hit counter code

ඔබේ දරුවා වෙජිටේරියන් ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

නිර්මාංශ එහෙමත් නැත්නම් වෙජිටේරියන් ආහාර වේලක් කියන්නෙ ශාකමය ආහාර පමණක් අඩංගු ආහාර වේලකට. මස්, මාළු, කිරි, බිත්තර වගේ කිසිම සත්වමය ආහාරයක් මෙහි අඩංගු වෙන්නෙ නැහැ. දරුවො විවිධ හේතු නිසා නිර්මාංශ වෙන්න පුලුවන්. සමහර වෙලාවට සත්වමය ආහාරවලට අකමැති නිසා, එහෙමත් නැත්නම් පවුලේ හැමෝම නිර්මාංශ වීම නිසා. හේතුව මොකක් වුණත් නිර්මාංශ දරුවෙක්ගෙ පෝෂණය ගැන ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ.

කැලරි

නිර්මාංශ ආහාර වේලක අඩංගු කැලරි සහ ප්‍රෝටීන් ප්‍රමාණය සාමාන්‍ය ආහාර වේලකට වඩා අඩුයි. වැඩිහිටි කෙනෙකුට නම් අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු ආහාර වේලක් ඉතාම හොඳයි. නමුත් වැඩෙන වයසේ දරුවන්ට ඔවුන්ගේ වර්ධනයට ප්‍රමාණවත් කැලරි ප්‍රමාණයක් ලැබෙන්න ඕනෙ. දවසකට දරුවෙක්ට අවශ්‍ය කැලරි ප්‍රමාණය ඔහුගේ වයස, ක්‍රියාශීලීත්වය වගේ දේවල් මත වෙනස් වෙනවා. ඇට වර්ග, ධාන්‍ය වර්ග වගේ දේවල් වලින් දරුවන්ගේ ආහාර වේල් වලට කැලරි එකතු කරගන්න පුලුවන්.

ප්‍රෝටීන්.

ප්‍රෝටීන් කියන්නෙ අපේ පැවැත්මට අත්‍යවශ්‍යම දෙයක්. සත්ව ආහාරවල ප්‍රෝටීන් ඉතාම බහුලව අඩංගු වෙනවා. ඒ වගේම සත්ව ප්‍රෝටීනවල අපිට අවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලම අඩංගු වෙනවා. ශාක ආහාරවලත් ඇමයිනෝ අම්ල අඩංගුයි, නමුත් ඒවා ශරීරයට අවශෝෂණය තරමක් අපහසුයි. ඒ නිසා නිර්මාංශ දරුවෙක්ට ප්‍රෝටීන් අඩංගු ශාකමය ආහාර (රටකජු, ආමන්ඩ්, ධාන්‍ය වර්ග, ටෝෆු, බෝංචි) වැඩිපුර දෙන්න අමතක කරන්න එපා.

කැලරි සහ ප්‍රෝටීන් වලට අමතරව නිර්මාංශ දරුවෙක්ට මඟහැරෙන්න පුලුවන් තවත් පෝෂක තමයි විටමින් සහ ඛණිජ ලවණ. අපි දැන් ඒ ගැන කතා කරමු.

කැල්සියම්

නීරෝගී අස්ථි පද්ධතියකට කැල්සියම් අත්‍යවශ්‍යයි. කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වල කැල්සියම් බහුලව අඩංගු වෙනවා. කිරි බොන්නෙත් නැති නිර්මාංශ දරුවෙක්ට කැල්සියම් සහ විටමින් D අඩංගු සෝයා කිරි, ආමන්ඩ් කිරි, දොඩම් යුෂ දෙන්න පුලුවන්. මේවා වෙළඳපොලේ ඕනෙ තරම් ගන්න තියෙනවා.

යකඩ

යකඩ අඩංගු සීරියල් වර්ග දරුවාට දෙන්න පුලුවන්.

විටමින් B 12

ශාක ආහාරවල අඩංගු විටමින් B12 ප්‍රමාණය නම් ඉතාම අඩුයි.මේ නිසා වෛද්‍ය උපදෙස් මත විටමින් අතිරේකයක් දරුවාට ලබාදෙන්න.

විටමින් D

හිරුඑළිය තමයි හොඳම විටමින් D නිෂ්පාදකයා. උදේ 11ත් හවස 3ත් අතර කාලයේ විනාඩි 30ක් හිරුඑළියට නිරාවරණය වීම හොඳටම ප්‍රමාණවත්. එමඟින් දරුවාගේ දෛනික විටමින් D අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා.

තන්තු

නිර්මාංශ ආහාරවල තන්තු බහුලයි. ඉක්මනින් බඩ පිරෙනවා. සමහර වෙලාවට මේ තත්වය නිසා දරුවා කන කෑම ප්‍රමාණය අඩුවෙලා ඔවුන්ට අවශ්‍ය කැලරි ප්‍රමාණය නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අමු එලවලු දෙන එක අඩු කරන්න. පලතුරු දෙනකොටත් පොත්ත ඉවත්කරලා දෙන්න.

තවත් ඔබ අවධානය යොමුකළ යුතු දේවල් කිහිපයක් තියෙනවා. ඔබේ පවුලේ අය නිර්මාංශ නොවී දරුවා නිර්මාංශ වෙන්න හේතුව ගැනත් පොඩ්ඩක් හොයල බලන්න. ගොඩක් දරුවන්ට සාධාරණ හේතුවක් තියේවි. නමුත් සමහර දරුවො, විශේෂයෙන් නව යොවුන් වියේ දරුවො අනවශ්‍ය විදියට බර අඩුකරගන්න හිතාගෙන නිර්මාංශ ආහාර වේලකට යොමු වෙනවා වෙන්න පුලුවන්. ඒ වගේ සැකසහිත වෙලාවක වෛද්‍යවරයෙක් හමුවෙන එක වඩාත් සුදුසුයි.

සටහන –
වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Children

උෂ්ණාධික දිනවල දරුවන්ගේ ශරීරය සිසිල් කරන පාන වර්ග 14ක්

මේ දිනවල ඉතා ම උණුසුම් කාලගුණයක් පවතින්නේ. ඉතින් දරුවන්ගේ ශරීරයේ උෂ්ණාධික බව ඉක්මනින් ඉහළ යනවා. ඇස් දැවිල්ල, ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල වැනි ඉතාම අපහසු තත්ත්වයන්

Read More »
Children

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ

Read More »
Children

දරුවන්ගේ මළ බද්ධය වළක්වා ඇස් පෙනීම වැඩිකරන සුපිරි ආහාරය – වට්ටක්කා

වට්ටක්කා කුඩා දරුවන්ට ඉතාම පෝෂ්‍යදායී ආහාරයකි. ඉතා හොඳින් දිරවන එහි ඉහළ පෝෂණ ගුණය නිසා එය “සුපිරි ආහාරයක්”  ලෙස සැලකේ. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. ප්‍රධාන

Read More »