hit counter code

දරුවගේ කායික මානසික සංවර්ධනයට බාධා කරන දෙමාපියන් කරන අහිතකර දේවල්

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

උපතේ සිටම වයස අවුරුදු 18 දක්වා ළමයෙකු  ලෙස වැඩිහිටි  රැකවරණයේ සිටිනවා. ළමා වියේ දී දරුවන් ලබන අත්දැකීම් ඔවුන්ගේ කායික මානසික සංවර්ධනයට සෘජුවම බලපානවා. ඒ වගේම ඔවුන්ගේ අනාගතය තීරණය කරනවා. ඉතින් දෙමාපියන් ලෙස දරුවන් ගේ කායික මානසික සංවර්ධනයට  අහිතකර ක්‍රියාවන් මොනවා ද කියා අපි හඳුනා ගනිමු.

  • දරුවන්ගේ වැරදි සම්බන්ධයෙන් බැන වැදීම

දරුවා කියන්නේ දෙමාපියන්ගෙන් සමාජයෙන් ඉගෙන  ගනිමින් වැඩෙන කෙනෙක්. ඉතින් ඔවුන්ගෙන් යම් කිසි වරදක් සිදු වූ විට බැනවදිමින් කෑගැසීම සුදුසු වන්නේ නැහැ. ඉන් සිදු වන්නේ දෙමාපියන් කෙරෙහි බයක්,අකමැත්තක් දරුවා තුළ වර්ධනය වීමයි. ඊට අමතරව ඔහු සමාජයේ මුළු ගැන්වෙන්නෙක් විය හැකියි.

  • සියලු දෙනා ඉදිරියේ දරුවට අවවාද කිරීමට යාම.

මේ නිසා දරුවා අනෙක් අය ඉදිරියේ ලැජ්ජාවට පත් වෙනවා. ඒ වගේම අපහසුතාවයට පත් වෙනවා. ඔහුගේ කිසියම් වරදක් දුටුවොතින්  පුද්ගලිකව එය සාකච්ඡා කිරීම හරිම වැදගත්. ඒ වගේම එය තරවටුවක් හෝ බැනීමක් වෙන්න බැහැ.

  • අවවාද විතරයි. දිරිගැන්වීම් නැහැ.

ඔබේ අවවාද වලින් දරුවන්ගේ කන් දෙක පිරවීමෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඔවුන්ව ධෛර්යමත් කරන්න.සහයෝගය දෙන්න. අත්වැල් බැඳගෙන එකට ගමන් කරන්න.

  • ආදරය ප්‍රකාශ නොකිරීම.

දරුවන් ආසයි තමන්ට ආදරය ප්‍රකාශ කරනවා නම්. දවසට කිහිප වරක්  ඔබට ඔවුන් විශේෂ වගකියන්න. අගය කරන්න .ආදරේ කරන්න. තුරුළු කරගන්න. ඒ වගේම අද දවසේ වැරදි හෙට දවසට ගෙනියන්නට එපා. හෙට අලුත්ම දවසක්. ආදරයත් අලුතෙන්ම පටන් ගන්න පුළුවන් දවසක්.

  • සහයෝගය නොදැක්වීම.

බොහෝ දෙමාපියන් දෙමාපියන්ට දරුවන්ගේ කටයුතු කෙරෙහි සහයෝගය දැක්වීමට වේලාවක් නැහැ. නමුත් ඒ සඳහා කාල වේලාව සොයා ගැනීම හරිම වැදගත්. ඒ වගේම දරුවා කිසියම් අලුත් ක්‍රියාවක් කරනවා නම් ඒ ගැන සැක නොකර සහයෝගය දීම, අවශ්‍ය කළමනා සපයා දීම, එහි දී තමන්ගේ උදව්වක් අවශ්‍ය දැයි විමසීම  හරිම වැදගත්.

