hit counter code

ඉපදෙන විට ම දරුවාට ලැබෙන රත්තරන් දායාදය – රන්කිරි

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

රන්කිරි ,එහෙමත් නැත්නම් කොලස්ට්‍රම් කියන්නෙ මේ ලෝකේ තියෙන ගුණවත්ම ආහාරය කිව්වොත් එහි වරදක් නැහැ. දරුවා බිහිවීමත් සමඟම මවට එරෙන මුල්ම කිරි ටික තමා කොලස්ට්‍රම් කියන්නේ. මෙය දරුවාගේ වර්ධනයට අනිවාර්‍යයෙන්ම අවශ්‍යයයි. ඒවගෙම ඉතාම පෝෂ්‍යදායකයි. සාමාන්‍යය මවුකිරි වල නැති විශේෂිත සංඝටක කොලස්ට්‍රම් වල තිබෙනවා. අලුත ඉපදුණ දරුවාගේ පළමු ආහාර වේල වන්නට හොඳම සුදුස්සා වන්නේ මේ කොලස්ට්‍රම්.. කොලස්ට්‍රම් හැදෙන්නේ ගර්භණී කාලයේදි.. දරුවාගේ උපතත් සමඟ දින දෙක තුනක් පමණ කාලයක් මවගෙන් මවුකිරි ලෙස කොලස්ට්‍රම් ස්‍රාවය වෙනවා. එම කොලස්ට්‍රම් සියල්ලම බිඳුවක් නෑර ලබන්නට දරුවා සුදුස්සෙක්..

කොලස්ට්රම් මොනවගේද?

කොලස්ට්‍රම් කියන්නේ මවුකිරි වල මුල්ම අවධිය.

සාමාන්‍ය මවුකිරි ඕෆ් වයිට් වගේ පැහැයක් ගත්තත්, කොලස්ට්‍රම් ලා කහ පැහැයක් ගන්නවා. ඔව්, රන්වන් පැහැයක් තමයි. ඒවගේම තරමක් උකු ගලාගෙන යන ද්‍රාවණයක්.

මේ පැහැයේ වෙනස්කම නිසාත් නොදැනුවත්කම නිසාත් සමහර මවුවරුන් මේ රන්කිරි දොවලා විසි කරපු සිද්ධි වාර්තා වෙලා තියෙනවා. එය විශාල අපරාධයක්! අලුත ඉපදුණ සිඟිත්තාට දිය යුතුම ආහාරයක් තමයි රන්කිරි කියන්නේ, එය අනිවාර්‍යයෙන් දරුවාට දිය යුතුමයි!

කොලස්ට්‍රම් වල සංඝටක…

සාමාන්‍ය මවුකිරි වලට වඩා කොලස්ට්‍රම් වල පෝෂ්‍ය සංඝටක වැඩියි.

අලුත ඉපදුණ දරුවන්ගේ ජීරණ පද්ධතියත් හරිම ළපටියි. ඒ ළදරු ජීරණ පද්ධතියට ගැළපෙන විදියට කොලස්ට්‍රම් හැදිලා තියෙනවා.

කොලස්ට්‍රම් වල මානව ප්‍රතිශක්තියට හේතුවෙන සෛල සහ ප්‍රතිදේහ තියෙනවා. අලුත උපන් ළඳරුවාට නීරෝගීව ජීවත් වෙන්නට අත්තිවාරමක් කොලස්ට්‍රම් මගින් සැපයෙන්නෙ එහෙමයි. ඊට අමතරව කොලස්ට්‍රම් වල පවතින ලැක්ටොෆෙරීන්, ලයිසොසයිම්, ලැක්ටොෆෙරොක්සිඩේස් සහ ප්‍රෝලයින් බහුල පොලිපෙප්ටයිඩත් ප්‍රතිශක්තිය වැඩිකරන්න දායක වන සංඝටකයන් සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යාවත්කාලීන කරන සංඝටකයන් මෙහි අඩංගුයි.

දරුවාගේ වර්ධනය සඳහා අවශ්‍ය වන මේදය, ප්‍රෝටීන් සහ විටමින් ආදී පෝෂ්‍ය සංඝටක රාශියක් අඩංගු වෙනවා.

කොලස්ට්‍රම් වල ගුණ…

කලින් කීවා වගේ කොලස්ට්‍රම් ළදරු ජීරණ පද්ධතියට ගැලපෙන ලෙස හැදිලා තියෙනවා. එම නිසා දරුවාගේ මුල්ම ආහාර වේල ජීරණ ප්‍රශ්නයකින් තොරව දරුවාට ලැබෙනවා. දරුවාගේ ආහාර ජීරණ පද්ධතිය පරිණත වෙන්න කොලස්ට්‍රම් විසින් කාලය ලබාදෙනවා.

කොලස්ට්‍රම් වල තියෙන ප්‍රතිදේහජනක ඇතුළු අනිත් සංඝටක ළදරු ප්‍රතිශක්තිය ඉහළ නංවනවා. එමඟින් දරුවා අසනීප වලින් ආරක්ෂා වෙනවා. දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාකාරී සහ ශක්තිමත් කරනවා.

ඒ වගේම කොලස්ට්‍රම් වල ලාවට වගේ තියෙනවා විරේක ගුණයක්. ළදරුවාගෙ මුල්ම මළපහ පහසුවෙන් බැහැර කරන්නත් මේ කොලස්ට්‍රම් උදව් වෙනවා. මෙමගින් වැඩිපුර ඇති බිලිරුබින් අයින් වෙලා යනවා. එමඟින් දරුවා කහ වීම වළක්වනවා.

ඉතිං කොලස්ට්‍රම් වලට රන්කිරි නොකියා වෙන මොනවාට රන්කිරි කියලා කියන්නද…..

 
 
Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට
Health

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට බාලගිරි දෝෂය කියලා. ඇත්තටම මේ බාලගිරි දෝෂය කියන්නෙ මොකක්ද? අතීතයේ සිට ලංකාවෙ තියෙන

Read More »
Infant

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගන්නේ.. ළපටින් ළදරුම වලිප්පු උනඳුට කොත්තමල්ලි තම්බා දෙන්නේ..

Read More »
Breastfeeding

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක

Read More »
Breastfeeding

අලුත් අම්මට කිරි මදිනම්!

බබා ඉපදිලා මාස 6ක් යනතුරු බබාගෙ එකම ආහාරය වෙන්න ඕනෙ මව්කිරි විතරමයි. ඒක ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. බබාට කිරි දෙනකොට, විශේෂයෙන් අලුත් අම්මලට ගොඩක්

Read More »