hit counter code

කිරිදත් පරිස්සම් කරගන්නේ මෙහෙමයි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

ගොඩක් අය හිතන දෙයක් තමයි කිරි දත් කටේ මතුවෙන්නෙ වැටෙන්න බලාගෙන නිසා දරුවගෙ කිරි දත් ගැන සැලකිලිමත් වෙන්න ඕන නෑ කියන එක. ඒත් ඒ බොහෝ අවස්ථාවලදී ඒ නිගමනය වැරදියි කියලා තේරුම්‍ යද්දි ස්ථිර දත් වලට වෙන්න තියෙන හානිය වෙලා අවසානයි. ඒ කොහොමද, ඒ නිසා කිරි දත් ආරක්ෂා කරගන්නෙ කොහොමද කියලා අපි දැනගෙන ඉමු.

දරුවාගෙ මුඛයේ කිරිදත් තියෙන කාලෙදිමයි විදුරුමසට ඇතුළත හනුක අස්ථිය තුළ ස්ථිර දත් විකසනය වෙන්න පටන් ගන්නේ. ස්ථිර දත් ක්‍රම ක්‍රමයෙන් හැදෙන කොට කිරි දතේ දත්මුල් හනුව ඇතුළෙම හෙමි හෙමින් දිය වෙලා යනවා. එහෙම දිය වෙලා කිරිදතේ උඩ කොටස විතරක් ඉතුරු වෙලා හෙළවෙන්න ගනිද්දි ඊට යටින් තියෙන ස්ථිර දත මුඛය තුළට මතුවෙන්න සුදුසු විදියට හැදිලායි තියෙන්නේ. එහෙම වුණාම කිරි දත ගැලවිලා ගිහිල්ලා ස්ථිර දත් මතුවෙනවා. සමහර අයගෙ කිරිදත් කටේ තියෙද්දිම ස්ථිර දත මතුවෙන වෙලාවලුත් තියෙනවා. තව සමහර විශේෂ අවස්ථා තියෙනවා සමහර දරුවන්ගේ කටේ ඉපදෙද්දිම කිරිදත් මතුවෙලා තියෙනවා හෝ ඉපදිලා සතියක් දෙකක් ඇතුළතදි දත් මතුවෙනවා. මේ දත් ඉතාම සෙලවෙන සුළු නිසා දත් ඉබේ ගැලවිලා දරුවාගේ ශ්වසන පද්ධතියට හෝ ආහාර මාර්ගයට ඇතුළුවීමේ අවධානමක් පවතිනවා. ඒ වගේම මවුකිරි දෙනකොට මවට ඇතිවන අපහසුතාව නිසා එම දත් සුළු සැත්කමකින් ඉවත් කරනවා.

සාමාන්‍යයෙන් මුල්ම කිරිදත එද්දි මාස හයක් වගේ වෙන අතරේ ස්ථිර දත් මුලින්ම මතුවෙන්නෙ අවුරුදු හයේදි. ඉතිං මේ කිරිදත් නරක් වෙලා තිබුණොත්, ඒ කියන්නේ කුහර තිබුණොත් ඒක පහළින් මෝදුවෙන ස්ථිර දතට බලපානවා. දත් කුහර ඇතිකරන ව්‍යාධිජනක බැක්ටීරියාවන් විදුරුමස් ඔස්සේ අලුත් ස්ථිර දතට කිට්ටු වෙලා ඒ දතේ හැඩය ,පාට වෙනස් කරන්න පුළුවන්. Turner’s tooth කියන තත්වයෙන් හඳුන්වන්නේ ඒ ගැටළුව.

ඒ වගේම කිරිදතට වෙන අනතුරක් නිසා ඒ කම්පනය ස්ථිර දතටත් දැනිලා ස්ථිර දත අජීවි වෙන්න , පැහැය ,හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කිරිදත් වල කුහර තියෙන බොහෝ දරුවන් සතු වැරදි සෞඛ්‍ය පුරුදු එයාකාරයෙන්ම පවත්වාගෙන යාම නිසා ස්ථිර දතුත් කුහර සහිත වෙන්න පුළුවන්. අනතුරු හෝ කුහර නිසා මුඛයේ රැදී තිබිය යුතු සාමාන්‍ය කාල වකවානුවට වඩා කලින් කිරි දත් හැලෙන්න පුළුවන්, එහෙම වුණාම අලුතින් මතු වෙන ස්ථිර දත් ඒ හිස් ඉඩ අවභාවිතා කරමින් සාමාන්‍යයෙන් මතුවෙන ස්ථානයෙන් බැහැරව කට ඇතුළෙ මතුවෙන්න පුළුවන්.

