hit counter code

පුංචි පැටියෙක් ගැන සිහින දකින ඔබ ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙසේද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

විවාහයෙන් පසු තමන්ගේ යුග දිවිය ආරම්භ කරන කාන්තාවකගෙ මීලඟ ප්‍රාර්ථනය වෙන්නේ තමන්ගේ දරු සිහිනය සැබෑ කරගැනීමයි. නමුත් විවාහයට වගේ ම මවක් වීමටත් කාන්තාවකට නිසි කායික සහා මානසික සූදානමක් තිබීම අත්‍යාවශ්‍යයි. දරුවෙකු ලැබීමට කාන්තාවකගේ තිබිය යුතු කායික සූදානම පිලිබඳ ව අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.

දරුවෙකු හදා වඩා ගැනීමට සුදුසුම වයස් සීමාව කුමක්ද?

කාන්තාවකට දරු ගැබක් දරා සිටීමටත්, දරුවෙකු හදා වඩා ගැනීමටත් සුදුසුම වයස් සීමාව විදිහට නිර්දේශ කරන්නේ වයස අවුරුදු 22 – 32 අතර කාලයයි. මේ කාල පරාසයේදි දරු ගැබක් දැරීම වඩාත් සුදුසු වීමට ප්‍රධාන ම හේතුව වෙන්නේ කාන්තාවකගෙ සිරුර සහ ප්‍රජනක පද්ධතිය නිසියාකාරව පරිණතභාවයට පත්වන්නේ මේ කාලයෙදි වීම.

ගැහැණු දරුවෙක් වැඩිවියට පත්වීමත් සමග ඇගේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ නිදහස් වීම ආරම්භ වුණත් වයස අවුරුදු 20 – 22 පමණ වනතුරු ඇගේ සිරුර මවක් වීමට අවශ්‍ය පරිණත භාවයට බවට පත්වීම සිද්ධ වන්නේ නැහැ. උදාහරණයක් විදිහට, සාමාන්‍යයෙන් තරුණියකගෙ පියයුරු සහ ක්ෂීර ග්‍රන්ථි වැඩී සම්පූර්ණ වීම සිද්ධ වෙන්නේ වයස අවුරුදු 17 ක් 18 වැනි කාලයේදී. ඒ වගේ ම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය නිසියාකාර ව විකසනය වී පරිණත වීම සිද්ධ වන්නේත් වයස අවුරුදු 22 – 32 අතර කාලයේදී. මේ වනතෙක් බොහෝ තරුණියන් තුල දින 28 ක ක්‍රමවත් ඔසප් චක්‍රයක් පවා දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අඩු වයස් කාලයකදී නිසියාකාර සැලසුමකින් යුතුව දරුවෙක් බලාපොරොත්තු වීම අපහසු කාරණාවක්.

දරුවෙක් දරන්නට සූදානම් වන ඔබ කායික ව සූදානම් වෙන්නේ කොහොමද?

ඒ වගේ ම දරු ගැබක් දැරීම සඳහා සූදානම් වන කාන්තාවක් ශාරිරික ව ශක්තිමත් වීම අනිවාර්ය කාරණාවක්. ගර්භාෂය තුල වැඩෙන කළලයත් සමග තමන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු අපහසුවකින් තොරව සිදු කර ගැනීමට මෙය ඉතා වැදගත් වෙනවා. ඒ වගේ ම මතක තබාගත යුතු කාරණාවක් තමයි, ශාරීරික ව ශක්තිමත් නොමැති මවුවරුන්ට යෝනිමාර්ගය හරහා සිද්ධ වන සාමාන්‍ය ප්‍රසූතියකදී වේදනාව දරාගැනීම තරමක් අපහසු වෙන්න පුලුවන්. මේ නිසා දරුවෙකු බලාපොරොත්තු වන මවක් තම වෛද්‍යවරයා මුණගැසී, තමන්ගේ ශරීර සැකැස්ම අනුව සුදුසු උපදෙස් ලබාගැනීම ඉතාම වැදගත්.

