hit counter code

ආදර අප්පච්චි – 01 – මේනක රාජපක්ෂ

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් නව පරපුරේ රංගන ශිල්පින් අතර ජනප්‍රිය යුගලයක්. මේ දවස්වල ඔවුන් දෙදෙනා සහ දියණියන් දෙදෙනාගේ සුන්දර ඡායාරූප සහ වීඩියෝ නිසා. ඇත්තටම පවුලක බැඳීම පෙන්වන්න මේ සුන්දර සාක්ෂි ගැනත් වැඩිය. අද “ආදර අප්පච්වි ” විශේෂාංගයට මේනක එකතු වන්නේ දියණියන් ගැන කතා කරන්න.

නෙහාරා අම්මා කෙනෙක් වෙන්න යනවා කියන ආරංචිය ඔබට දැනුණේ කොහොමද?

විවාහයෙන් වසර හයකට පසු අපි තීරණයක එනවා දරුවෙක් හදන්න. අපේ ජීවිතවල වෙනස්කම් වෙලා තිබුණේ. ඒ නිසා අපි කාලයට ඉඩ දෙන්න තීරණය කළා. මගෙයි නෙහාරාගෙයි පළවෙනි දරුවා එන ආරංචිය අපි දැනගත්තේ 2020 අප්‍රේල් මාසෙදි. ඒ පෞද්ගලිකව ගත්තම මගේ දෙවැනි දරුවා. ඉතාම සතුටක් දැනුණා.මගේ පළවෙනි දූට අවුරුදු දහයක් සම්පූර්ණ වෙනකොට මගේ දෙවැනි දුව ඉපදෙන්නේ. දෙන්නම දෙසැම්බර් මාසයේ දරුවෝ. නෙහාරා ප්‍රෙග්නන්ට් කියලා දැනගැනීම මට හරි සතුටක් වුණා.

බිරිඳගේ ගර්භනී කාලයේදී ඇයට උදව් කළේ කොහොමද?

නෙහාරාගේ සහ මගේ පළවෙනි දූ මේලි ලැබෙන්න ඉන්නකොට කොරෝනා වසංගතයේ උග්‍රම අවධිය. රට වහලා තියනකොට තමයි අපිට වෛද්‍යවරයා මුණ ගැහෙන්න වුණේ. ඒ කාලයේ ටෙලි නාට්‍ය වැඩ වුණේ නෑ. වැඩ කළත් සම්පූර්ණ දර්ශන වාර අවසන් කරලා PCR කරලා ගෙදර ගියේ. ඒ කාලයේ මාත් ගොඩක් වැඩ බාර ගත්තේ නෑ. මම ගෙදරත් හිටියා.  ඒත් චූටි බබා ඉපදෙනකොට රටේ ආර්ථික මට්ටම වෙනස්. අනිවාර්යයෙන් වැඩ කළ යුතුමයි.ඒ නිසා මට ලොකුවට උදව් කරන්න කාලය මදි. ඒත් මේලි නිසා ලැබුණු අත්දැකීම් නිස නෙහාරාට මගෙ උදව් ලොකුවට අවශ්‍ය වුණේ නෑ. ඒත් ඒ වතාවේ මේලිත් බලාගනිමින් ගර්භනී බව දරා සිටීම ලේසි නෑ. ඒත් මට මේලිට තරම් දෙවැනි දූ වෙනුවෙන් නෙහාරාට උදව් වෙන්න බැරි උනා.

දරු දෙදෙනාගේ කටයුතු සැලසුම් කරගන්නේ කොහොමද?

