hit counter code

දරුවාගේ දිවි සුරකින එන්නත් නිසි කලට ලබා දෙමු

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

එක්තරා කාලයක් තිබුණා, වසංගත නිසා ලෝකයේ ජනගහනය ඉතා විශාල විදියට අඩුවෙලා යන..

බෝ නොවන රෝග බොහෝමයක්නිසා මේ විදියට රෝගීතත්වයට පත්වෙන අයට මිය යන්න සිදුවුණා..

ඒ වුණත් 1799 අවුරුද්දෙ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය එඩ්වඩ් ජෙනර් එවකට පැවති වසූරිය වසංගතය මැඩ පවත්වන්නට සමත්වුණේ මිනිස්වංශ කතාවේ නව මඟසලකුණක් සනිටුහන් කරමින්..

ඒ තමයි එන්නත් මගින් සිදුකරන ප්‍රතිශක්තිකරණය!

එදා මෙදා තුර වෛරස් නිසා ඇතිවන රෝග මැඩ පැවැත්වීමට සුදුසුම සහ එකම ප්‍රතිකර්මය වන්නේ එන්නත්, එනම් වැක්සීන්…

එදා මෙදා තුර බැක්ටීරියා සහ වෛරස් නිසා ඇතිවන රෝග බොහෝමයක් නිවාරණය උදෙසා එන්නත් බොහෝමයක් නිපදවා තියෙනවා. මේ එන්නත් සහ එයින් සිදුකරන ආවරණය වැඩිවීමත් එක්ක ලෝකයේ බෝවන රෝග ඉතා විශාල සංඛ්‍යාවක් වැළඳීම පාලනය කර තියෙනවා. අතීතයේ බොහෝ පෝලියෝ රෝගීන් සිටියත්, වසූරිය වසංගතය තිබුණත් අද පෝලියෝ රෝගීන් බොහෝ රටවල වාර්තා නොවීමත්, වසූරිය රෝගය මුළු ලෝකයෙන්ම තුරන්ව ගොස් තිබීමත් එන්නත්කරණයේ ජයග්‍රහණයන්..

ගර්භණී සමයේදි සහ මවුකිරි මගින් මවගෙන් දරුවාට ස්වාභාවික ප්‍රතිශක්තිය ලැබුණත් වැඩීමත් සමඟ එම ආරක්ෂාව දරුවාට මදි වෙනවා. එම නිසා රෝගයන්ට ඔරොත්තු දීම සඳහා දරුවාට ප්‍රතිශක්තිය අවශ්‍යයි. මෙසේ ප්‍රතිශක්තිය කෘතිමව ලබාදෙන්නේ එන්නත් මගිනුයි. එක් එක් රෝග සඳහා උචිත ප්‍රතිශක්තියක් ලැබෙන පරිදි එන්නත් විවිධාකාරයෙන් නිර්මාණය කර තිබෙනවා.

අපේ රටේ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණයක් ලෙස ඉහළ ප්‍රතිශක්තිකරණ ආවරණයක් ඇති කිරීමට සමත් වෙලා තිබෙනවා. එයින් මාරාන්තික ‍බෝවන රෝග රාශියක වැළඳීම හා පැතිරීම පාලනය කර තිබෙනවා.

කොහොමද දරුවාට එන්නත් දෙන්නේ?

සාමාන්‍යයෙන් මාස 12ට අඩු දරුවන්ව අප එන්නත් කරන්නේ කළවා ප්‍රදේශයේ. වයසින් වැඩි දරුවන්ගේ අතෙහි උඩ බාහුවේ deltoid ප්‍රදේශයට එන්නත ලබා දෙනවා.

සමහර අවස්ථාවලදි එන්නත් කිහිපයක් එකම දිනයේදි දෙනවා. නමුත් එක් සජීවි එන්නතක් දී නැවත සජීවි එන්නතක් දීමට නම් අවම සති හතරක කාලයක් ඉක්මවා යා යුතුයි.

දරුවන්ට එන්නතක් ලබා දීමට පෙර දෙමාපියන්ගෙන් හෝ භාරකරුවන්ගේ අනුමැතිය ඔවුන්ව දැනුවත් කර අපි ලබාගැනීමෙන් අනතුරුවයි එන්නත්කරණය සිදුකරන්නේ.

නොමේරු දරුවන්ට එන්නත් ලබාදෙනවාද?

ඔව්, එන්නත් ලබානොදිය යුතු හේතුවක් නොමැතිනම් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුව එන්නත් ලබාදෙනවා. නොමේරු දරුවෙක් රෝහලෙන් පිට කිරීමට සුදුසුවිට එම දරුවාට බී.සී.ජී. එන්නත ලබා දිය හැකියි. දරුවාට මාස 02 සම්පූර්ණ වූ විට දරුවා ඉතා තද අසනීපව නොසිටියි නම් අදාළ එන්නත් වල පළමු මාත්‍රා ලබා දෙනවා.

එන්නත් මගින් වැළඳෙන රෝග වැළඳී ඇත්නම්?

එන්නත ලබාදීමේ කිසිදු අහිතකර බලපෑමක් නැහැ. එන්නත ලබාදීම මගින් සිරුරේ නිපද වී ඇති ප්‍රතිශක්තිය තව දුරටත් වර්ධනය වනවා.

සාමාන්‍ය අසනීප තත්ව මත එන්නත්දීම සිදුකළත් ඇතැම්රෝග වැළදී ඇතිවිට සමහර එන්නත් ලබාදීම ප්‍රමාද කරනවා…

උදා; පාචනය ඇතිවිට පෝලියෝ එන්නත වෛද්‍ය උපදෙස් මත ප්‍රමාද කළ යුතුයි.

එසේම HIV රෝගයෙන් පෙළෙනවානම් බී.සී.ජී. එන්නත ලබාදෙන්නෙ නැහැ

Prednisolone ඇතුළු steroids වැනි ප්‍රතිශක්තිය අඩුකරන ඖෂධ ,පිළිකා සහ ලියුකේමියා වැනි රෝගී තත්ව හා විකිරණ ප්‍රතිකාර නිසා ප්‍රතිශක්තිය අඩු වෙනවා. එවිට එන්නත් මගින් ශරීරය තුල ප්‍රතිශක්තිය ජනනය කිරීමේ හැකියාවද අඩුවන නිසා එන්නත් ලබාදීමේදි සැලකිලිමත් වෙනවා. එසේම පසුගිය මාස තුන ඇතුළත Immunoglobin හෝ රුධිරය පාරවිලයනය කර ඇත්නම් ,ස්නායු පද්ධතියේ ආබාධ ඇතිවිට , එන්නත් ලබා දෙන දිනයේදි උග්‍ර ලෙස රෝගී ව ඇතිවිය සහ පසුගිය මසක් ඇතුළත තවත් සජීවි එන්නතක් ( පෝලියෝ, සරම්ප, රුබෙල්ලා ) දී ඇත්නම් නව එන්නතක් ලබාදෙන්නේ නැහැ. මෙවන් අවස්ථා බොහෝ ඇති නිසා මොනයම් හෝ එන්නතක් ලබාගැනීමට පෙර රෝගී තත්ව, පවතින ආසාත්මිකතා සහ ලබාගන්නා ඖෂධ පිළිබඳ සියලු කරුණු ගැන වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි.

උපන්දවසේ ඉඳන් දරුවන්ට දෙන එන්නත් ගැන අපි බලමු…

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පහත පරිදි එන්නත්කරණය සිදුකරනවා.

උපතේදී – බී.සී.ජී. එන්නත (ක්ෂය රෝගය මින් වළක්වනවා )

මාස 02 සම්පූර්ණ වූ විට –

පංචසංයුජ එන්නත /Penta valent ( ගලපටලය, කක්කල්කැස්ස, පිටගැස්ම, හෙපටයිටිස් බී, ඉන්ෆ්ලුවෙන්සා බී) සහ මුඛ පෝලියෝ එන්නත – පළමු මාත්‍රා

මාස 04 සම්පූර්ණ වූ විට –

පංචසංයුජ එන්නත /Penta valent ( ගලපටලය, කක්කල්කැස්ස, පිටගැස්ම, හෙපටයිටිස් බී, ඉන්ෆ්ලුවෙන්සා බී) සහ මුඛ පෝලියෝ එන්නත – දෙවන මාත්‍රා

