hit counter code

උෂ්ණාධික දිනවල දරුවන්ගේ ශරීරය සිසිල් කරන පාන වර්ග 14ක්

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

මේ දිනවල ඉතා ම උණුසුම් කාලගුණයක් පවතින්නේ. ඉතින් දරුවන්ගේ ශරීරයේ උෂ්ණාධික බව ඉක්මනින් ඉහළ යනවා. ඇස් දැවිල්ල, ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල වැනි ඉතාම අපහසු තත්ත්වයන් මේ නිසා ඇති වෙන්න පුළුවන්. ඉතින් පුංචි පැටවුන්ගේ මේ අපහසුතා වළක්වන්න ස්වභාවික පාන කිහිපයක් තමයි අද අපි ගෙන එන්නේ.

බාර්ලි පානය

බාර්ලි කෝප්ප බාගයක් 

වතුර කෝප්ප දෙකක්

වතුර කෝප්ප දෙක එකකට හිඳෙන සේ බාර්ලි වතුරේ දමා තම්බා ගන්න. රස අනුව සීනි සහ ලුණු ස්වල්පයක් එක් කර බීමට ගන්න.

ඔබට මෙය කරන්නට අපහසු නම් බාර්ලි පිටි වන සේ කොටා සුළං නොවදින සේ අසුරා තබා ගෙන කිරිපිටි සාදන්නාක් මෙන් සාදා පානය කරන්න.

සව් කැඳ

සව් කෝප්ප බාගයක්

මුද්දිරප්පලම් තේ හැඳි දෙකක්

පොල්කිරි කෝප්ප දෙකක්

සව් ජලයේ විනාඩි 10ක් පොඟවා ගන්න. ඉන්පසු සියල්ල එකට දමා නටන තෙක් හිඳ අවශ්‍ය ඝනකම ආ විට බාගන්න. රස අනුව සීනි සහ ලුණු ස්වල්පයක් එක් කර බීමට ගන්න.

මුංඇට කැඳ

තැම්බූ මුංඇට කෝප්ප කාලක්

රතු කැකුලු බත් කෝප්ප කාලක්

පොල්කිරි කෝප්ප දෙකක් 

හකුරු ටිකක්

සියල්ල එකට දමා නටවා ගෙන පානය කරන්න. අවශ්‍ය නම් ලුණු ස්වල්පයක් එකතු කරන්න. 

නෙල්ලි රසකිඳ පානය

වියළි නෙල්ලි ගෙඩි කිහිපයක්

රසකිඳ ටිකක් 

උක් හකුරු

නෙල්ලි හා රසකිඳ එකට තම්බා උක් හකුරු සමග පානය කරන්න. 

බෙලිමල් / බෙලි ගැට පානය

වියළි බෙලිමල් හෝ බෙලිගැට කිහිපයක්

කිතුල් හකුරු කැබැල්ලක්

බෙලිමල් හෝ බෙලිගැට ජලයේ පැහැය තද වන තුරු තම්බා ගන්න. කිතුල් හකුරු සමඟ පානය කරන්න. 

කුරුම්බා පානය

කුරුම්බා ගෙඩියක වතුර

එහි මදය

මේ ද්‍රව්‍ය දෙක බ්ලෙන්ඩරයක් මගින් හොඳින් බ්ලෙන්ඩ් කරන්න. රස අනුව සීනි සහ ලුණු ස්වල්පයක් එක් කර බීමට ගන්න.

රෝස් මිල්ක් පානය

රෝස් සිරප් තේ හැඳි දෙකක්

කස කසා ඇට තේ හැන්දක්

නැවුම් එළකිරි කෝප්පයක්

අවශ්‍ය නම් සීනි සහ අයිස් කැට කිහිපයක් 

සියල්ල හොඳින් කලවම් කර පානය කරන්න. ඉතා රසවත් සහ සුවඳවත් පානයකි. 

පිපිඥ්ඥා සහ කොමඩු පානය

ළපටි පිපිඥ්ඥා ගෙඩියක් 

කොමඩු පලුවක්

ලුණු හා සීනි අවශ්‍ය පමණ

සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කර ජලය ස්වල්පයක් එක් කර පානය කරන්න. 

සුදුලූනු උලුහාල් පානය

උලුහාල් මේස හැන්දක්

සුදුලූණු බික් දෙකක්

වතුර කෝප්ප දෙකක්

සියල්ල එකට දමා වතුර කෝප්ප එකක් වන තුරු තම්බා පානය කරන්න. 

මෝරු

මුදවපු කිරි මේස හැඳි දෙකක්

රතුලූණු ගෙඩි දෙකක්

අමුමිරිස් කරලක්

ලුණු ටිකක්

සූදුරු ටිකක්

රතුලූණු සහ අමු මිරිස් සිහින්ව ලියා ගන්න. ජලය කෝප්ප එක හමාරක කිරි දිය කරගන්න. සියල්ල හොඳින් කලවම් කර පානය කරන්න. 

බෙලි පානය

හොඳින් ඉදුණු බෙලි ගෙඩියක්

සීනි සහ ලුණු

ජලය සමග ඉහත සියල්ල මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් අයිස් කැට කිහිපයක් එක් කර පානය කරන්න. 

දෙලුම් පානය

දෙලුම් ඇට කෝප්ප බාගයක් 

කිරි කෝප්පයක් 

සීනි සහ ලුණු

ඉහත සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කර පානය කරන්න. 

කොත්තමල්ලි පානය

කොත්තමල්ලි මේස හැන්දක්

ඉඟුරු පෙත්තක්

සූදුරු ඉතා ස්වල්පයක් 

සියල්ල එකට තම්බා පානය කරන්න.

හාතාවාරිය කැඳ

හාතාවාරිය කොළ ටිකක්

පොල් කෝප්පයක්

බත් කෝප්ප කාලක්

සුදුළූනු බික් දෙකක්

ඉඟුරු පෙත්තක්

ලුණු ස්වල්පයක් 

හාතාවාරිය කොළ සහ පොල් එකට කොටා වතුර කෝප්පයක් දමා යුෂ ලබා ගන්න. ඉතිරි සියල්ල මෙයට මිශ්‍ර කර ලිප තබා නටවා පානය කරන්න.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Mental Development

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයෙන්ම ඕනෙ. දරුවන්ටත් ඒ වගේමයි. ලෝකයේ විවිධ රටවල්වල කරල

Read More »
Children

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ

Read More »
Children

දරුවන්ගේ මළ බද්ධය වළක්වා ඇස් පෙනීම වැඩිකරන සුපිරි ආහාරය – වට්ටක්කා

වට්ටක්කා කුඩා දරුවන්ට ඉතාම පෝෂ්‍යදායී ආහාරයකි. ඉතා හොඳින් දිරවන එහි ඉහළ පෝෂණ ගුණය නිසා එය “සුපිරි ආහාරයක්”  ලෙස සැලකේ. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. ප්‍රධාන

Read More »