මේ වගේ හේතු නිසා අපි කිරි දතුත් ස්ථිර දත් වගේම පරෙස්සම් කරගන්න ඕන..

කොහොමද කිරි දත් පරෙස්සම් කරගන්නේ?

බොහෝ අවස්ථාවලදි දරුවාගේ කිරිදත් සවුත්‍තු කරන වැරැද්ද සිදුවෙන්නේ අම්මා අතින්. මවුකිරි ලබාදුන්නයින් පස්සේ දරුවාගේ කට ඇතුළේ දිව සහ තල්ල අතර කිරි තට්ටුවක් ඉතුරු වෙනවා. දත් මෝදු වෙන්න පෙර ඉඳන්ම මවු කිරි දීමෙන් පස්සෙ පිරිසිදු සිනිඳු කපු රෙදි කැබැල්ලක් අම්මාගෙ ඇඟිල්ල වටා ඔතලා විදුරුමස් පිසින්න කියන එක දන්ත වෛද්‍ය උපදේශයක්. මුල්ම කිරි දත මතුවුණ දවසේ ඉඳන් දරුවාගෙ දත් පිරිසිදු කළ යුතුයි. මුල් කාලයේදි ඒ සඳහා මවට ඇඟිලි බුරුසුව ( finger brush ) භාවිතා කළ හැකි වුවත් දරුවා සහ මව දෙදෙනාම එම පුරුද්දට දීර්ඝකාලීනව හුරු වෙලා ඇඟිල්ලෙන් දත් මදින්න පුරුදු වීමේ අවධානමක් තියෙන නිසා finger brush භාවිතා නොකරන ලෙස දන්ත වෛද්‍යවරුන් උපදෙස් දෙනවා.

එමනිසා දරුවා වැඩෙන විට ඒ ඒ වයසට උචිත ලෙස වෙළඳපොළේ ඇති ළමා දත් බුරුසුවක් භාවිතා කරන්නට සහ දරුවා විසින් දත් මැදීම සඳහා හුරු කරන්නට භාරකරු විසින් වගබලා ගත යුතුයි. ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතා කරමින් දත් මැදීම සඳහා නිර්දේශිත modified bass technique ‍යොදාගනිමින් දිනකට දෙවරක් ආහාර ගැනීමෙන් අනතුරුව භාරකරුගේ අධීක්ෂණය යටතේ දරුවා දත් මැදීමට යොමු කළ යුතුයි. අවුරුදු තුනට අඩු දරුවන් සඳහා දන්තාලේප තුනී තට්ටුවක් සහ අවුරුදු තුනට වැඩි හයට අඩු දරුවන් සඳහා රටකජු ඇටයක දන්තාලේප හොඳින් ප්‍රමාණවත්. ස්ථිර දත් මතුවන තුරු, එනම් අවුරුදු හයක් පමණ වන තෙක් ළමා දත් බුරුසුවක් දරුවා සඳහා භාවිතා කළ හැකියි. කුඩා දරුවන්ගේ දත් මැද අවසානයේදී මව විසින් දරුවාගේ මුඛය තුළ ඇති දන්තාලේප සිනිදු කපු රෙදි කැබැල්ලක් දැවටූ මවගේ ඇඟිල්ලක් යොදාගෙන ඉවත් කළ යුතුයි. දරුවා දන්තාලේප ගිලීම වැළැක්වීම එහි අරමුණයි.

රාත්‍රි කාලයේදි මවුකිරි දෙමින් දරුවා නිදි කරවීම සහ දෙවුම් බෝතලයෙන් (feeding bottle) ලබාදෙන පිටිකිරි වලට සීනි එකතුකිරීම කිරිදත් වල කුහර ඇතිවීමට ප්‍රධාන හේතූන්.

මවුකිරි ලබාදී අවසානයේදි දරුවාගේ කට තුල රැඳී ඇති කිරි ඉවත් කළ යුතුයි. දෙවුම් බෝතලයට දැමූ වතුර ස්වල්පයක් බීමට දෙමින් මෙසේ කිරි ඉවත් කළ හැකියි. වයස අවුරුද්දකට වැඩි දරුවන් සඳහා නින්දේදි මවුකිරි ලබාදීම සහ බෝතයෙන් කිරි දෙමින් දරුවා නිදි කරවීම නොකළ යුතු අතර ක්‍රමයෙන් එම පුරුද්දෙන් දරුවා මුදවිය යුතුයි. මෙහිදී කිරි දී අවසානයේදි දෙවුම් බෝතලයට දැමූ වතුර ස්වල්පයක් පානයට දීම, නින්දේදි කිරි ඉල්ලන අවස්ථාවන්හිදී බෝතලයට දැමූ වතුර ස්වල්පයක් දෙමින් එම පුරුද්දෙන් දරුවා මුදවාගත හැකියි.

පළතුරු යුෂ ,කිරි ආදිය දීමේදි සීනි මිශ්‍ර නොකර දීම සිදුකළ යුතු අතර පැණි රස සහ ඇලෙනසුළු කෑම වර්ග ලබාදීමෙන් හැකිතාක් වැළකිය යුතුයි. පැණිරස ආහාර ලබාදීම ප්‍රධාන ආහාර වේල් වලට සීමා කිරීම වඩා හොඳයි, ඒ වගේම ප්‍රධාන ආහාර වේල් අතරමැද සීනි සහිත සහ ආම්ලික ආහාර වර්ග ලබා දීමෙන් වැළකිය යුතු අතර එසේ ගන්නා සියලු අවස්ථාවලින් පස්සෙ කට සේදීම අනිවාර්‍ය වෙනවා. ඇලෙන සුළු ටොෆි බුල්ටෝ වගේ රසකැවිලි කෑවාම පස්සේ දත්වල ඇලුණු ද්‍රව්‍ය ඉවත් කරන්න ඕන. ටොෆි, චොකලට් , බුල්ටෝ, මුරුක්කු ,බයිට්ස්, අයිස්ක්‍රීම් , කාබනික බීම වගේ අහිතකර ආහාර හැකිතාක් දරුවගෙන් වළක්වලා ධාන්‍ය වර්ග, මාෂ බෝග, සීනි රහිත හෝ අඩු කිරි, යෝගට්, කෙඳි සහිත ආහාර වලට යොමු කිරීමෙන් කුහර වලින් තොර නිරෝගී දත් දෙපළක් ලබාගත හැකියි.

දරුවාගේ දත් වල අවපැහැයක්, කුහරමය තත්ත්වයක් දුටු විගස සහ දත් ආශ්‍රිත වේදනාවක් සංවේදිතාවයක් පිළිබඳව දරුවා පැමිණිලි කළ විගස දන්ත වෛද්‍යවරයෙක් කරා යොමුවීම ඉතා වැදගත්.

දත් වලින් බෝතල් මූඩි ඇරීම වැනි අන්තරාදායක කටයුතු වලට දරුවා යොමුවීම වලක්වා ගත යුතුයි. වැටීමෙන්,ගැටීමෙන් ,වැදීමෙන් කිරිදත් වලට වන අනතුරු වළක්වා ගැනීමට වැඩිහිටියන් වගබලාගත යුතුයි. එසේ අනතුරක් වූ වහාම දන්ත වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකර්ම කරා යොමු වීමෙන් ස්ථිර දතට සිදුවන හානිය අවම කරගන්නට පුළුවන්.

ඉතිං කිරිදත් කියන්නෙත් පරෙස්සම් කරගන්න ඕනෙ දත්….

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන...

Read More

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින්...

Read More

දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?

බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම...

Read More

Related Posts

Breastfeeding

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට හේතුවෙන්නෙ රුධිරයේ තියෙන ඊස්ට්‍රජන් මට්ටම අඩුවෙන එක. අද අපි මේ ලිපියෙන් කතා කරන්නෙ

Read More »
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට
Health

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට බාලගිරි දෝෂය කියලා. ඇත්තටම මේ බාලගිරි දෝෂය කියන්නෙ මොකක්ද? අතීතයේ සිට ලංකාවෙ තියෙන

Read More »
Infant

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගන්නේ.. ළපටින් ළදරුම වලිප්පු උනඳුට කොත්තමල්ලි තම්බා දෙන්නේ..

Read More »
Breastfeeding

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක

Read More »