hit counter code

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ වෙන එක. මේ වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් දේවල් තියෙනවාද? දරුවා නීරෝගීව තියාගන්න කරන්න පුලුවන් දේවල්? ඇත්තෙන්ම ඔව්. දරුවගෙ ප්‍රතිශක්තිය වැඩි කිරීම මඟින් දරුවාව රෝග වලින් ආරක්ෂා කරගන්න හැකියාව තියෙනවා. අද ලිපිය දරුවන්ගෙ ප්‍රතිශක්තිය වැඩි කරන්න ඔබට කරන්න පුලුවන් දේවල් ගැන.

සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් දරුවන්ට ලබාදෙන්න

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කියන එකේ තේරුම තමයි දරුවගෙ ආහාර වේලට එළවළු, පළතුරු, ධාන්‍ය වර්ග සහ මේදය අඩු ප්‍රෝටීන් අඩංගු ආහාර (හරක්මස්, කුකුල්මස්, යෝගට්, චීස්, ටෝෆු) අඩංගු කරන එක.

ඒ වගේම කෘත්‍රිම ආහාර දෙන්නම එපා. කලාතුරකින් දෙන එක ප්‍රශ්නයක් නැහැ. ආහාර අතිරේක ඕනෙ තරම් වෙළඳපොලේ තිබුණත් සමබල ආහාර වේලක් තරම් ඒවා ඵලදායි වෙන්නෙ නැහැ. නමුත් ඔබේ දරුවා තරයේම එලවලු ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් වෛද්‍යවරයෙක් හමුවෙලා ආහාර අතිරේකයක් හෝ විටමින් වර්ගයක් නිර්දේශ කරගන්න පුලුවන්.

දරුවන්ට ප්‍රමාණවත් නින්දක් ලබාදෙන්න.

නින්ද අපි හැමෝටම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම දරුවන්ට. වයස අනුව දරුවන්ට නින්ද අවශ්‍ය කාලය වෙනස්. ඒ වගේම දරුවෙක්ගෙන් දරුවෙක්‍ටත් කාලය වෙනස් වෙනවා. ඩිජිටල් තිර භාවිතය සීමා කිරීම සහ නින්ද නියමිත කාලසටහනක් අනුව දරුවාට හුරුකිරීම ඔබට උදව්වක් වේවි.

දරුවන්ට ක්‍රියාශීලීව ඉන්න හුරුකරන්න

දරුවන්ට එලිමහනේ සෙල්ලම් කරන්න ඉඩදෙන්න. ක්‍රියාශීලි වීම නීරෝගී ජීවිතයකට අත්‍යවශ්‍ය සාධකයක්. දවසකට පැයක්වත් සෙල්ලම් කරන්න දරුවාව හුරුකරන්න. ඔබේ දරුවා මොනයම් හෝ ක්‍රීඩාවක නිරතවෙන කෙනෙක්නම් දරුවාව අධික වෙහෙසට පත්නොවන ලෙස ඒ ක්‍රීඩාවල යොදවන්න.

මානසික ආතතියට දරුවාව ගොදුරුවෙන්න ඉඩදෙන්න එපා

මානසික ආතතිය රෝග තත්වවලට අතවැනීමක් වගෙයි. විශේෂයෙන්ම දරුවන්ට. ඒ නිසා ඔවුන්ගේ මානසික සහනය ගැනත් අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනෙ. එයාලා කැමති සෙල්ලම්, ක්‍රියාකාරකම් වලට ඉඩදෙන්න. පවුලේ හැමෝම එකතුවෙලා කාලය ගතකරන්න. එක ආහාරවේලක්වත් පවුලේ හැමෝම එකට වාඩිවෙලා ගන්න. ඒක දරුවා එක්ක කතාකරන්න එයාගෙ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න අවස්ථාවක් කරගන්න ඔබට පුලුවන්.

දරුවාගේ වයසට අදාල එන්නත නියමිත විදියට ලබාදෙන්න

එන්නත් වලින් කරන්නෙත් යම් යම් රෝගවලට එරෙහිව ප්‍රතිශක්තියක් ඇතිකරලා ඒ රෝගයෙන් දරුවා ආරක්ෂා කරන එක. ඒ නිසා දරුවා ඉපදුන දවසේ ඉඳන්ම රජයෙන් නොමිලේම ලබාදෙන එන්නත් අනිවාර්යයෙන්ම දරුවාට දෙන්න අමතක කරන්න එපා.

පොඩි පොඩි දේවල් අමතක කරන්න එපා

දරුවගෙ වගේම පවුලේ හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන් කරන පොඩි පොඩි දේවල් දරුවටත් හුරුකරන්න. නිවැරැදි විදියට අත් සෝදන ක්‍රමය, කහින විට හෝ කිවිසන විට මුඛය සහ නාසය ආවරණය කරගන්න විදිය දරුවන්ට කියාදෙන්න.

ඒ වගේම ඔබේ දරුවා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත යම් රෝගයකින් පෙලෙනවා නම් අනිත් දරුවන්ට වඩා වැඩි එන්නත් ප්‍රමාණයක් සහ ආරක්ෂාවක් දරුවට අවශ්‍ය වෙනවා. ඒ නිසා වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ලබාගන්න එක අනිවාර්යයයි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ...

Read More

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ...

Read More

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට...

Read More

Related Posts

Mental Development

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයෙන්ම ඕනෙ. දරුවන්ටත් ඒ වගේමයි. ලෝකයේ විවිධ රටවල්වල කරල

Read More »
Children

උෂ්ණාධික දිනවල දරුවන්ගේ ශරීරය සිසිල් කරන පාන වර්ග 14ක්

මේ දිනවල ඉතා ම උණුසුම් කාලගුණයක් පවතින්නේ. ඉතින් දරුවන්ගේ ශරීරයේ උෂ්ණාධික බව ඉක්මනින් ඉහළ යනවා. ඇස් දැවිල්ල, ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල වැනි ඉතාම අපහසු තත්ත්වයන්

Read More »
Children

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ

Read More »