hit counter code

දරුවෙකුගේ මානසික වර්ධනයට පිය භූමිකාවේ බලපෑම

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

පියෙක් සහ දරුවෙක් අතර බැඳීම ඇරඹෙන්නේ මව් කුස තුලදීමය. එතැන් පටන් පි‍යෙකුගේ බැඳිම දරුවකුගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයකට යොමු කිරීමට තරම් ප්‍රබල සාධකයකි. එහෙත් බොහෝ විට අපේ පියවරුන් සිතන්නේ කුස තුල සිටින බිළිඳාට හෝ අලුත උපන් දරුවෙකුට මවක මිස පියෙකු අවශ්‍ය නොවන බවය. තම ආදරණීය පියාගේ හඬට කුසයේ සිටියදී ම ප්‍රතිචාර දක්වන සිඟිත්තාට මෙලොව එළිය දුටු පසු ද ඒ සෙනෙහස, රැකවරණය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට අත්‍යාවශ්‍යම වේ. දරුවකුගේ ජීවිතයට පියා යනු ඉතාමත් සුවිශේෂී චරිතයකි. පියා සමග කාලය ගත කිරීම දරුවන්ට ප්‍රීතිය සහ සැනසීම ගෙන දෙයි. පියා සිඟිත්තාව වඩා ගැනීම, නැළවීම, බිළිඳු බසින් කතා කිරීම, සිප ගැනීම සහ ලයෙහි හොවා ගැනීම ආදිය තුලින් ඔවුන් දෙදෙනා අතර බැඳීම වර්ධනය පිටුවහලක් වේ.

පියෙකුගේ ඇසුර දරුවෙකුට සුවිශේෂී  වන්නේ ඇයි ?

සාමාන්‍යයෙන් මවක් දරුවන් සුරකින්නේ මල් මෙන්ය. දරුවෙකු සුලු ඇද වැටීමකට ලක් වීමෙන් පවා අම්මාවරුන් බියට හා වේදනාවට පත් කරයි. දරුවන්ට බොහෝ විට මවගෙන් ලැබෙන්නේ මෘදු ගති ගුණය. එහෙත් සමාජයේ ගැටෙන විට මෘදු ගතිගුණ පමණක්ම ගැලපෙන්නේ නැත. එසේම පොඩිත්තෝද කැමති නව අත්හදා බැලීම්, ත්‍රාසජනක වැඩ වල නිරත වීමටමය.

පියාගේ හැසිරීම මවට හාත්පසින්ම වෙනස්ය. සහජයෙන්ම පිරිමින් ත්‍රසජනක, අභියෝගාත්මක කටයුතු සඳහා උපන් හපනුන්ය. එහෙයින් තම දරුවන්ද එවැනි කටයුතු වලට යොමු කිරීමට ඔවුන් දෙවරක් නොසිතයි. අනතුරක් කරගන්නට පෙර මව්වරුන් දරුවන් නතර කළ ද පියවරුන් අනතුරට මුහුණ දෙන්නට සලසා අනතුරෙන් වලක්වා ගනියි.

ඒකෙන් ඇති හොඳ මොකද්ද? දරුවට අනතුරක් වුණොත් !!!

ඔව් ඔබට එහෙම සිතෙන එක සාධාරණයි. එහෙත් විද්‍යාඥයන් සිදු කරන ලද විවිධ අධ්‍යනයන්ට අනුව ක්‍රියාශීලි පියවරුන්ගෙන් දරුවන් බොහෝ දෑ තම ජීවිතයට අවශෝෂණය කර ගනියි.

එසේම,

  • පියෙකු දරුවන් සමග සිදු කරන ක්‍රිඩාවන් මදක් රළු පරලුය. කොට්ටා පොර, පොර බැදීම්, ගස්, තාප්ප වැනි උස් ස්ථාන වල සිට කටයුතු කිරීම වැනි ක්‍රීඩාවන් තුලින් දරුවන්ට දරා ගැනීමේ ශක්තිය, නොබියව අභියෝග සඳහා මුහුණ දීමට හැකියාව ලැබේ.
  • පියෙකු හා මනා සම්බන්ධතාවයක් පවත්වන දරුවෙකු හොඳ අධ්‍යාපනයක් සහ සමාජීය හැකියාවන් වලින් පරිපූර්ණ වේ.
  • සාමාන්‍යයෙන් පියෙකු සමඟ සිටින දරුවන්ගේ වෙනත් දරුවන්ට සාපේක්ෂව හැසිරීමේ සහ භාෂා හැසිරවීමේ දුර්වලතා ඉතා අඩුය.
  • පියෙකු දිනපතා දරුවන් පිළිබඳව අවධානයෙන් සිටීම හේතුවෙන්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳ මට්ටමක ළඟා කර ගත හැකිය.
  • පුතෙකු තම පියා සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම තුලින්  සුභවාදී ආදර්ශයක් තිබීම හේතුවෙන්, පුතා වැඩිහිටි කාලයේදී මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම සහ නීතිය කඩකිරීමේ වරදට යොමු වීමේ සම්භාවිතාව අවම වීම මෙන්ම අනාගත විවාහ ජීවිතයද සාර්ථක වීමට පිටුවහක් වෙයි.
  • දියණියකට පියා සමඟ මනා සම්බන්ධතාවයක් තිබීම ඇගේ අනාගත ජීවිතයට බෙහෙවින්ම වැදගත්වේ. පළමුවන අවුරුදු පහේදී පියා සමඟ හොඳ සම්බන්ධතාවයක් ඇති ගැහැණු දරුවන්, නියමිත කාලයේදී වැඩිවියට පැමිණීම, නිසි වයසට පෙර ප්‍රේම සබඳතා වෙත යොමු නොවීම, මානසික ගැටළු ඇතිවීම අඩු වීම, සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙයි.

