hit counter code

කුඩා කාලයේදීම දරුවෙකු තුළ දියුණු කළයුතු ජීවන කුසලතා මොනවාද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

නිසිලෙස හදාවඩාගත් දරුවෙකු දෙමාපියන්ට පමණක් නොව සමස්‍ත සමාජයටම සම්පතක්. ඉතින් දරුවෙකු කුඩා කාලයේ සිටම නිසි ජීවන කුසලතාවන්ගෙන් පිරිපුන් කිරීම පාසලේදී මෙන්ම නිවසේදීත් සිදුවිය යුතුමයි. ඔබේ දරුවාට මේ කුසලතා අත්පත් කරදීම සම්බන්ධයෙන් දෙමාපියන් ලෙස අපේ වගකීම ඉතා විශාලයි. ඒ නිසාම මේ ලිපිය ඔබට වැදගත් වේවි කියල අපි හිතනව.

1.ආත්මාරක්ෂාව සලසා ගැනීම

තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම ගැන තේරුම් කරදිය හැකි වයසේ සිටම දරුවන් දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත්. එහිදී හදිසි අනතුරු වලින් වගේම වෙනත් අයගෙන් සතුන්ගෙන් හානි පැමිණිය හැකි අවස්ථා වගේම ඒ ඒ අවස්ථාවන් වලදී කලහැකි දේවල් දරුවා සමග කතා කර, ඒවගේම පුහුණු කර තබන්නට ඔබට පිළිවන්. ළමා අපයෝජන වලින් දරුවා ගලවා ගැනීමටද මේ දැනුවත් කිරීම බෙහෙවින් උපකාර වේවි.

2.ප්‍රථමාධාර සහ සෞඛ්‍ය පුරුදු

යමක් කමක් තේරුම් ගත හැකි වයසේ සෑම දරුවෙකුම මේ පිළිබඳව දැනුවත් වී සිටීම හරිම වැදගත්. තමා සම්බන්ධයෙන් මෙන්ම තමන් අවට සිටින අය සම්බන්ධයෙන්ද හදිසි අවස්ථාවකදී ක්‍රියාකලයුතු ආකාරය පිළිබඳව වැටහීමක් ඔවුනට ලැබෙනවා. ඒ වගේම දත් මැදීම,පිරිසුදු වීම,ව්‍යායාම් කිරීම ආදී නොයෙකුත් සෞඛ්‍යය පුරුදුවල අප නියැලෙන්නේ ඇයිද කියාත් මනාව වටහා දීමෙන් ඉතාමත්ම හොඳ අවබෝදයකින් ඒවා ඉටු කිරීමට ඉඩ ප්‍රස්තාව ඔවුන්ට ලැබෙනවා.

3.තමන්ගේ වැඩ තනියම කරගැනීම

බොහෝ දෙමාපියන් සිදු කරන වරදක් වන්නේ ආදරය නිසා අනවශ්‍ය පරිදි සියලුම දේ අතට පයට කරදීමයි. බත් කැවීමේ සිට දරුවෙකුට තනිවම කළහැකි බොහෝ දෑ මෙලෙස කරදිම නිසා සමාජයේදී ඔවුන් පෞරුෂ හීනතාවෙන් පෙළෙන්නන් වීමට තිබෙන අවස්ථාවද බෙහෙවින් වැඩි වෙනවා. මේස් සපත්තු දා ගැනීම,දත් මැද ගැනීම,ආහාර ගැනීම,තමන් අවට පිරිසුදුව තබා ගැනීම ආදී බොහොමයක් කටයුතු කුඩා කාලයේදීම පුරුදු කිරීමට පුලුවන් වන අතර එවැනි දරුවන් මනා පෞරුෂයකින් ද වැඩෙනවා.

4.වෙලාව කළමණාකරණය කරගැනීම

මෙය කුඩා කාලයේදීම පුහුණු කලයුතු දෙයක්. අවදිවීම,පාසල්හෝ මොන්ටිසෝරි යාම,එදිනෙදා ජීවිතයේ කාර්‍යයන් ඇතුලු මේ සියලුම දේවල් ඉටු කිරීමේදී නිසි වේලාවට,නියමිත කාලය ගැන අවධානයෙන් සිදු කිරීමට දරුවාට කියා දෙන්න. හැකිනම් කාල සටහනක් අනුගමනය කරන්න.