මාස 06 සම්පූර්ණ වූ විට –

පංචසංයුජ එන්නත /Penta valent ( ගලපටලය, කක්කල්කැස්ස, පිටගැස්ම, හෙපටයිටිස් බී, ඉන්ෆ්ලුවෙන්සා බී) සහ මුඛ පෝලියෝ එන්නත – තෙවන මාත්‍රා

මාස 09 සම්පූර්ණ වූ විට –

ජැජනීස් එන්සෙෆලයිටීස් එන්නත (මොළේ උණ යනුවෙන් හඳුන්වන රෝගය මින් වැළකෙනවා)

මාස 12 සම්පූර්ණ වූ විට –

MMR ( සරම්ප, කම්මුල්ගාය,රුබෙල්ලා ) එන්නත- පළමු මාත්‍රාව

අවුරුදු 1 1/2 සම්පූර්ණ වූ විට –

ත්‍රිත්ව එන්නත/ DPT (ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම)

මුඛ පෝලියෝ එන්නතේ හතර වන මාත්‍රාව

අවුරුදු 03 සම්පූර්ණ වූ විට –

MMR ( සරම්ප, කම්මුල්ගාය,රුබෙල්ලා ) එන්නත- දෙවන මාත්‍රාව

අවුරුදු 05 සම්පූර්ණ වූ විට –

ද්විත්ව එන්නත/ DT ( පිටගැස්ම ,ගලපටලය) සහ මුඛ පෝලියෝ එන්නතේ පස්වන මාත්‍රාව

අවුරුදු 12 සම්පූර්ණ වූ විට –

වැඩිහිටි පිටගැස්ම ගලපටලය එන්නත /aTd

අවුරුදු 15-45 අතර – රුබෙල්ලා එන්නත

මේ අතර ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා ගැහැණු ළමයි වෙනුවෙන් HPV එන්නතද ලබා දෙනු ලැබේ. පළමු ලිංගික සංසර්ගයට පෙර එය ලබාගත යුතුයි.

එසේම පිටගැස්ම එන්නත් හයම ( මාස 2,4,6[පංච සංයුජ] 18 [ත්‍රිත්ව] හා අවුරුදු 5[ද්විත්ව],12[වැඩිහිටි] කාල වලදී ලබාගත් එන්නත් ) ලබාගෙන නොමැති ගර්භණී මවුවරුන් සඳහා පිටගැස්ම ධූලකාභය ලබාදෙනවා.

පළමුවෙනි ගර්භණීභාවයේදි ගර්භයට සති 12ක් සම්පූර්ණ වූ විට පළමු මාත්‍රාවත්, පළමු මාත්‍රාවෙන් සති 6-8කට පසු දෙවන මාත්‍රාවත් ලබා දෙනවා. ඉන්පසුව එළඹෙන සෑම ගර්භණීභාවයකදිම එක් ගර්භණීභාවයකදි එක එන්නත් මාත්‍රාව බැගින් ගර්භණීභාවයන් තුළදි ලබාගත් මුළු පිටගැස්ම මාත්‍රා ගණන 05ක් වන තෙක් පිටගැස්ම එන්නත් ලබා දෙනවා. මේ පිළිබඳ ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කිරීම ඉතා සුදුසුයි.

තවද තුවාලයක් වූ විටත් පිටගැස්මෙන් ආරක්ෂා වීම සඳහා පිටගැස්ම එන්නත ලබාගැනීම ඉතා වැදගත්.

සතෙකුගේ සපාකෑමකට , සීරීමකට ලක්වුණොත් ජලභීතිකා එන්නත් ලබාගැනීමත් එයාකාරයෙන්ම වැදගත් වෙන්නෙ මාරාන්තික ජලභීතිකා රෝගයෙන් බේරීමටයි.


එන්නත්කරණයෙන් අනතුරුව ?

එන්නත් දීමෙන් පසුව එන්නත් සටහන් පතක හෝ ළදරු සෞඛ්‍ය වර්ධන සටහනේ එන්නත් දීමෙන් පසු සටහන් යොදනවා. මේ තොරතුරු ඉතා වැදගත්. ඒ නිසා සෞඛ්‍ය නිළධාරියෙක් වෙත දරුවා ඉදිරිපත් කරන සෑම අවස්ථාවකම මෙම සටහන් රැගෙන යාම මවගේ වගකීමක්!

