hit counter code

ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ තියෙන විෂ ඔක්කොම තියෙන්නෙ අක්මාවෙ හින්දා පීකුදු කන්නම එපා කියලත්. මේ කතාවෙ ඇත්ත නැත්ත මොකද්ද කියලා අද අපි බලමු.
පීකුදු කියන්නෙ යකඩ සහ විටමින් A බහුලව අඩංගු ආහාරයක්. මාස 6න් පස්සෙ මව්කිරිවල අඩංගු යකඩ ප්‍රමාණය දරුවට ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. ඒ නිසා පීකුදු වගේ ආහාරයක් මගින් දරුවගෙ යකඩ අවශ්‍යතාව ලේසියෙන්ම සම්පූර්ණ කරන්න පුලුවන්.
බබාලට අතිරේක ආහාර දෙන්න පටන්ගත්තට පස්සෙ පොඩි ප්‍රමාණවලින් පීකුදු දෙන්න පුලුවන්. වෛද්‍යවරු ඒක අනුමත කරලයි තියෙන්නෙ. නමුත් දෙන ප්‍රමාණය සහ වාර ගණන ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. එංගලන්තයේ සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශ කරලා තියෙන විදියට බබාලට සතියකට එක පාරක් පීකුදු දෙන එකෙන් කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ. නමුත් ඊට වඩා වැඩි වාර ගණනක් දෙන එක සුදුසු නැහැ. ඊලගට ඔබට එන ගැටලුව තමයි කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනෙද කියන එක. සතියකට වතාවක් මේස හැන්දක ප්‍රමාණයක් එහෙමත් නැත්නම් පොඩි කෑල්ලක් දරුවට දෙන්න. එහෙම දෙනකොට හොදින් පිසූ මස් දෙන්නත් වගබලාගන්න ඕනෙ.
අනිත් වැදගත්ම කාරණය තමයි ඔබේ දරුවා විටමින් A අඩංගු අතිරේක මොනාහරි ගන්නවනම්, දරුවට පීකුදු දෙන්න එපා.

බබාලට පීකුදු විෂ වෙනවාද?

පීකුදු කියන්නෙ විටමින් A බහුල ආහාරයක්. බබාලගෙ වර්ධනයට විටමින් A අත්‍යවශ්‍යයි.නමුත් විටමින් A ලොකු ප්‍රමාණවලින් ශරීරගත වීමෙන් Vitamin A විෂ වෙන්න පුලුවන්. මේ තත්වය Hypervitaminosis A කියල තමයි හදුන්වන්නෙ. මේ තත්වය ආවොත් දරුවගෙ දකින්න පුලුවන් රෝග ලක්ෂණ තමයි,
• නිදිබර ගතිය
• නුරුස්නා ගතිය
• දරුවාගේ ක්‍රියාශීලීත්වය අඩුවීම
• තෙල්වල හෝ ඇස් ඉදිරියට නෙරීම
ඔබේ දරුවට පීකුදු හෝ වෙනත් විටමින් A බහුල ආහාරයක් ලොකු ප්‍රමාණයක් දුන්නට පස්සෙ මේ ලක්ෂණ ආවොත් ඉක්මනටම ලගම තියෙන රෝහලට දරුවාව එක්කගෙන යන එක තමයි කරන්න ඕනෙ. 

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Mental Development

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයෙන්ම ඕනෙ. දරුවන්ටත් ඒ වගේමයි. ලෝකයේ විවිධ රටවල්වල කරල

Read More »
Children

උෂ්ණාධික දිනවල දරුවන්ගේ ශරීරය සිසිල් කරන පාන වර්ග 14ක්

මේ දිනවල ඉතා ම උණුසුම් කාලගුණයක් පවතින්නේ. ඉතින් දරුවන්ගේ ශරීරයේ උෂ්ණාධික බව ඉක්මනින් ඉහළ යනවා. ඇස් දැවිල්ල, ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල වැනි ඉතාම අපහසු තත්ත්වයන්

Read More »
Children

දරුවන්ගේ මළ බද්ධය වළක්වා ඇස් පෙනීම වැඩිකරන සුපිරි ආහාරය – වට්ටක්කා

වට්ටක්කා කුඩා දරුවන්ට ඉතාම පෝෂ්‍යදායී ආහාරයකි. ඉතා හොඳින් දිරවන එහි ඉහළ පෝෂණ ගුණය නිසා එය “සුපිරි ආහාරයක්”  ලෙස සැලකේ. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. ප්‍රධාන

Read More »