5.හැඟීම් හඳුනා ගැනීම සහ හසුරුවාගැනීම

අප සතුව පහසු වගේම අපහසු හැඟීම් රැසක් තිබෙනවා. එදිනෙදා ජීවිතයේ දී මෙයට අප නිරන්තරයෙන් මුහුණ දෙනවා. ඉතින් එහිදී ඒ හැඟීම් ගැන වගේම ඒවාට මුහුණ දියයුතු ආකාරය පිළිබඳව කතා කිරීමෙන් අපහසු හැඟීම් නිසා දරුවා අපහසුතාවයට පත්වීම අවම කරගන්නට පුලුවන්. ඒ වගේම එවැනි අවස්ථාවකදී බුද්ධිමත්ව ක්‍රියා කිරීමටද ඔවුන්ට මේ නිසා ඉඩ හසර ලැබෙනවා . කුඩා දරුවන් සදහා ලියවුන ළමා ප්‍රබන්ධ, නිර් ප්‍රබන්ධ කතා පොත් ඔස්සේ මේ කාර්‍යය පහසුවෙන් දරුවාට කියා දීමට වගේම ඒ ඔස්සේ ඒ ගැන සාකච්ඡා කිරීමටද ඔබට පුලුවන්.

6.මුදල් සමග ගනුදෙනුව

දකින දකින දේ ඉල්ලා හඬන දරුවන් ඔබ කොතෙකුත් දැක ඇති. දරුවා වයස අවුරුදු දෙකට වැඩි අයෙක් නම් එම හැසිරීම තුල වැඩිහිටියන් ගේ වරද ඇතුල් වී තිබෙනවා. එය දරුවාගේ වරදක් නොවෙන්නේ තමන් ආස කරන හැම දෙයක්ම ලබා ගත හැකි බවට ඔහුට හෝ ඇයට එන සිතිවිල්ල පිළිබඳව කිසිවක් කිරීමට දෙමාපියන් කියාදී නැති නිසාවෙන්. ඉතින් කුඩා කාලයේ සිටම වියදම් ගැන,ආදායම් ගැන,වගේම දෙමාපියන්ට වියදම් කල හැකි සීමාව පිළිබඳව දරුවන් ගේ දැනුවත් බව ඉතාමත්ම වටිනවා. ඒ වගේම දරුවා දැනටමත් පාසල් යන අයෙක් නම්  තමන්ට ලැබෙන පොකට් මනී පිළිබඳ වියදම් සටහනක් පවත්වාගෙන යාමටත්,කිසියම් මුදලක් ඉතිරි කිරීමටත් ඔවුන්ව යොමු කිරීමට ඔබට හැකියාව තිබෙනවා.

7.කෑම සකස් කරගැනීම

සම්බෝලයක්,සැන්ඩ්විච් එකක් වගේ තමන්ට තනිවම පිළියෙල කරගත හැකි ආහාර පිළිබඳව කුඩා වියේදීම දරුවාට පුහුණුවක් ලබා දෙන්නට අපට පුලුවන්. බොහෝ පෙර පාසල්වල මේවා සිදු කරත් එය හුදෙක් පෙර පාසල් ක්‍රියාකාරකමක් පමණක් වී ඉන් ඔබ්බේ ප්‍රායෝගික තලයට පැම්ණෙන්නේ නැහැ. ඒ නිසා නිවසේදී දරුවාට ඒ සඳහා වැඩිදුර අවස්ථාවක් පුහුණුවක් ලබාදීම හරිම වැදගත්.

ඉහත කුසලතාවන් දරුවන්ට කියා දීමේදී ඔබේ ඉවසිලිමත් බව,ආදරය,කරුණාවේ ගුණාංග බෙහෙවින් වැදගත් බව මතක තබා ගන්න. කෑ ගසමින්,කෝපයෙන් හැසිරෙමින් දරුවාට පුහුණු කරන ජීවන කුසලතා වලින් පලක් නැත්තේ දරුවා ප්‍රථමයෙන් ලබාගන්නේ ඔබගේ ආදර්ශය නිසාවෙන්.ඒ නිසා දෙමාපියන් ලෙස මනා සංයමයකින් හා වගකීමකින් මේ සියලු කුසලතාවන් දරුවා තුල වර්දනයට හැකිතාක් කටයුතු කිරීම වැදගත් ..

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Mental Development

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයෙන්ම ඕනෙ. දරුවන්ටත් ඒ වගේමයි. ලෝකයේ විවිධ රටවල්වල කරල

Read More »
Children

උෂ්ණාධික දිනවල දරුවන්ගේ ශරීරය සිසිල් කරන පාන වර්ග 14ක්

මේ දිනවල ඉතා ම උණුසුම් කාලගුණයක් පවතින්නේ. ඉතින් දරුවන්ගේ ශරීරයේ උෂ්ණාධික බව ඉක්මනින් ඉහළ යනවා. ඇස් දැවිල්ල, ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල වැනි ඉතාම අපහසු තත්ත්වයන්

Read More »
Children

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ

Read More »