  • සංසන්දනය කිරීම

මෙය දෙමව්පියන් බෙහෙවින් සිදු කරන වැරැද්දක්. පවුලේ ම සහෝදර සහෝදරියන් හෝ අසල්වැසියන් හෝ ඥාති දරුවන් සමඟ හෝ දරුවා සංසන්දනය කළ යුතු නැහැ. එයින් වෙන්නේ ඔහුගේ මානසික තත්වය ව්‍යාකූල බවට පත්වීමයි.තමන් ගැන අවතක්සේරුවක් ඇතිකර ගැනීමයි.

  • දරුවා ගැන ආඩම්බර නොවීම.

සෑම දරුවෙකු සතුව ඔහුට හෝ ඇයට ආවේණික දක්ෂතා තියෙනවා. ඒවා හඳුනාගෙන ඔවුන්ගේ හැකියාවන්  ගැන ආඩම්බර වන බව පෙන්වන්න. දරුවා සමාජය තුළ හැසිරෙන ආකාරය ගැන,ඉගෙනුම් කටයුතු හොඳින් සිදු කිරීම ගැන වගේම ඔබේ ආදරණීය දියණිය හෝ පුතනුවන් වීම ගැන ආඩම්බර වන බව පවසන්න.

  • සැකයෙන් බැලීම.

සමහර දෙමව්පියන් නිතරම සිටින්නේ දරුවන්ගේ හොර අල්ලන්නට ඔන්න මෙන්න ආකාරයෙන්. ඔවුන් වැරදි මගට පෙලඹේ යැයි ඇති සැකය සහ බිය නිසයි මෙය සිදුවන්නේ.නමුත් ඔබ සිතනවාට වඩා දරුවන්ට ඔබේ සිතුවිලි දැනෙනවා.අපි හැසිරීම ඔවුන්ගේ නිරීක්ෂණයට නිරන්තරයෙන්ම හසුවෙනවා.ඔබ ඔවුන් ගැන සැක කිරීම කරනවා සේම දරුවා ද ඔබ ගැන සැක කිරීම ඔබෙන් ඉගෙන ගන්නවා.

  • ඔහුගේ හෝ ඇයගේ සම වයසට අනුව නොසිතීම.

ඔබ වැඩිහිටියකු වුනේඑකපාරටම නොවේ. ඔබ සතුව ළමා කාලයක්  තිබුණා. එහෙත් බොහෝ දෙමාපියන් හැසිරෙන්නේ එකපාරටම තමන් වැඩිහිටියන් වුණා වගේ නේද? ළමයෙකු ලෙස ඔබේ ළමා කාලය සිහිකර ගන්න. දරුවාගේ වයසට අනුකූල තොරතුරු අධ්‍යයනය කරන්න. ඔහුගේ වයසේ දරුවන් ගැන අවබෝධයක් ලබාගන්න. ඉගෙනුම් ක්‍රියාකාරකම්, සමාජ ක්‍රියාකාරකම් සියල්ලම ඒ අනුව සිදු කරන්න.

  • දරුවා වෙනුවෙන් තීරණ ගැනීම.

බොහෝ දෙමාපියන් විසින් දරුවා කළ යුතු ක්‍රීඩා,ඔහු ආස කරන දේවල්,කලයුතු විනෝදාංශය ආදිය තීරණය කරනවා. නමුත් ඒ සියල්ලම දරුවාට ගත හැකි තීරණ වනවා. ඒ නිසා දරුවාට ගත හැකි තීරණ ඔහුට  ගැනීමට දීම ඉතාමත් වටිනවා. ඉන් ඔහුගේ විශ්වාසය වගේම පෞරුෂය වැඩි වෙනවා.

