hit counter code

ගැබිනි සමයේ නිතර ම ඇතිවන බඩගින්නට විසඳුම්

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ගර්භණී සමයේදී නිතර නිතර කුසගිනි ඇතිවීම ඔබට පමණක් සිදුවන දෙයක් නොවේ. එය ගර්භණී සමයේ පොදු ප්‍රවණතාවයක්. එසේ නිතර නිතර කුසගිනි ඇතිවන්නේ ඇයි ද යන්නත් නීරොගී දරු උපතක් සඳහා ඔබේ ආහාර ගැනීමේ පිළිවෙල සකසා ගත යුතු ආකාරයත් අපි මේ ලිපියෙන් සාකච්ඡා කරනවා.

ගර්භණී සමයේදි ඔබට නිතර නිතර කුසගිනි ඇතිවීම ඇත්ත වශයෙන්ම හොඳ ලක්ෂණයක්. මේ කාලයේදි ඔබේ ශරීරය තදින් ගර්භාෂය තුල වැඩෙන ඔබේ දරුවාට වැඩීමට අවශ්‍ය රුකුල සපයනවා. ඒ සඳහා ඔබට ශක්තිය අවශ්‍යයි. ගර්භාෂය තුල කලළයට පෝෂණය සපයන අතරතුර ඔබ ගන්නා ආහාර ගර්භණී සමයේ ඔබේ ශරීරයේ සිදුවන වෙනස්කම් සඳහාත් ශක්තිය සපයනවා. ශරීරයේ රුධිර පරිමාව ඉහළ යාම , ඔබේ වැඩෙන ළැම සහ ගර්භාෂයට අවශ්‍ය මේදය වැඩිපුර ගබඩා කරගැනීම වැනි විවිධ කර්තව්‍යයන් සඳහා ඔබට ශක්තිය වැය වෙනවා. ඒ නිසාම ගර්භනී ඔබට නිතර කුසගිනි දැනීම පුදුමයක් නොවෙයි. 

ගර්භනී වීමෙන් පසු දෙවැනි ත්‍රෛමාසිකය තුළ බොහෝ නිරෝගී ගර්භනී කාන්තාවන් දරුවා පිළිසිඳ ගැනීමට පෙර ගත් ආහාර ප්‍රමාණයට වඩා කැලරි 300 – 350 ක් වැඩිපුර දෛනිකව ආහාරයට ගත යුතුයි. තුන්වෙන ත්‍රෛමාසිකය තුළ එය කැලරි 450 ක් පමණ වේ. නමුත් ගර්භනී වීමට පෙර ආරම්භයේ දී ඔබගේ බර අනුව සැකසුන ගර්භනී බර දර්ශකයට අනුව ශරීරයේ බර පවත්වාගෙන යාමට ඔබ උත්සහ කළ යුතුයි.

ගර්භනී වීමත් සමඟ එළඹෙන දෙවන ත්‍රෛමාසිකය තුළ අධික කුසගින්න ආරම්භ වීම සහ එය තීව්‍ර වීම බලාපොරොත්තු විය හැකියි.

පළමු ත්‍රෛමාසිකය තුළ , ඔක්කාරය සහ වමනය නිසා ඔබට කිසිවක් ආහාරයට ගැනීමේ හැඟීමක් නොතිබෙන්නට පුළුවනි. එය සාමාන්‍යයි. ඔබේ දරුවා ඒ අවස්ථාව වන විට ඉතා කුඩා කලළයක් පමණක් නිසා ඔබට අමතර කැලරි අවශ්‍යතාවක් නැහැ. එමෙන්ම ඒ සමයේදි ඔබේ බර රාත්තල් 3 – 4 වැඩි වීමට පුලුවනි. නමුත් එලෙස ඔබේ ශරීරයේ බර යාන්තමින්වත් වැඩි වූයේ නැතත් එය කලබල වීමට කාරණයක් නොවේ.

ගර්භනී වීමෙන් සති 14 කට පසුව හෝ දෙවන ත්‍රෛමාසිකය ආරම්භයත් සමඟ , ඔබේ උදෑසන ඔක්කාරය සහ වමනය ගතිය අඩුවී සහනයක් ලැබීම ඇරඹෙනවා. ඒ සමඟම ඔබේ ආහර ගැනීමේ රටාව සාමාන්‍ය තත්වයට පත් වේ. මේ අවස්ථාවෙ සිට ඔබේ දරුවා ඉක්මනින් වැඩීමටත් , දරුවාගෙ අස්ථි මාංශ සහ අනෙකුත් පේශීන් වැඩීම සඳහා පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වීම ආරම්භ වීම සිදු වේ.

මේ සමයේදි ඔබ දෛනිකව කැලරි වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත යුතුයි. මේ කාලයේදී කුඩා නමුත් විටින් විට ගන්නා ආහාර වේලවල් තුලින් ඔබේ පෝෂ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ හැකියාව ඇත.

