hit counter code

මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ගර්භණී කාලයේ මවකට ලැබෙන පෝෂණය අනුව තමයි දරුවාගේ වර්ධනය තීරණය වෙන්නෙ. නීරෝගී දරුවෙක් පතන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නම ඕනෙ. ගර්භණී සමයේ එක එක කාලවල ඔබට අවශ්‍ය වෙන පෝෂ්‍ය කොටස් ප්‍රමාණ එකිනෙකට වෙනස්. අපි අද කතා කරන්න යන්නෙ සති 12ක් එහෙමත් නැත්නම් මාස 3ක් සපිරුනු මවකට අවශ්‍ය පෝෂ්‍ය කොටස් ගැනයි. සති 12 ඉඳන් දරුවා ලැබිලා මාස 6ක් යනතුරු ඔබ මේ විටමින් වර්ග ටික අනිවාර්යයෙන්ම ගන්න ඕනෙ.

1. යකඩ


ගර්භණී හෝ කිරිදෙන මවකට දවසකට යකඩ මිලි ග්‍රෑම් 60ක් අවශ්‍ය වෙනවා. රක්තහීනතාවයෙන් පෙලෙන මවකගේ යකඩ අවශ්‍යතාවය මේ වගේ දෙගුණයක් වෙනවා. ඒ නිසා සති 12න් පස්සෙ ඔබ දිනකට යකඩ පෙති එකක් (200mg) අනිවාර්යයෙන්ම ගන්න ඕනෙ. රක්තහීනතාවයෙන පෙලෙන මවකට ඇයගේ රුධිරයේ හීමෝග්ලොබින් ප්‍රමාණය අනුව යකඩ පෙති එකක් හෝ දෙකක් නියම කරාවි.  

2. ෆෝලික් අම්ලය


සති 12න් පස්සෙ ඔබේ ෆෝලික් අම්ල අවශ්‍යතාවය දිනකට මයික්‍රෝ ග්‍රෑම් 400ක්. ඒ කියන්නෙ ෆෝලික් අම්ල පෙති 1ක් ප්‍රමාණවත්.

3. විටමින් C


ඔබ ගන්න යකඩ ශරීරයට අවශෝෂණය කරගන්න විටමින් සී අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා යකඩ ගන්න හැම වෙලාවෙම ඒත් එක්ක විටමින් C පෙත්තක් (100 mg) ගන්න අමතක කරන්න එපා.

4. කැල්සියම්


ගර්භණී මවකගේ දිනක කැල්සියම් අවශ්‍යතාවය මිලි ග්‍රෑම් 1200ක්. ඒ නිසා ඔබ දිනකට එක කැල්සියම් පෙත්තක් බැගින් ලබාගන්න ඕනෙ. කැල්සියම් ගන්න වෙලාවට ඒත් එක්ක යකඩ පෙති ගන්න එපා. මොකද කැල්සියම් වලින් යකඩ අපේ ශරීරයට උරාගන්න එක අඩු කරනවා සහ යකඩ වලිනුත් කැල්සියම් අවශෝෂණය අඩු කරනවා. ඒ නිසා ඔබ කැල්සියම් පෙත්ත උදේට ගන්නවා නම්, යකඩ පෙත්ත, විටමින් C එක්ක රෑට ගන්න.

මේ සියලුම විටමින් වර්ග ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලවලින් සහ මාතෘ සායනවලින් ඔබට නොමිලයේම ලබාගන්න පුලුවන්. ඒ නිසා නියමිත විදියට සායනවලට යන්න අමතක කරන්න එපා.

සටහන –
වෛද්‍ය S. එදිරිසිංහ(MBBS (Rajarata)
(SLMC registration No:43303)
පේරාදෙණිය ශික්ෂණ රෝහල

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »
Pregnancy

ගර්භනී කාලෙදි ඩයට් කළොත් මොකද වෙන්නෙ?

දරුවෙක් ලැබෙන්න ඉන්න ඔබ ගර්භණී කාලය තුල ඩයට් කිරීමවත්, එකම බරක් පවත්වාගෙන යාමවත්, බර අඩු කරගැනීමවත් සුදුසු වෙන්නෙ නැහැ. එමගින් ඔබේ කුසේ ඉන්න දරුවට අත්‍යවශ්‍ය

Read More »
Pregnancy

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය

Read More »
Pregnancy

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම්

Read More »