

  • ඔවුන්ගේ වර්ධනය ට පරිසරය කෙතරම් වැදගත් ද යන්න සොයා බලන්න. ඒ පරිසර සාධක දරුවා වටා ස්ථාපනය කිරීමට ඔබට හැකිද? හැකිවී තිබේදැයි සොයා බලන්න.
  • දරුවා බලාගන්නේ කෙසේද යන්න ගැන සැලසුම් සකස් කරගන්න.
  • දෙමාපියන් ගේ අනවශ්‍ය මැදිහත්වීම් ඔවුන්ගේ සිත් නොරිදවා මුල සිටම පාලන මට්ටමේ තබා ගන්න.එය ගිලීහී ගියොත් ඔබට නැවත එය ලබා ගැනීම පහසු වන්නේ නැහැ.
  • අසාමාන්‍ය තරම් ආදරය යනු අනෙකාගේ ජීවිතය අනිසි ලෙස, අහිතකර ලෙස පාලනය කරමින්, තමන්ට අවශ්‍ය දේ කර ගැනීම නොවන බවත් සිහි තබා ගැනීම වැදගත් වෙන්නේ ඔබේ දරුවන් එහි ගොදුරු නොවිය යුතු නිසා.
  • දෙමාපියන්ට ඔබේ දරුවන් බලා ගන්නට දෙන්නටම වන්නේ නම් දරුවන් ගැන, ඔවුන්ගේ වර්ධනය ගැන නවීන විද්‍යාත්මක තොරතුරු ඔවුන්ට කියවිය හැකි හෝ දැනුවත් කරලීමට හෝ මගක් සකසන්න.

මේ ලිපියේ අරමුණ ඔබේ දෙමාපියන් සමග කුඩා කාලය ගතකරන ඔබේ දරු පැටියාව ආච්ච් සීයාගෙන් ඈත් කර තබන ලෙස ඔබට යෝජනා කිරීම නොවේ. වැඩිහිටියන් සමග කුඩා කාලය ගෙවන ඉතාමත් නිර්මාණශීලී දෂ දරුවන් ඕනෑතරම් ඉන්නවා. මේ ලිපියේ අරමුණ ඔබේ දරුවාගේ වැදගත්ම සංවර්ධන අවධියක් වන පූර්ව ළමා අවධිය හා පෙර යොවුන් වියේදී නිවසේ සිටින වැඩිහිටියන්ගේ අනවශ්‍ය රැකවරණය හා හුරතලය මගින් දරුවගේ පෞරුෂයට හානි වීම වැළැක්වීමට ඔබ බුද්ධිමත් විය යුතු බව ඔබට සිහිපත් කිරීමයි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Parenting

පුංචි පැටියට පෙර පාසලක් සොයනව ද ?

මල් පිපි ඵලබර වූ ගසක් සශ්‍රීයව පලබර වන්නේ  එහි මූල පද්ධතිය ශක්තිමත් නම් පමණි. දෙමාපින්ගේ  වටිනාම සම්පත වන්නේ දරුවන්ය. දරුවන්ගේ අනාගතය පැහැබර කිරීම දෙමාපියන්ගේ ප්‍රධාන

Read More »
Parenting

දරුවාට වෙනත් භාෂාවක් උගන්වන්නේ කොහොමද?

දරුවන්ට නිවසේ පාවිච්චි කරන භාෂාවට අමතරව වෙනත් භාෂාවක් උගන්වන්න පුලුවන්ද? ඒ සඳහා සුදුසුම කාලය මොකක්ද? අද ලිපිය ඒ ගැන.දරුවන්ට භාෂා කිහිපයක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා.

Read More »
Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »