hit counter code

මංගල දිනයේ මනාලිය හැඬවූ ආදරණීය පුදුම කිරීම!

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

මනාලයෙක් මංගල දිනයේදී ඔහුගේ මනාලියට ලබා දෙන උණුසුම් surprise එකක වීඩියෝවක්   මුළු ලොවෙහිම හදවත් සසල කරමින් අන්තර්ජාලයේ සංසරණය වෙනවා. 2020 වසරේ සිදු වූ සිදුවීමක් වුවත් තවමත් එය සෑම කෙනෙකුම පාහේ නරඹන වීඩියෝවක් බවට පත්ව ඇත්තේ එය එතරමට සංවේදී නිසා.මානුෂීය බව ගැන නැවත නැවතත් සිතන්නට අපට ඉඩ තබන්නක් නිසා.

මනාලයාගේ නම Jose Victor. වාසනාවන්ත මනාලිය Cintia. බ්‍රසීලයේ Caxias do Sul හි තමයි මේ මංගල උත්සවය පැවතුණේ.

මෙහි සියලු දෙනා සංවේදී වූ කාරණය නම් මනාලයා මංගල මුදුව මංගල සභාවට ගෙන ඒමට තෝරාගෙන තිබුණේ ලාංකීය සමාජයේ නම් නිරතුරු කොන් කිරීමට ලක් කරන ඩවුන්ස් සින්ඩ්‍රොම් දරුවන් පිරිසක් වීමයි.

මේ සුන්දර කුඩා දරුවන් පිරිස, භාෂා හා කථන චිකිත්සකවරියක් Cintiaගෙන් අධ්‍යාපනය ලබන්නන්. 

මනාලිය මේ දර්ශනයෙන් ප්‍රීතියෙන් පිනා යනවා. සතුට දරා ගැනීමට නොහැකිවන ඇයගේ දෑස් තෙත් වෙන්නේ නිතැතින්.

මල් වගේ දරුවන් සත් දෙනෙක් මේ සඳහා සහභාගී වී තිබුණා. ඔවුන් පේළියට මංගල සභාවට පැමිණෙන විට අමුත්තෝ නැගිට අත වනා ඔවුන්ව පිළිගනු ලැබුවා. මනාල යුවළ බොහෝ වෙලාවක් ඔවුන්ව වැළඳගනිමින් සිය ආදරය ප්‍රකාශ කළා. 

මනාලයා කුඩා දරුවන් අතරින් වැඩිමල් පිරිමි දරුවා සමග අතට අත දුන් අතර දැරියකට උණුසුම් වැළඳගැනීමක් ලබා දුන්නා. 

මේ ගැන Instagramහි පළ කර තිබූ වීඩියෝවක Cintia අදහස් දැක්වූයේ මෙලෙසින්. 

“එය ඉතා හැඟීම්බර අවස්ථාවක් වුණා. මොකද මම මුලින් පූජකතුමාගෙන් මගේ මේ දරුවන් පිරිස පල්ලියට රැගෙන එන්නට පුලුවන්ද අහනවිට ඔහු සිය විරුද්ධතාව ප්‍රකාශ කළා “

“ඇත්තට ම සිදුවෙලා තිබුණේ මේකයි. මගේ සැමියා ඒ වනවිටත් මේ කටයුත්ත පූජකතුමාගේ සහයෝගයෙන් සූදානම් කරලායි තිබිලා තියෙන්නේ. “

“මම ඇත්තට ම මගේ වෘත්තියට ආදරේ කරනවා. මොකද මේ දරුවන්ට වඩාත් යහපත් තත්ත්වයකින් යුතු ජීවිතයක් ලබා ගන්නට උදව් කරන්නට මම වාසනාවන්ත වෙලා තියෙනවා. “

තව දුරටත් අදහස් දක්වන Cintia මෙසේ පවසනවා.