ගර්භනී සමයේදි ඇතිවන කුසගින්න සම්පූර්ණයෙන්ම සාමාන්‍ය වන අතර එය දරුවෙකු බිහිකිරීමේ කාර්‍යයේදී සිදුවන සෞඛ්‍යය සම්පන්න අවශ්‍යතාවක් ද වේ. එහි අරමුණ වන්නේ ඔබව තෘප්තිමත් කිරීම සහ ඔබේ ගර්භාෂයේ වැඩෙන දරුවාට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ නිවැරදි පරිමාණයකින් ලැබීමට සැලැස්වීමයි. අවශ්‍ය වන්නේ අඩු පෝෂණ පදාර්ථ සහ ඔබේ ශරීර බර අනවශ්‍ය ලෙස අධිකව වැඩි කරන ආහාර වලින් වැළකී හැකිතාක් නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීමයි.

ගර්භනී සමයේ ඇතිවන කුසගින්න පාලනය කිරීම සඳහා උපදෙස් කිහිපයක්

* විටින් විට ආහාර ගැනීම 

සෑම පැය තුනකට වරක්ම ආහාර වේලක් ගැනීම. එය ඔබව බොහෝ කුසගිනි වී වැඩිපුර ආහාර ගැනීමට පෙළඹවීමෙන් වළක්වයි. දිනකට විශාල ආහාර වේල් තුනකට වඩා කුඩා ආහාර වේල් හයක් ගැනීමට උත්සහ කල යුතුයි.

* ප්‍රෝටීන් , තන්තු සහිත , සෞඛ්‍යාරක්ෂිත මේදය සහිත ආහාර ගැනීම 

ආහාර වේලකට මෙම කරුණු තුනම අඩංගු ආහාර ඇතුලත් කරගත යුතුයි. මෙමගින් ඔබේ ශරීරයේ සීනි ප්‍රතිශතය සමබරව පවත්වාගෙන යන අතරම තවත් ප්‍රතිලාභ රැසක් ගෙන දේ.

* පෝෂ්‍යදායි නොවන ආහාර වලින් වැළකීම

කෘත්‍රීම සීනි සහ රසකාරක අඩංගු පානයන් , කෘත්‍රීම ආහාර , හොඳින් අසුරන ලද ආහාර ( බිස්කට් , සුදු පාන් , චිප්ස් , සෝඩා වැනි ) ඔබටත් ඔබේ දරුවාටත් ප්‍රතිලාභ නොගෙනෙන අනවශ්‍ය කැලරි වේ.

* අවශ්‍ය පමණ ජලය පානය කිරීම

අවුන්ස 8 – 12 ත් අතර වීදුරු ප්‍රමාණයක ජලය දිනකට පානය කිරීමට ඉලක්ක කල යුතුයි. ජලය ආහාර ජීර්ණය පහසු කරවන අතරතුර පෝෂ්‍ය පදාර්ථ ශරීරය පුරා විසුරුවාලීමට උපකාරී වේ.

* කුසගින්න නිවැරදිව හඳුනාගැනීම 

සමහර අවස්ථවලදී ඔබට තිබහා , ආතතිය හා අලස බව කුසගින්න ලෙස දැනෙන්නට පුලුවනි.

* නින්දට ප්‍රමුඛත්වය දීම 

රාත්‍රියකට පැය 7 – 9 අතර පැය ගණනක් නින්දට යා යුතුයි. සෑහෙන්න කාලයක් අවදිව සිටීම තුලින් ඔබේ ශරීරයට තදබල මහන්සියක් දැනිය හැකියි. එය ඔබේ කුසිගිනි ඇතිවන හෝර්මෝන අවදි කරයි.

* සෙමින් සහ අවධානය දෙමින් ආහාර ගැනීම 

රූපාවාහිනිය නරඹන අතරතුර හෝ දුරකථනය භාවිතා කරන අතරතුර ආහාර ගැනීමෙන් ඔබේ අවධානය වෙනතකට යොමු වන බැවින් මොළයට ඔබේ කුස පිරී ඇතයි සංඥා ලැබීම අවහිර විය හැකියි. මෙම නිසා ඔබ ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමේ නැඹුරුවක් ඇති වීමට ඉඩ තිබේ.

BabyCenter වෙබ් අඩවියෙන් උපුටා ගත් ලිපියක සිංහල පරිවර්තනයකි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර...

Read More

දුර්ලභ රෝගයක් නිසා ප්‍රසූතියේදී දෙපා අහිමි වූ මව

ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම...

Read More

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර...

Read More

Related Posts

Pregnancy

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය

Read More »
Pregnancy

කුසේදිම දරුවාගේ ජාන විකෘතිතා හඳුනාගන්න හැකි NIPT පරීක්ෂණය

NIPT පරීක්ෂණය (Non Invasive Prenatal Testing) දරුවෙක් කුසේ දරාගෙන ඉන්න අම්මෙක්ගෙ එකම බලාපොරොත්තුව තමයි ලස්සන නීරෝගී දරුවෙක් බිහිකරන එක. අපි කන බොන දේවල්වලින් පවා පරිස්සම්

Read More »
Intimacy

පොස්ටිනෝ ගත්තත් ප්‍රෙග්නන්ට් වෙනවද?

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පස්සෙ ගැබ් ගැනීම වලක්වන්න පාවිච්චි කරන උපත් පාලන ක්‍රම ගැනයි අද අපි කතා කරන්න යන්නෙ. මේ ක්‍රම වඩාත්ම සුදුසු වෙන්නෙ ඔබ කිසිම

Read More »
Pregnancy

ගර්භනී සමයේ වමනයට ආයුර්වේද විසඳුම්

දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන

Read More »