  • දෙමාපියන් එකිනෙකා අතර අඩදබර

ඔබ දරුවන් ඉදිරියේ එකිනෙකා සමග රණ්ඩු සරුවල් වනවානම් ඉතාමත් හීන පෞරුෂයෙන් යුතු දරුවෙකු සමාජයට දායාද කරවන බව අමතක කරන්නට එපා. ඔබ අතර තිබෙන ප්‍රශ්න දරුවන් ගෙන් තොරව විසඳා ගැනීමට පුරුදු වෙන්න. සහකරුගේ හෝ සහකාරිය සමඟ ඇතිකරගන්නා ගැටලු සඳහා දරුවන් පලි නැති බව වටහා ගන්න.

  • අන් අයගේ වැරදි ආදිය දරුවන් ඉදිරියේ කතා කිරීම.

කුඩා ලමුන් ගිරවුන් වගේ ඔවුනට ඇසෙන දේ තමා කියන්නේ. ඉතින් ඔවුන්ගේ වයසට නොගැළපෙන කතාබහ සහ හැසිරීම් ඔබෙන් ඉගෙනගෙන ඒ සමාජය ඉදිරියේ අත්හදා බලන්නට ඔවුන් පෙලඹෙනවා. එයින් සිදු වන්නේ අහිංසක දරුවන් සමාජයෙන් ප්‍රතික්ෂේප වීමයි.

  • නිතරම විවිධ දඬුවම් ලබාදීම.

මෙහි දී සිදු වන්නේ දරුවන් එම දඬුවම් වලට හුරු වීම නිසා එය සාමාන්‍ය දෙයක් බවට පත්වීමත් ,ඔබව කොහෙත් ම නොතකා හැරීමත් වනවා. ඒ නිසා දරුවන්ගේ වරදකදී දඬුවමට පෙර සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට පෙළඹෙන්න.

මේ ගොනු ව සඳහා  පහර දීම වැනි දේවල්  අප එකතු කරන්නේ නැහැ. ඒ එය කොහෙත්ම නුසුදුසු ක්‍රියාවක් නිසා. ඔබ ඔබේ දරුවාට පහර දෙන දෙමාපියකු නම් කරුණාකර වෛද්‍යවරයෙක් හෝ මනෝවිද්‍ය උපදේකවරයෙක් ගේ සහය ලබා ගනිමින් ඔබේ ආවේගයන් නිවැරැදිව හසුරුවා ගැනීමට නිසි පුහුණුවක් ලබා ගත යුතුමයි. මන්ද දරුවෙකුට කායිකව පහර දීම දරුවාගේ සෞඛ්‍යය ට මෙන්ම ඔබේ දෙමාපියභාවයටද හානියක් වන නිසා.

දරුවාට සවන් දෙමින් දරුවාගේ වැරදි වලට සංයමයකින් යුතුව නිසි ප්‍රතිචාර දැක්වීමට හැකි ආදරණීය දෙමාපියන් වීමට අප සියලු දෙනාටම හැකියි. අවශ්‍ය වන්නේ එහි වැදගත්කම පිලිබද නිසි අවබෝධයක් ලැබීම හා ඒ පිළිබඳ කැපවීම පමණයි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Children

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ

Read More »
Children

දරුවන්ගේ මළ බද්ධය වළක්වා ඇස් පෙනීම වැඩිකරන සුපිරි ආහාරය – වට්ටක්කා

වට්ටක්කා කුඩා දරුවන්ට ඉතාම පෝෂ්‍යදායී ආහාරයකි. ඉතා හොඳින් දිරවන එහි ඉහළ පෝෂණ ගුණය නිසා එය “සුපිරි ආහාරයක්”  ලෙස සැලකේ. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. ප්‍රධාන

Read More »
Children

මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන ඇස්ලෙඩ ගැන දැනගනිමු.

ඇස් ලෙඩ එහෙමත් නැත්නම් ඇස්වල ඇතිවන ආසාදන අවුරුදු 5ට අඩු දරුවන් අතර සුලබව දකින්න පුලුවන්. මේ ආසාදිත තත්වය ඇතිවෙන්නෙ ඇසේ සුදුපාට කොටස ආවරණය කරගෙන තියෙන

Read More »