“හැම මනුස්සයෙක්ට ම සැඟවුණු දක්ෂතා තියෙනවා. අපි මේ දරුවන් දිහා බලන්න ඕනෙ ඔවුන්ට නොහැකි දේවල්වලට එපිටින්. එවිටයි අපිට හැකියාව ලැබෙන්නේ ඔවුන්ට ජීවිතයේ ඇතිවන අභියෝග ජය ගැනීමට උපකාරී වන්නට. “

Cintiaගේත්, Joseගේත් මේ මංගල උත්සවය ගැන ලොව පුරා වේගයෙන් පැතිර යනවා. ඔවුන් ලොවට දෙන්නේ සුවිශේෂ පණිවුඩයක්. දරුවන්ට ආදරය කරන්නට සීමා තිබිය යුත්තේ නැහැ.අපේ රට තුළ මෙවැනි ආබාධිත දරුවන් කොන් කිරීමත්,ඔවුන්ට සමාජයේ ඉඩක් නොදීමත් නිතරම සිදු වන්නක්.මලක පෙත්තක් තරම් සිනිඳු දරුවෙකුගේ හදවතේ ජීවිත කාලයම පවතින තරමට පළුදු වීම් ඇති වන්නට ඒ කොන් කර දැමීම් හේතු වෙන්න පුලුවන්.ඒ වගේම ආබාධයක් ඇති දරුවෙක් හදා වඩා ගන්නා මවක් ද නිරන්තරයෙන්ම මානසික බිඳ වැටීම් වලට ලක් කරන්නට මේ තත්ත්වයන් හේතු වනවා. Cintia සහ Jose ලොවට ම ආදර්ශයක් දෙමින් පෙන්වා දෙන්නේ, ඕනෑ ම දරුවෙක්ගේ සහජ කුසලතා ඔපමට්ටම් කළ විට ඔවුන්ගේ ජීවිතය දීප්තිමත් වීම වළක්වන්නටත්, අනෙත් අයගේ ජීවිත දීප්තිමත් කරන්නටත් ඔවුන්ගේ ශාරීරික හෝ මානසික දුබලතාවන්ට නොහැකි බවයි.

දරුවන් මලක මෙලෙක ඇතිව උපදින්නේ අනාගත ලෝකය සුවඳවත් කරන්නයි.ඒ මොළොක් සිත් ප්‍රවේසම් කිරීම අපේ වගකීමක්.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Parenting

පුංචි පැටියට පෙර පාසලක් සොයනව ද ?

මල් පිපි ඵලබර වූ ගසක් සශ්‍රීයව පලබර වන්නේ  එහි මූල පද්ධතිය ශක්තිමත් නම් පමණි. දෙමාපින්ගේ  වටිනාම සම්පත වන්නේ දරුවන්ය. දරුවන්ගේ අනාගතය පැහැබර කිරීම දෙමාපියන්ගේ ප්‍රධාන

Read More »
Parenting

දරුවාට වෙනත් භාෂාවක් උගන්වන්නේ කොහොමද?

දරුවන්ට නිවසේ පාවිච්චි කරන භාෂාවට අමතරව වෙනත් භාෂාවක් උගන්වන්න පුලුවන්ද? ඒ සඳහා සුදුසුම කාලය මොකක්ද? අද ලිපිය ඒ ගැන.දරුවන්ට භාෂා කිහිපයක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා.

Read More »
Parenting

තම නිවස තුළදී ම සොයුරා අතින් බරපතල අපයෝජනයට ලක් වූ බාලවයස්කාර නැගණිය

(මධ්‍යම පළාතේ මහනුවරට ආසන්න උසාවි භුමියක විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් නීතිඥ කණ්ඩායමේ නීතිවේදිනියක විසින් ලබාදෙන සත්‍ය කතාවකි. ඉතා සංවේදී සිදුවීමක් බැවින් කතාවට සම්බන්ධ අයගේ නම

Read More »
Parenting

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය

Read More »