hit counter code

ADHD දැයි හරියටම හඳුනාගන්නේ මෙහෙමයි

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ADHD (Attention Deficit Hyperactive Disorder)

අවධානයේ ඌණතා සහ අධි ක්‍රියාකරී දරුවන් හඳුනා ගන්නේ කොහොමද?

දඟකාර, කටකාර ළමයි හරි නීරෝගීයි. ‘අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත’ අප කාගෙත් කන් වැදුණු කතාවක්. පුංචි දරුවන් කුඩා කළ සිටම ක්‍රියාකාරී වීම අත්‍යවශ්‍ය වන නමුත් සාමාන්‍ය දඟකාරකමින් ඔබ්බට ගිය තත්ත්වයක් ලෙස ADHD තත්ත්වය  හඳුනා ගත හැකිය.

දරුවෙකුගේ ස්නායු සංවර්ධනයත් සමඟම ඇතිවන තත්ත්වයක් ලෙස ADHD නැතිනම් අවධානය ඌණ සහ අධි ක්‍රියාකාරී දරුවෙක් බවට පත්වීම හඳුනාගත හැකිය. මෙහිදී ප්‍රධාන ලෙස අවධානය යොමු කිරීම, රදා පවත්වා ගැනීම අපහසුවීම, අධි ක්‍රියාකාරී බව, ආවේගශීලී බව සහ හැසිරීම මෙම තත්ත්වය සහිත දරුවන් තුළ දැකගත හැකිය.  

  • ADHD ඇති වන්නේ ඇයි ?

මීට හේතූන් රාශියක් දැක්විය හැකිය.

  • ජානමය ගැටළු
  • දරුවාගේ ස්නායු පද්ධතියේ සිදුවන වෙනස්කම් 
  • දරුවා මව් කුස තුළ සිටින කාලයේ මවගේ මානසික මට්ටම
  • නොමේරූ දරු උපත්
  • විෂබීජ ආසාදන
  •      සිතන්න…….

ඔබේ දරුවාත් පහත සඳහන් හැසිරීම් ලක්ෂණ පෙන්නුම් කරනවාද ?

  • එක් කාර්යක් සඳහා එක තැනක වැඩි වේලාවක් රැදී නොසිටීම.
  • තමන්ගේ වාරය ලැබෙන තුරු රැඳී සිටීමට නොහැකි බව
  • ඒකාබද්ධ අවධානය නොමැති බව
  • අන් අයට සවන් දීම මද බව
  • වැඩක් නිමවන තුරු කිරීමට නොහැකිවීම
  • කතාවේ වේගය වැඩිබව සහ අපහැදිලි බව
  • නිතර තම දේවල් නැති කර ගැනීම
  • තමා වෙත කෙසේ හෝ අවදානය යොමු කර ගැනීමට සෑදීම
  • ඉගෙනීම කෙරෙහි මද උනන්දුව සහ ප්‍රගතිය අඩුවීම
  • ඉවසීම අඩුකම සහ තරහා පාලනයෙන් තොර වීම
  • අපිළිවෙල
  • කණ්ඩායම් සහයෝගීතාවය අඩුකම
  • නිතර කතා කිරීම, ප්‍රශ්න ඇසීම අවස්ථානෝචිතයෙන් තොරව සිදු කිරීම.

යන කරුණු යටතේ සිතා බලන්න. එසේ නම් ඔබ විශේෂඥ වෛද්‍යවරයෙකු හරහා උපදෙස් ලබා ගැනීම අනිවාර්යය වේ.

  •     ADHD තත්ත්වය විනිශ්චය කළ හැක්කේ කෙසේද ?
  • ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු
  • ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු

වෙත යොමු වීම් තුළින් ඔබට නිවැරදි තත්ව විනිශ්චයක් ලබාගත හැකිය.

ADHD තත්ත්වය දරුවෙකුගේ වර්ධනයත් සමඟ ජීවිත කාලය පුරාම රැදිය හැකි තත්ත්වයක් බැවින් එය නිවැරදි ප්‍රතිකාර, චිකිත්සක ක්‍රමවේද, හැසිරීම් පාලනය මඟින් කළමණාකරණය කළ යුතු තත්ත්වයකි. ප්‍රධාන ලෙසම මෙම තත්ත්වය නිසා ඉගෙනුම් අපහසුතා ඇති වීම වැඩි අවධානයක් යොමු කළ යුතු කරුණකි.

සාමාන්‍ය ලෙස සම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමවේදයන් (ලිවීම/ කියවීම) තුළින් පමණක් මෙම දරුවන්ට අධ්‍යාපනය ලබා දිය නොහැකි ය. ඔවුන්ගේ අවශ්‍යතාවයට, හැකියාවන් දියුණු කිරීමට ඔවුන්ට උගන්වන ක්‍රමවේදයන් ද වෙනස්ව දියුණු විය යුතුය.

දරුවන් මුල් අවධියේ දී හඳුනා ගන්න. ඔබ දැනුවත් වූ කරුණු, ලක්ෂණ දරුවා තුළ දකින්නේ නම් සුදුසුකම් ලත් වෘත්තිකයින් හමු වී මාර්ගෝපදේශ ලබා ගන්න. 

සම්පත් දායකත්වය – සචිනි උපේක්ෂා

Speech and Language Therapist
Special need educationist

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Parenting

පුංචි පැටියට පෙර පාසලක් සොයනව ද ?

මල් පිපි ඵලබර වූ ගසක් සශ්‍රීයව පලබර වන්නේ  එහි මූල පද්ධතිය ශක්තිමත් නම් පමණි. දෙමාපින්ගේ  වටිනාම සම්පත වන්නේ දරුවන්ය. දරුවන්ගේ අනාගතය පැහැබර කිරීම දෙමාපියන්ගේ ප්‍රධාන

Read More »
Parenting

දරුවාට වෙනත් භාෂාවක් උගන්වන්නේ කොහොමද?

දරුවන්ට නිවසේ පාවිච්චි කරන භාෂාවට අමතරව වෙනත් භාෂාවක් උගන්වන්න පුලුවන්ද? ඒ සඳහා සුදුසුම කාලය මොකක්ද? අද ලිපිය ඒ ගැන.දරුවන්ට භාෂා කිහිපයක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා.

Read More »
Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »