hit counter code

ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න ඕනෙ ඇයි – 2

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ඔබ ගැබ් ගෙන ඇතිබව දැන ගත් වහාම ඔබ අයිති ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවට එය දැනුම් දිය යුතු බව පෙර ලිපිවල සඳහන් කෙරුණා. පළමු මාතෘ සායනයට ඔබ පැමිණිය යුතු දිනය ඇය ඔබට ලබා දේවි.
Booking visit ලෙස හැඳින්වෙන්නේ එම පළමු සායනයයි. ඔබව ගර්භණී ලේඛනයේ ලියාපදිංචි කර, ඔබගේ ගර්භණී කාලය පුරාවටමත් ඉන්පසුවත් ඔබගේත් ඔබේ දරු පැටියාගේත් සෞඛ්‍යය තත්වය නිසි අයුරින් පවත්වා ගැනීමේ වගකීම ඔවුන් බාර ගන්නවා.
මෙම සායනයට ඔබ සහභාගි විය යුත්තේ ගර්භයට සති 6-8 අතර කාලයේදී. මෙම සායනයේ මූලික අරමුණ වන්නේ ඔබගේ වත්මන් සෞඛ්‍ය තත්වය සොයා බැලීම සහ ඔබට කිසියම් හෝ අවදානම් සාධකයක් තිබේ දැයි සොයා බැලීම යි.
මෙම සායනයේදී සෑම ගර්භණී මවක් ම වෛද්‍යවරයා (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී) විසින් පරීක්ෂා කර බැලීම අනිවාර්‍ය වනවා. ඒ වගේම ඔබගේ උස,බර, රුධිර පීඩනය ආදිය පරීක්ෂා කර ගර්භණී සටහන් පතෙහි ලකුණු කරනවා. ඔබගේ රුධිර ගණය, රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය,බෝවන රෝග විශේෂයෙන් ලිංගාශ්‍රිත රෝග වන HIV සහ Syphilis (සිෆිලිස්) තිබීමේ හැකියාව ආදිය රුධිර පරීක්ෂණ මගින් සොයා බලනවා. මේ රෝග දෙක විශේෂයෙන් පරීක්ෂා කරන්නේ ඔබ නොදැනුවත් ව හෝ එම ආසාදන තත්වයන් ඔබ තුළ පැවතුනහොත් කළල බන්දධය හරහා එම ආසාදන කුසේ සිටිනා දරුවාටද බෝවීමේ අවදානම තිබෙන නිසා. ඔබගේ මුත්‍රා සාම්පලයක් ද පරීක්ෂාවට ලක් කෙරෙන අතර මුත්‍රා ආසාදනයක් තිබේද සහ මුත්‍රාවල සීනි අඩංගු වේදැයි යන්න සොයා බලනවා.
සායනය තුළදී කළ නොහැකි පරීක්ෂණ සඳහා ඔබව ළඟම පිහිටි එම පහසුකම සහිත රෝහල වෙත යොමු කරනවා.
ඔබගේ සහ ඔබගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ සියළු තොරතුරු, ඔබට කිසියම් ආසාත්මිකතාවයක් තිබේද යන්න, පරම්පරාගත රෝග, දියවැඩියාව වැනි බෝ නොවන රෝග තිබේද යන වග, මීට පෙර ඇතිවූ ගර්භණීභාවය ට අදාළ සංකූලතා, මෙම ගර්භණීභාවය තුළ බලාපොරොත්තු විය හැකි සංකූලතා, ඔබ දරු ප්‍රසූතිය කිරීමට බලාපොරොත්තු වන රෝහල, හදිසියකදී රෝහලක් වෙත යාමට ඇති පහසුකම් ආදී සියළු තොරතුරු අදාළ පවුල් සෞඛ්‍ය සේවිකාව විසින් ඔබගේ ගර්භණී සටහන් පතෙහි සටහන් කරනවා. මෙම ගර්භණී සටහන් පත කොටස් දෙකකින් යුක්තයි. A කොටස ඔබට ලැබෙන අතර ඊට සමානම B කොටස ඔබගේ පවුල් සෞඛ්‍ය සේවිකාව භාරයේ තබා ගන්නවා. ගර්භණී කාලය තුළ ඔබගේ පදිංචිය වෙනස් වේ නම් එය ඔබගේ පවුල් සෞඛ්‍ය සේවිකාව ට දැනුම් දිය යුතු අතර ඇය විසින් ඔබගේ නව පදිංචියට අදාළ පවුල් සෞඛ්‍ය සේවිකාවට නිල වශයෙන් ඔබගේ ලියකියවිලි භාර දෙනු ඇති.
මෙම විස්තර සටහන් කිරීම්, පරීක්ෂා කිරීම්වලට අමතර ව ඔබ ෆෝලික් ඇසිඩ් පෙති ලබාගන්නවාද යන්න සොයා බලා ඉදිරි මාසවලට අවශ්‍ය ෆෝලික් ඇසිඩ් පෙතිත් ත්‍රිපෝෂ පැකට් දෙකකුත් ඔබට සායනයෙන් ලැබෙනවා.
ඒ වගේම ගර්භණී කාලය තුළ ඇතිවිය හැකි හදිසි අවස්ථා පිළිබඳ ඔබව දැනුවත් කර (යෝනිමාර්ගයෙන් රුධිර වහනය වැනි) එවැනි අවස්ථාවල දී ඔබ ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳ ව ඉතා වටිනා උපදෙස් මාලාවක් ද සායනයේ කාර්‍ය මණ්ඩලය විසින් ඔබට ලබා දෙනවා.
මේ සියලු කටයුතු අවසානයේ ඔබ ගේ ඊළඟ සායන දිනය ලබා දෙනවා. එය බොහෝවිට ඔබේ දරු ගැබට සති 12-14 අතර දිනයක්.
පූර්ව ප්‍රසව සංරක්ෂණයේ ඊළඟ පියවර සමඟ තවත් ලිපියකින් හමු වෙමු.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Pregnancy

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය

Read More »
Pregnancy

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම්

Read More »
Intimacy

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම

Read More »
Pregnancy

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන

Read More »