hit counter code

දරුවාගේ කනේ හෝ නාසයේ යමක් සිරවී ඇත්නම්!

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ඔබ කෙතරම් ඇස ගැටෙන මානයේ දරුවන් තබා ගෙන සිටියත්, ඇසිල්ලකින් ඔවුන් කුඩා දේවල් කනේ හෝ නාසයේ සිර කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අවස්ථාවන්හිදී ඔබ කලබල වී අනවශ්‍ය යමක් කළහොත් එය දරුවාගේ මුලු ජීවිත කාලයට ම බලපෑ හැකියි. එවන් අවස්ථාවක ඔබ ක්‍රියාත්මක විය යුතු නිවැරදි ම පිළිවෙල මෙයින් ඔබට පැහැදිලි කරනවා.  

දරුවාගේ කනේ හෝ නාසයේ යමක් සිරවී ඇත්නම් මුලින් ම කළ යුත්තේ කුමක්ද?

පළමුව, වහාම ඔබ සන්සුන් වන්න. එසේ  සන්සුන්ව සිට දරුවාට බිය නොවන ලෙසත්, සිර වූ දෑ ඉක්මනින් ඉවත් කරන බවටත් සහතික වන්න.

එය ඔබේ දෑසට පෙනෙන දුරක හෝ අතින් ඉවත් කිරීමට ඉතා පහසු නම් මිස ඔබම පිටතට ගැනීමට උත්සාහ නොකරන්න. වඩාත් අනතුරුදායක දෙය වන්නේ එය එළියට ගන්නට උත්සාහ කරන විට ඔබ අතින් එය තවත් ගැඹුරට තල්ලු වීමට ඉඩ තිබීමයි. එබැවින් අතට හසුවෙන මෙන් ම ඇසට පෙනෙන මානයේ ඇති වස්තුවක් ගන්නට මිස, උපකරණ ආදිය භාවිතා කිරීම කිසිසේත් නොකරන්න.  දරුවාගේ වෛද්‍යවරයාට සියල්ල භාර දෙන්න. 

ඔබේ දරුවාගේ නාසයේ යමක් ඇත්නම් සහ උපදෙස් අනුගමනය කිරීමට තරම් දරුවා වයසින් වැඩි නම් ඔබට නිවසේදී උත්සාහ කළ හැකි දේ

මුඛයෙන් හුස්ම ගන්නා ලෙස උපදෙස් දෙන්න. කිසිවිට නාසයෙන් ආශ්වාස නොකරන ලෙසට පවසන්න. ඒ අතරේදී, සිරවූ දෙය ඇති නාස් කුහරය නොව අනෙත් නාස් කුහරය සිර කරගන්න. ඉන්පසු සිරවූ දෙය සහිත නාස් කුහරයෙන් තදින් ප්‍රාශ්වාස කරන ලෙසට උපදෙස් දෙන්න. මෙහිදී සිරවූ දෙය බොහෝ විට පිටතට පැමිණේ. කුඩා ලේ ගැලීමක් සිදු විය හැක. නමුත් එය විනාඩි දහයකට වඩා කාලයක් තිබෙන්නේ නම් අනිවාර්යයෙන් ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු ය. 

ඔබට පහසුවෙන් සිරවූ දෙය ලබා ගත නොහැකි නම්, දරුවා වහාම වෛද්‍යවරයා වෙත ගෙන යාම වැදගත් වේ. ඔබ වැඩි වේලාවක් බලා සිටිහොත් සමහර දේවල් පිටතට ගැනීමට අපහසු වේ. බෝංචි වැනි ඇට වර්ග වතුර උරාගෙන ඉදිමීමට හැකි ය. එනිසා විශාල වී ඉවත් කිරීම වඩාත් අපහසු විය හැක. කුඩා බොත්තම් හෝ බැටරියකට බරපතල ලෙස කනෙහි හෝ නාසයෙහි පටකවලට හානි කළ හැක.

පිටතට ගැනීමට නොහැකි වුවහොත් කුමක් සිදුවේද?

  • ඉවත් නොකළ සිරවූ දේවල් වේදනා ගෙන දෙනවා මෙන් ම ආසාදන ඇතිකරනවා. 
  • සිරවූ දෙය දරුවාගේ නාසය  ඔස්සේ ශ්වාසනාලයට වැටිය හැක.

දරුවාට නොදැනුවත්වම යමක් සිරවිය හැකිද?

ඔව්. කුඩා දරුවන් පබළුවල සිට පොප්කෝන් ඇට දක්වා විවිධ දේ තම නාසයට හෝ කන්වලට දමා ගැනීමට ඉඩ ඇති අතර, යමක් සිරවී ඇති බව ඔවුන්ට නොදැනෙන්නට පුළුවන් වීම වඩාත් නරක කාරණාවයි.

ඔබේ දරුවාගේ කනේ යමක් සිර වී තිබිය හැකි බවට ඉඟි කිහිපයක්

  • වේදනාව හෝ අපහසුතාව
  • රතු පැහැය
  • කනෙන් වතුර ඒම
  • කනෙන් ඇදීම
  • ඇසීම අඩුවීම

ඔබේ දරුවාගේ නාසයේ යමක් සිර වී තිබිය හැකි බවට ඉඟි කිහිපයක්:

  • නාසයේ එක් පැත්තකින් වතුර ඒම
  • බොහෝ විට නාසයේ දුගඳක් ඇත
  • වේදනාව හෝ අපහසුතාව
  • නාසයෙන් ලේ ගැලීම

මෙවැනි සිදුවීම් වළක්වා ගන්නේ කෙසේද?

  • සියලුම සෙල්ලම් බඩු වයසට ගැලපෙන බවට වග බලා ගන්න. සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ සෙල්ලම් බඩුවල අදාළ වයස් ප්‍රමාණය සලකුණු කර තිබේ. 
  • කුඩා දරුවන් නිරන්තර ව අධීක්ෂණය කරන්න. ඇස ගැටෙන මානයේම තබා ගන්න.
  • කාසි සහ අනෙකුත් කුඩා දේවල් ලබා ගත නොහැකි ලෙස තබා ගන්න.
  • ඕනෑම දෙයක් ඔහුගේ නාසයට හෝ කනට දැමීම හොඳ නැති බව ඔබේ දරුවාට උගන්වන්න.

දරුවා කනෙහි හෝ නාසයෙහි යම් ආගන්තුක දෙයක් සිර කරගත් විට ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න දැන් ඔබ දන්නවා. ඉතින් දරුවාගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර වග වී අනතුරුදායක අවස්ථාවන්ගෙන් අත් මිදෙන්න. 

බේබි සෙන්ටර් වෙබ් අඩවිය ඇසුරෙනි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවගේ ප්‍රතිශක්තය වැඩි කිරීමට කළ හැකි දේවල්

පොඩි දරුවෙක් ඉන්න අම්මලා තාත්‍තලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දරුවො නිතරම ලෙඩ...

Read More

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ...

Read More

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට...

Read More

Related Posts

Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »
Parenting

අම්මගෙ කේන්තිය පිට වෙන්නේ දරුවො පිටින් ද?

දෙමව්පියන්ගේ ඕනෑ ම හැසිරීමක් දරුවන්ට බලපානවා. කේන්තිය කියාත් වෙනසක් නැහැ. අම්මාගේ කේන්තිය වගේ ම තාත්තාගේ කේන්තියත් එහෙමයි. අපි අද කතා කරන්නේ අම්මාගේ කේන්තිය දරුවන්ට බලපාන

Read More »