ඊට අමතර ව දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින මවක් තමන්ගෙ ශරීරයට අවශ්‍ය විටමින් අවශ්‍යතා සපුරා ගැනීම සිදු කරන්නට ඕනි. මෙය මවගේ යහපත් සෞඛ්‍ය තත්ත්වයට වගේ ම කුස තුල වැඩෙන දරුවාගේ යහපත් සෞඛ්‍ය තත්ත්වයටත් හේතු වෙනවා. විශේෂයෙන් ම ගර්භණී සමයේ දි මවක් මාස තුනක පමණ කාලයක ඉඳන් ෆෝලික් පෙති ලබාගැනීම සිදු කල යුතු වෙනවා. දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල මගින් ක්‍රියාත්මක කරන ‘ මව සූදානම් කිරීමේ වැඩසටහන් ‘ වලදී ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් ලබාදීම සිද්ධ කෙරෙන නිසා මේ දේවල් මග හැරේවි කියා බිය විය යුතු වෙන්නේ නැහැ.

වයස අවුරුදු 35 ට වැඩි මවක් දරු උපතකට  සූදානම් වෙන්නේ කොහොමද?

බොහෝ අවස්ථා වලදී මවකට තමන්ගේ දෙවන හෝ තුන්වෙනි දරුවා ලැබෙන කාලය වෙද්දී ඇය පසුවෙන්නේ අවුරුදු 35 හෝ ඊට වැඩි වයසක. මේ වයස් සීමාවේ පසුවෙන මවක් මතක තබාගත යුතු කාරණය තමයි, තමන් දැන් පසුවෙන්නේ තරුණ විය ක්‍රමයෙන් ඉක්මවමින් මැදි වියට ලඟාවෙන, ශරීරය වර්ධනය වෙන කාලයක නොවෙන බව. මේ වයස් සීමාවේදී මිනිස් සිරුරේ අස්ථි වල ශක්තිය ක්ෂය වීම ආරම්භ වීම සිද්ධ වෙනවා. ඒ වගේම ශරීරයේ ඇති යකඩ , කැල්සියම් වගේ අත්‍යාවශ්‍ය සංඝටක බොහොමයක් ක්‍රමයෙන් අඩු වෙමිනුයි පවතින්නේ. නමුත් මේ සංඝටක කුස තුල වැඩෙන දරුවාගේ නිරෝගී පැවැත්මට බොහොම වැදගත්. ඒ නිසා මේ වයස් සීමාවේ සිටින මවක් තරුණ මවකට වඩා වැඩි වශයෙන් තමන්ගේ සිරුරේ ඇති පෝෂක, ශක්තිය පිලිබඳ ව සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ වගේ ම මේ වයස් සීමාව සිටින මවුවරුන් අතර අධි රුධිර පීඩනය, රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ යාම වැනි තත්ත්ව සුලභ ව දකින්න ලැබෙනවා. මේ තත්ත්ව කුස තුල සිටින දරුවාට අහිතකර විදිහට බලපාන්න ඉඩ තිබෙන නිසා මවුවරුන් ඒ ගැන සැලකිලිමත් වීම අනිවාර්ය දෙයක්. මේ නිසා නිතර ම වෛද්‍ය උපදෙස් යටතේ සුපරික්ෂාකාරී ව සහ අවදානයෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.

දරු ගැබක් දරා සිටීම සහ දරුවා බිහි කිරීම කියන කාරණා වලදී මවගේ කායික නිරෝගීතාවය හා සෞඛ්‍යසම්පන්න ජීවන රටාව ඉතාම වැදගත් කාරණාවන්. ඒ නිසා නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම, පෝෂ්‍යදායි ජීවන රටාවකට අනුගත වීම, ගර්භණී සමයේ දී යෝග්‍ය සරල ව්‍යායාම වල නිරත වීම මගින් කායික සහ මානසික සෞඛ්‍යය යහපත් මට්ටමක පවත්වා ගැනීම මගින් සුව පහසු ගර්භණී සමයක් ගත කර, පහසුවෙන් නිරෝගී දරුවෙක් බිහිකරන්නට ඔබට අවස්ථාව ලැබේවි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Pregnancy

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය

Read More »
Pregnancy

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම්

Read More »
Intimacy

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම

Read More »
Pregnancy

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන

Read More »