hit counter code

රජ පවුල්වල දරුවන්ටත් බලපෑ හමේ පාට

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

රජ පවුල් පිළිබඳව සිහි කරන විට වර්ථමානයේ දී මුලින්ම සිහියට එන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලයි. මෑතක දී එම රජ පවුලේ ආන්දෝලනාත්මක කතා බහකට ලක්වූ යුවළක් වූ හැරී කුමරු සහ මේගන් මාර්කල් දෙදෙනාගේ වැඩිමහල් දරුවා වූ ආචී ගේ සමේ වර්ණය පිළිබඳව ඔහු උපදින්නටත් පෙර සිටම රජ පවුල තුළ මත භේදාත්මක කතාබහක් ඇතිව තිබූ බව ඔවුන් බොහෝ අවස්ථාවල පවසා තිබෙනවා.  ආචිගේ සම අඳුරු පැහැති වීම පිළිබඳව ඇතිවන කතාබහ මේගන් ගේ හදවත බොහෝ රිදවූ බව සහ ඇය එයින් දැඩි පීඩාවට පත් වූ බව ද විවිධ සම්මුඛ සාකච්ඡාවල දී ඇය ප්‍රකාශ කරනවා.

සමේ පැහැය කළු ද සුදු ද?

ශ්‍රී ලංකාව වැනි සමකාසන්න උණුසුම් රටක ජීවත්වන මිනිසුන්ට ස්වභාවයෙන්ම හිමිවී තිබෙන්නේ දුඹුරු පැහැය සහ කළු පැහැයට වැඩි බරක් දක්වන සමක්. සූර්යාලෝකය දරා ගන්නට සිරුරට ලැබෙන බාහිර උපකාරයක් ලෙස ඒ අඩු සුදු පැහැයකින් යුතු සම සැලකෙනවා. ලොව පුරා බොහෝ සමාජ ස්ථරවල සමේ පැහැය අනුව මිනිසුන් වෙනස් කොට සැලකෙන බව රහසක් නොවෙයි. විශේෂයෙන්ම ආසියාතික ස්වභාවයෙන්ම අඳුරු පැහැති සමක් සහිත රටක වුවත් අලුත ඉපදෙන දරුවා වඩාත් සුදු පැහැයෙන් යුතු වීම බොහෝ දෙනා බලාපොරොත්තු වෙන කාරණාවක්. එයට හේතුව සුදු පැහැය වඩා සුන්දර වර්ණයක් බවට මුල් බැසගෙන ඇති  මතයයි.  දරුවකු බලාපොරොත්තු වෙන   බොහෝ මව්වරුන් තමන්ට සුදු පැහැති සමක් ඇති දරුවෙකු ලැබීම ගැන සිතනවා. ඒ සඳහා විවිධ පියවර අනුගමනය කරනවා. කෝපි වැනි කලු පැහැ පාන වර්ග අතහැරීම. තැඹිලි,  සුදු කිරි, පලා වර්ග ආහාරයට ගැනීම තමන්ගේ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් නොව දරුවා සුදුවීම සඳහාම කරන මව්වරුන් ද නැතුවා නොවේ.

සමේ පැහැය වෙනස් වෙන්නෙ ඇයි?

සමෙහි ඇති මෙලනින් වර්ණකය අඩු සහ වැඩි වීම තුළ සම සුදු සහ කළු වීමේ අඩු වැඩි සම්භාවිතාවක් තිබෙනවා. මෙලනින් වර්ණකයෙන් සිදු කරන්නේ දැඩි හිරු එළියෙන් සම ආරක්ෂා කිරීමයි. ස්වභාවයෙන්ම උණුසුම් රටක ඉපදෙන දරුවන්ගේ සමයෙහි වැඩි මෙලනින් වර්ණක ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. හිරු එලිය අඩුවෙන් ලැබෙන රටවල දරුවන්ට අඩු මෙලනින් වර්ණක ප්‍රමාණයකින් යුතු සමක් ලැබෙන නිසා ඔවුන් වඩාත් සුදු පැහැති මිනිසුන් ලෙස වැඩෙනවා. 
එයට අමතරව සමේ පැහැය වෙනස් වන්නට බලපාන අනෙක් කාරණය ජානමය ලක්ෂණ. දෙමව්පියන්ගේ ජානවලින් පැමිණෙන සමේ වර්ණය නම් වෙනස් කරන්නට හැකියාවක් නැහැ.
හිරු එළියට වැඩිපුර නිරාවරණය වීම වැනි ස්වාභාවික පාරිසරික බලපෑම් හේතුවෙන් ද සමේ පැහැය වෙනස් විය හැකියි.