ලොකු දූට අවුරුදු දෙකයි මාස දෙකයි. චූටි දුවට මාස තුනයි. මේලි නංගිට ඉරිසියාවක් ඇති කරගනී කියලා හිතුවට එහෙම වුණේ නැහැ. ආදරේ උච්චවෙන අවස්ථා හිරිහැර වෙනවා විතරයි. අක්කාට හෙම්බිරිස්සාවක් ආවොත් නංගිට හෙම්බිරිස්සාවක් අනිවාර්යයි වගේ සුන්දර ගැටළු නම් මතුවෙනවා. මේලිට නංගි ගැන ඉරිසියාව ඇති වෙනවට වඩා දෙන්නම එකට හැදෙන එක හොඳයි. දෙන්නා ලස්සනට අක්කා නංගි රෝල් එක ප්ලේ කරනවා.

රටේ තත්ත්වය එක්ක දියණියන් උස්මහත් කිරීමේ වගකීම තාත්තා කෙනෙක් හැටියට ඔබට දැනෙන්නේ කොහොමද?

මම දූලා තුන්දෙනෙක්ගේ තාත්තෙක්. දුවලද පුතාලද රැක ගත යුතු කියලා නම් මේ රට ඇතුළේ තීරණයකට එන්න අමාරුයි.පුතෙක් ඉපදුණත් මත්ද්‍රව්‍ය සහ විවිධ අපචාර එක්ක බයක් ඇති වෙනවා.ආරක්ෂා කරන්න අමාරුයි. දුවෙක්ව සමාජයේ ගැටෙන්න උස්මහත් කිරීමත් අපහසුයි. පුතාද දුවද කියලා නෑ. නිසි අධ්‍යාපනයක් දෙන්න ඕනෑ. ඕනෑම රටක ජීවත් වෙද්දී ඒක වැදගත්. අඩිතාලම තමා ඉතාම වැදගත්. ඒක තමයි දෙමාපියන් කළ යුතු වෙන්නේ. ආදරය සහ රැකවරණය වගේම ඒකත් වැදගත්.

දියණියන් ගැන ඔබේ අනාගත බලාපොරොත්තු කොහොමද?

අපි එහෙම ලොකු අරමුණු හදාගෙන නෑ. එයාලා පොළොවේ පය ගහලා ඉන්න දරුවෝ වෙන්න ඕනෑ.මේනක සහ නෙහාරාගේ දරුවෝ හැටියට නෙවෙයි එයාලා තමන්ගේම අනන්‍යතාව එක්ක ගමනක් යන්න ඕන. වාහන වගේම බස් එකේ යන පොළොවේ පය ගහලා ඉන්න දරුවෝ හදන එකයි අපේ අදහස. මොකද ආර්ථික මට්ටම හැමදාම පවතින්නේ නැති වෙන්න පුලුවන්.දෙමාපියන් හැටියට අපි උපරිමය දෙනවා. ඒත් ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න හැකි වෙන්න ඔවුන්ව ඇතිදැඩි කිරීම තමයි මගේ අරමුණ

දියණියන් තිදෙනෙකුගේ ආදරණීය තාත්තා කෙනෙකු හැටියට මේනක රාජපක්ෂට අපි සමඟ බෙදා ගන්න තිබුණේ එහෙම කතාවක්.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

පිළිකා නසා දරුවන්ගේ මළබද්ධය වළකන ගිතෙල් ගැන දැනගනිමු.

සියවස් ගණනාවක් පුරා ඉන්දියානු ආහාරවල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ගිතෙල් හඳුනාගත හැකියි. මේදයෙන් වෙන් වන තෙක් බටර් රත් කිරීමෙන් එය සාදන අතර එමඟින් විවිධ අරමුණු සඳහා

Read More »
Parenting

සිරීපාදයෙන් ආ පාචනයේ ඇත්ත කතාව

මේ දවස්වල හැමෝම බයෙන් ඉන්නෙ ශ්‍රී පාදයේ වන්දනාකරුවන්ගෙන් වාර්තා වුනු ලිස්ටීරියා කියන රෝගය ගැන.ලංකාවෙ අපිට එතරම් හුරුපුරුදු රෝගයක් නොවන නිසා ඔබ මේ නම අහලත් නැතිවෙන්න

Read More »