පියෙක් දරුවන් සමඟ මනා සබඳතාවයක් ගොඩ නගා ගන්නේ කෙසේ ද?

  • පියෙකු තම දරුවන් අගය කිරීමෙන් සහ ප්‍රශංසා කිරීම තුලින් ඔවුන් තුල ආත්මාභිමානය වර්ධනය වන නිසා පියාගේ සමාගමට ඔවුන් ආශාවේ.
  • දරුවන් දිනපතා ඉගෙනගත් දේවල් පිළිබඳව, දරුවන්ගේ දිනපතා ක්‍රියාකාරකම් පිළිබඳව සහ දරුවන් සම්බන්ධතා පවත්වන අය පිලිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කරන්න.
  • පි‍යෙකු තම දරුවාට මූලික අරක්ෂාව සපයන්නා ලෙස නිරන්තරයෙන් ඔවුන් පිළිබඳ සොයා බැලීම තුලින් පියාගේ ආරක්ෂාව ඔවුන් නිරන්තරයෙන් බලාපොරොත්තුවේ.
  • දරුවන් සමඟ සිනාසී සෙල්ලම් කිරීමෙන් ඔවුන් තවත් පියාට ලංවේ.දරුවන් සමඟ සෙල්ලම් කිරීමෙන් සතුට සහ සමීපත්වය ගොඩනඟා ගත හැකි ය.
  • දරුවාට ඇති ගැටලුකාරී තත්වයන් ඇති වන සෑම විටම පියා මැදිහත් වන විට දරුවාට අරක්ෂාකාරී බවක් ඇතිවේ. දරුවාට තරහා ගිය අවස්ථාවලදී සෑම පියෙකුම ඉවසීමෙන් හා කරුණාවන්තව සිටිය යුතු ය. එයින් පසු දරුවා පියා මත විශ්වාසය ගොඩනඟාගෙන තවත් ලංවී දරුවා ඉක්මන් කෝපය නැතිකර ගනී.

නිවසේ ළදරුවෙකු, සිඟිත්තෙකු පෙර පාසල් වියෙහි හෝ පාසල් වියෙහි පසුවන දරුවකු යන කවරකු සිටිය ද පියාගේ ආදරය, රැකවණය හා දායකත්වය නොපමවා දරුවාට ලැබිය යුතුය. පියා, දරුවාගේ ජීවිතයට සම්බන්ධ වීම ඉක්මන් වන තරමටම, දරුවාගේ සම්බන්ධතාවයද ස්ථාවරව පැවතිය හැකි අතර ඊට ප්‍රතිචාරයක් ලෙස දරුවාගෙන් ලැබෙන ප්‍රතිඵලයද යහපත් වනු ඇත. දරුවා තම පියා සමඟ බැඳුනු පසුඔවුන් තම ප්‍රබල හැගීම් ප්‍රකාශ කිරීමට පිය ඇසුර ආරක්ෂිත තැනක් බව හඳුනා ගනී.

සිය දරුවන්  සමඟ කාලය ගත කිරීමට නිශ්චිත වේලාවක් වෙන් කරගැනීම පියාගේ දින චර්යාවේ කොටසක් කරගන්න. මෙය දරුවා සමඟ හොඳ බැඳීමක් ඇති කරගැනීමට පියාට ලැබෙන හොඳ අවස්ථාවකි. එවිට ඔබට ආදරණීය, වැඩදායී සහ වටිනා දරුවකු ලොවට දායද කළ හැකිය. පියෙකු සෙනෙහසක අරුමය ඔවුන්ගේම ජීවිතය තුලින් විඳිනු ඇත.

සටහන – දිශාන්ති වෙදගේ

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Mental Development

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයෙන්ම ඕනෙ. දරුවන්ටත් ඒ වගේමයි. ලෝකයේ විවිධ රටවල්වල කරල

Read More »
Children

ඔටිසම් කලින් ම අඳුනගන්නේ කොහොමද?

“ඔටිසම්” (මනෝවික්ෂිප්ත බව) යනු දරුවන්ගේ ස්නායු සංවර්ධන ක්‍රියාවලිය (neuro Development) සම්බන්ධයෙන් ඇතිවන ගැටළු සහගත තත්ත්වයක්. “ඔටිසම්” තත්ත්වය විවිධ අදියර ලෙස (Autism Spectrum Disorder) පුළුල් පරාසයක

Read More »
Children

මිමී – පුංචි දළඹුවා

මීම් කියන්නෙ පුංචි දලඹු පැටියෙක්.එතරම් ලස්සන නැති එක්තරා මිටියාවතක එයා ජීවත්වුණා.මීමී එක්ක දලඹු යාළුවෝ ගොඩක් ඉපදුණා.ඒ හැමෝගෙම බලාපොරොත්තුව ඉක්මනින්ම ලස්සනම ලස්සන සමනලයෙක් වෙලා ඉගිලිලා යන්න.ඒත්

Read More »