සමේ පැහැයට වෙනස්කම් ලෝකෙ හැමතැනම

නවතම සමීක්ෂණයට අනුව එක්සත් රාජධානියේ සෑම තරුණ කළු ජාතිකයින් දහ දෙනෙකුගෙන් හත් දෙනකුම පාසලේ දී හෝ රැකියාවේ දී සමේ පැහැය හේතුවෙන් විවිධ පීඩනයන්ට ලක් වී තිබෙන බව පැවසෙනවා.
විශේෂයෙන්ම කළු සුදු බේදය හේතුවෙන් පාසලේ දී කළු දරුවන් විවිධ අඩත්තේට්ටම්වලට ලක් වීම ලෝකය පුරා අසන්නට ලැබෙන කාරණාවක්. ජීවිතයේ දී ලැබිය යුතු විවිධ වටිනාකම් සහ වටිනා අවස්ථා සමේ වර්ණය හේතුවෙන් අහිමි වූ දරුවන් පිළිබඳව අන්තර්ජාලය පුරා ඕනෑ තරම් කතන්දර සොයා ගන්නට පුළුවන්.

විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වන දහනව හැවිරිදි Adele Tondu පවසන්නේ කළු දරුවකුට තමන්ගේ ඉලක්ක වෙත ගමන් කරන්නට දෙගුණයකී වෙහෙස මහන්සි වී වැඩ කරන්නට සිදු වන බවයි.
“මම ගියපු ඉස්කෝලේ වැඩි හරියක් හිටියේ සුදු පාට සිසුන්. 7 වසරේ දී එක පිරිමි ළමයෙක් මට වඳුරා කිව්වා. ඒ අවස්ථාවේ මම ඒ ගැන ගුරුවරුන් දැනුවත් කලත් ඔහුට රඳවා ගැනීමක් හැර වෙනත් දඬුවමක් හිමි වුණේ නැහැ.”
Adele Tondu මුහුණ දුන් එක් සිදුවීමක් පිළිබඳව ඇය විස්තර කරන්නේ එලෙසින්.

පාට නිසා මනසට හානි නොකළ යුතුයි.

මිනිසුන් ජාති, ආගම්, කුල ආදී දේවල්වලින් බෙදා වෙන් කරන්නා සේම සමේ පැහැයෙන් දරුවන් බෙදමින් වෙනස්කම් සිදු කිරීම ලොව පුරා දක්නට ලැබෙන අතර එයින් දරුවන්ගේ මනසට සිදුකරන හානිය සුළුපටු නොවෙයි.
අනාගතය වෙත සිත් තැලුම් සහිත වේදනාත්මක මිනිසුන් රැගෙන නොයන්නට නම් දරුවාගේ සමේ පැහැය කුමක් වුවත් එය ඔහුගේ හිත තලන්නට හේතුවක් නොකරමින් කටයුතු කරන්නටය බුද්ධිමත් වැඩිහිටියන් නිරන්තරයෙන්ම වගකීම් සහගතව කටයුතු කළ යුතුයි.


ඉපදෙන රටේ දේශගුණය, මව්පිය ජානමය ලක්ෂණ, පාරිසරික සාධක මත සමේ වර්ණය තීරණය වීම දරුවකුගේ විශේෂ කුසලතාවයක් හෝ දුර්වලතාවයක් වන්නේ නැති බව විශේෂයෙන්ම සිහි තබා ගත යුතුයි.
උපතින් ලැබෙන සමේ පැහැය ඉදිරියට යන පාරේ මාර්ග බාධකයක් වෙන්නට තව දුරටත් ඉඩ නොදීම ශිෂ්ට සම්පන්න සමාජයක ඉහල මානුෂීය ගුණාංගයක් බව වටහා ගන්නට තවත් කල් ගතවිය යුතු නැහැ.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ...

Read More

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ...

Read More

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට...

Read More

Related Posts

Post-pregnancy

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය

Read More »
Pregnancy

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා

Read More »
Intimacy

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද?

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් ඇසුරෙන් සරු දින හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ්

Read More »
Post-pregnancy

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම

දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ.

Read More »