hit counter code

තුර්කියේ භූමිකම්පාවට නොසැලුණු පිය සෙනෙහස

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

දියණියක උපන් හැටියේ ඇගේ සියුමැලි ඇඟිලි තුඩු වලින් අල්ලා ගන්නා තාත්තා කෙනෙක් ඇයව තමන්ගේ ජීවිත කාලය පුරා දරා සිටිනවා. දියණියක ජයග්‍රාහීව ඇවිද යන මාවතක සේම ඇය රිදී බිඳී වැටෙන තැනක ද ඇයව තරයේ අල්ලා ගන්නට තාත්තා කෙනෙකුට තරම් කිසිවෙකුටත් පහසු නෑ.

මේ එවැනි කතාවක්. මේ දිනවල මුළු ලෝකයම සසල කරන ඡායාරූපයක කතාවක්.

තුර්කියේ ගොඩනැඟිල්ලක සුන්බුන්වලට යට වී මිය ගිය තම 15 හැවිරිදි දියණියගේ අත අල්ලාගෙන සිටින ශෝකයට පත් පියෙක් මේ ලොව සසල කළ ඡායාරූපයේ හිඳිනවා.

සිරියාව සහ තුර්කිය රටවල් තුළ මේ වන විට 5,200 කට වැඩි මරණ සංඛ්‍යාවක් තහවුරු වී ඇති අතර,  අර්බුදයෙන් මියගිය දහස් ගණන් ළමුන් අතර මෙම දැරිය එක් අයෙකු පමණයි. තවත් විශාල පිරිසක් ඔවුන්ගේ කඩා වැටුණු නිවාසවල නටබුන් අතර සිරවී සිටිනවා. ප්‍රධාන භූමිකම්පා දෙකක් මේ කලාපයට මුලින්ම බලපෑ අතර, ඉන්පසු රිච්ටර් මාපකයේ 5.8 ක භූමිකම්පාවක් ඇති වූ අතර සිරවී සිටින දිවි ගලවා ගත් අය බේරා ගැනීමේ ප්‍රයත්නයන් දිගටම ක්‍රියාත්මක වෙනවා.ඔවුන්ගෙන් කිහිප දෙනෙකු උදව් ඉල්ලා වීඩියෝ සහ හඬ සටහන් ද යවා තිබෙනවා.

මේ ඡායාරූපයේ හිඳින Mesut Hancer තම දියණියගේ අත අල්ලාගෙන සිටින්නේ ඇය නිවස කඩා වැටී මිය ගිය පසුවයි. සඳුදා පළමු දැවැන්ත භූමිකම්පාව බොහෝ දෙනෙක් නිදා සිටියදී සිදු වූ අතර දියණිය ද එසේ නින්දෙන්ම මිය ගිය බවයි පැවසෙන්නේ. 

සඳුදා භූමිකම්පාවෙන් මියගිය දියණිය  Irmakleyla Hancer, ගිය අඟහරුවාදා තම පියාගේ අත අල්ලාගෙන සිටින ඡායාරූපයක්ද සමාජ ජාලාවල හමු වෙනවා. නමුත් ජීවිතය කියන්නේ මෙවැනි දෙයකටයි

ඔවුන් ජීවත් වූයේ භූමිකම්පාවෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ තුර්කි නගරයක් වන Hatay වලයි. එහි සුන්බුන් යට හිඳින්නන්ගේ කෑගැසීම් පිරී තිබෙනවා. නියමිත වේලාවට ඔවුන් වෙත ළඟා වීමට නොහැකිව මංමුලා සහගතව, බේරාගන්නන් ඔවුන්ගේ දෑතින් ප්ස් ගොඩවල් හාරමින් සිටිනවා. ගොඩනැගිලිවල ඇඹරී ගිය සුන්බුන් අතරින් අසරණ වූ දරුවන් ඇදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් නිකුත් වී තිබෙන්නේ ලෝකයම කම්පාවට පත් කරමින්.මෙවැනි සංවේදි සිදුවීම් බොහෝ ප්‍රමාණයක් භූමිකම්පාව නිසා අසන්නට ලැබෙනවා. බොහෝ දෙනෙකුට තමන්ගේ පවුලේ අය අහිමි වී අවසන්. 

ලෝකයේ ඇති මරණීයම වේදනාව වන්නේ දෙමාපියන්ට දරුවන් අහිමි වීම බව කියැවෙනවා. සුන්බුන්වලට යටව මිය ගිය තම දියණියගේ සීතල අත අල්ලාගෙන සිටින තාත්තා කෙනෙකුගේ හැඟීම් ගැන ලියා තබන්නට පවා නොහැකියි. එය එතරමට වචන රහිත වේදනාවක්.

නිබන්ධිකා වන්නිනායක

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය...

Read More

Related Posts

Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

යකඩවලින් පිරි දරුවන්ගේ මොළය වර්ධනය කරන නිවිති

නිවිති යනු දරුවන්ට පෝෂණ ප්‍රතිලාභ රාශියක් ඇති කොළ පැහැති පලා වර්ගයකි. එය දරුවන්ගේ ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට උපකාර වන විටමින් සහ ඛනිජ ලවණ බහුල

Read More »
Parenting

පිළිකා නසා දරුවන්ගේ මළබද්ධය වළකන ගිතෙල් ගැන දැනගනිමු.

සියවස් ගණනාවක් පුරා ඉන්දියානු ආහාරවල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ගිතෙල් හඳුනාගත හැකියි. මේදයෙන් වෙන් වන තෙක් බටර් රත් කිරීමෙන් එය සාදන අතර එමඟින් විවිධ අරමුණු සඳහා

Read More »
Parenting

සිරීපාදයෙන් ආ පාචනයේ ඇත්ත කතාව

මේ දවස්වල හැමෝම බයෙන් ඉන්නෙ ශ්‍රී පාදයේ වන්දනාකරුවන්ගෙන් වාර්තා වුනු ලිස්ටීරියා කියන රෝගය ගැන.ලංකාවෙ අපිට එතරම් හුරුපුරුදු රෝගයක් නොවන නිසා ඔබ මේ නම අහලත් නැතිවෙන්න

Read More »