hit counter code

බබාට කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

මාස හයක්ම මවුකිරි වලින් යැපුණ සිඟිති පැටියා අතිරේක ආහාර වලට සූදානම් වෙනවා කියන එක බබාට වගේම අම්මටත් හරිම සුවිශේෂී කාලපරාසයක්. සාමාන්‍යයෙන් මවුකිරෙන් පමණක් දරුවා පෝෂණය වෙන්නෙ මාස හයක්.. ඉන්පස්සේ දරුවා ඝණ ආහාර වලට පුරුදු කරනවා. කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද? කියලා අපි බලමු.

කවන්නේ කොතැනද ?

මුලින්ම දරුවාට කවන්නට සුදුසු වටපිටාවක් නිර්මාණය කරගත යුතුයි. දරුවාට ආරක්ෂාකාරීව හිඳගැනීමට සුදුසු පරිදි පුටුවක් තිබිය යුතුයි. මේවා වෙළඳපොළේ පවා ඇති අතර ඔබට වඩු කාර්මිකයෙකු ලවා සකස් කරගන්නත් පුළුවන්. එසේම දරුවාට ප්‍රසන්න පරිසරයක් නිර්මාණය කරගත යුතුයි. ඔබට මේ සඳහා හොඳින් ආලෝකය සහ වාතාශ්‍රය ලැබෙන ඉඩක් තෝරාගත හැකියි. පහසුවෙන් පිරිසිදු කරගත හැකි තැනක් වීම අමතර වාසියක්. මතක තබා ගත යුතු කාරණයක් තිබෙනවා. ඒ ඔබ තෝරා ගත් ස්ථානය ම ආහාර ගන්නා සෑම විටම දරුවාව තබා ගැනීමයි. එමගින් ඔබට දරුවාව වඩාගෙන ඇවිදමින් කවන්නට අවශ්‍ය වන්නේ නෑ. දරුවා නිතැතින් ම එකතැනක සිට ආහාර ගන්නට පුරුදු වෙනවා. 

ආහාර සකස් කරගන්නා අයුරු

මුලින්ම දරුවාට ලබාදෙන්නේ තලපයක් සේ සකස් කරන ලද ආහාර. ඉන් මාසයකට පසුව සියුම් ලෙස කැබැලි කරන ලද ආහාර ලබා දෙනවා. සාමාන්‍යයෙන් දරුවාට වසරක් පමණ යනතුරු ලුණු සීනි ආදිය එක්කරන ලද ආහාර කවන්නේ නෑ. ආහාර සකස් කරන්නට මැටි වළඳක්,පොල් කටු හැන්දක් සහ ආහාර පොඩි කර මත්ගා ගන්නට නෑඹිලියක් ඔබට අවශ්‍ය වෙනවා. මේවා දරුවාට පමණක් වෙන් කරගෙන තබා ගත යුතුයි. වර්තමානයේදී දරුවන්ට ආහාර පිසින්නට කුඩා රයිස්කුකර්, ආහාර කැබලි කරන දැල් උපකරණ කට්ටල ආදියත් වෙළඳපොලේ තිබෙනවා. 

පිරිසිදුකම අංක එක!

එසේම දරුවාගේ කෑම ඉතා පිරිසිදුව සකස් කරගත යුතු වෙනවා. දරුවාට කෑම කවන්නට ගන්නා පිඟාන,කෝප්පය සහ හැන්ද ප්ලාස්ටික් නම් ඒවා අනිවාර්යයෙන් ම ආහාර ගැනීමට සුදුසු ප්ලාස්ටික් වර්ගයක විය යුතුයි. කවන්නට පෙර දරුවාගේ පිඟාන , කෝප්පය, දරුවාට ආහාර පිසින භාජන සහ හැඳි උණුවතුරෙන් තම්බාගෙන විෂබීජහරණය කළ යුතුයි. ඒ සඳහා විශාල බඳුනක් තබා ගැනීම වැදගත්.

ගෙවත්තෙන්ම නැවුම් එළවළු

දරුවාගේ කෑමපතට අවශ්‍ය පලා වර්ග සහ ඇතැම් එළවළු වර්ග ඔබට ගෙවත්තේම වගා කරගත හැකියි.එයින් දරුවාට වසවිසෙන් තොර , ඉතා පිරිසිදු සහ ගුණාත්මක බවින් තොර ආහාර වේලක් ලැබෙනු නොඅනුමානයි.

වැදගත් ම දේ

මාස හයක් හෝ ආසන්න කාලයක් මවුකිරි විතරක් ම බිව්ව දරුවා මුල් වතාවටයි ඝන ආහාරයක් ගන්න හදන්නේ. ඉතින් ඔබ බලාපොරොත්තු වෙන ආකාරයෙන් – ඒ ප්‍රමාණයෙන් ම මුලින් ආහාර නොගන්නට පුලුවන්. ඒ වගේම ඉතා තදින් ප්‍රතික්ෂේප කරන්න පවා පුලුවන්. ඉතා ම සංයමයෙන් ඉවසීමෙන් ක්‍රම ක්‍රමයෙන් ආහාරවලට දරුවා හුරු වෙනවා. එය කිසිසේසත් අපහසු දෙයක් නෙවෙයි. වඩාත් වැදගත් ඔබ පීඩාවට පත් නොවී දරුවාවත් පීඩාවට පත් නොකර කාලයට ඉඩ දීමයි. 

මෙම ආහාර සමඟ මවුකිරි ලබාදීමත් වැදගත්..

කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම මැයෙන් වැඩමුළු සහ සායන ඔබ ප්‍රදේශයේ MOH මඟින් පැවැත්වෙනවා. එයට සහභාගි වීම ඔබේ වගකීමක්!

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Infant

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගන්නේ.. ළපටින් ළදරුම වලිප්පු උනඳුට කොත්තමල්ලි තම්බා දෙන්නේ..

Read More »
Breastfeeding

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක

Read More »
Breastfeeding

අලුත් අම්මට කිරි මදිනම්!

බබා ඉපදිලා මාස 6ක් යනතුරු බබාගෙ එකම ආහාරය වෙන්න ඕනෙ මව්කිරි විතරමයි. ඒක ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. බබාට කිරි දෙනකොට, විශේෂයෙන් අලුත් අම්මලට ගොඩක්

Read More »
Breastfeeding

පියයුරු පොඩි නම් බබාට කිරි නැද්ද?

පැතලි පියයුරු තිබ්බොත් මව්කිරි දෙන්න බැරි ද? මේ ප්‍රශ්නයට නිවැරදි සහ එකම පිළිතුර “නැහැ, පුළුවන්” කියන එක.සිරුර තුළ මව්කිරි නිපදවෙන ආකාරය සහ දරුවා මව්කිරි උරා

Read More »