එන්නත් ලබාගැනීමෙන් පස්සෙ බොහෝ දෙනෙක්ට සුළු උණ තත්වයක් ඇතිවෙනවා. එය සාමාන්‍යයයි. බර අනුව සුදුසු පරිදි පැනඩෝල් ගැනීමෙන් එය සමනය කරගන්න පුළුවන්. එන්නත් කළ ස්ථානය පැය විසි හතරක් යනකම් නොතෙමා තියාගත්තොත් එම ස්ථානයෙ ඉදිමීම වැනි අපහසුතා වලය මුහුණ දෙන්න අවශ්‍ය වන්නේ නැහැ. එන්නත් ලබාගත් දිනයන්හිදි හොඳින් විවේකගැනීමෙන්, ජලය පානය කිරීමෙන් සහ සමබර ආහාර වේලක් ගැනීමෙන් , උෂ්ණාධික ආහාර වලින් වැළකීමෙන් මෙම අපහසුතා මඟ හරවාගන්න පුළුවන්.

එන්නත් නිසා සිදුවන අතුරු ආබාධ?

ඕනෑම නිෂ්පාදනයක් භාවිතා කිරීමේදී අතුරු ආබාධ ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා. එන්නත් වලටත් එහෙමයි, නමුත් එන්නත් නිසා ඇතිවන දරුණු අතුරු ආබාධ ඉතාමත්ම අවමයි. එන්නත් දීමෙන් පසු අතුරු ආබාධ සඳහා සාමාන්‍යයෙන් මිනිත්තු 20ක් පමණ නිරීක්ෂණය කරනවා. එය ප්‍රමාණවත්. සුලබවම ඇතිවන ආසාත්මිකතාවය අපි හදුන්වන්නේ Anaphylaxis කියලා. පෙර එන්නත් සඳහා ආසාත්මිකතා ඇතිවූවානම් සහ වෙනත් ආසාත්මිකතා ඇති දරුවන් රෝහල් ගත කොට එන්නත්කරණයට ලක්කිරීම තමා වඩාත් සුදුසු.

අපි ඉතාම කලාතුරකින් දකින එන්නත් නිසා ඇතිවන තීව්‍ර අතුරු ආබාධ වලට අහේතුකව බිය වෙලා දරුවන්ව එන්නත්කරණයෙන් වැළැක්වුවොත් එන්නත් නිසා සාර්ථකව මර්දනය කළ රෝග යළි හිස ඔසවන්න පුළුවන්. ඒ වගේම දරුවන් ඒ රෝග වල ගොදුරු බවට පත්වෙන්නත් පුළුවන්.

කොවිඩ් වැක්සින්, දරුවෝ සහ අම්මලා

අවුරුදු 12න් ඉහළ දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදීම අනුමත වෙලා තියෙනවා. ඒ වගේම සති 12ක ගැබ් කාලකින් පසු ගැබිනි මවුවරුන්ට සහ කිරි දෙන මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාගැනීමේ බාධාවන් නැහැ. ඒ සඳහා ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කිරීම වඩා සුදුසුයි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Parenting

පුංචි පැටියට පෙර පාසලක් සොයනව ද ?

මල් පිපි ඵලබර වූ ගසක් සශ්‍රීයව පලබර වන්නේ  එහි මූල පද්ධතිය ශක්තිමත් නම් පමණි. දෙමාපින්ගේ  වටිනාම සම්පත වන්නේ දරුවන්ය. දරුවන්ගේ අනාගතය පැහැබර කිරීම දෙමාපියන්ගේ ප්‍රධාන

Read More »
Parenting

දරුවාට වෙනත් භාෂාවක් උගන්වන්නේ කොහොමද?

දරුවන්ට නිවසේ පාවිච්චි කරන භාෂාවට අමතරව වෙනත් භාෂාවක් උගන්වන්න පුලුවන්ද? ඒ සඳහා සුදුසුම කාලය මොකක්ද? අද ලිපිය ඒ ගැන.දරුවන්ට භාෂා කිහිපයක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා.

Read More »
Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »