hit counter code

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයෙන්ම ඕනෙ. දරුවන්ටත් ඒ වගේමයි.

ලෝකයේ විවිධ රටවල්වල කරල තියෙන පර්‍යෙෂණ වලින් තහවුරු වෙලා තියෙන කාරණයක් තමයි දිනපතා ප්‍රමාණවත් නින්දක් ලබාගන්න දරුවන්ගෙ මානසික ඒකාග්‍රතාවය, හැසිරීම් රටා, ඉගෙනුම් හැකියාව, මතක ශක්තිය, කායික සහ මානසික නීරෝගීතාවය ඉතාම ඉහල මට්ටමක තියෙනවා කියන එක.

දරුවන් කොච්චර වෙලාවක් නිදාගන්න අවශ්‍යද?

දැන් අපි බලමු දරුවන්ට කොච්චර වෙලාවක් නිදාගන්න අවශ්‍යද කියලා. මේ කාලය දරුවගෙ වයස අනුව වෙනස්.
• අවුරුදු 1ට අඩු දරුවන්ට පැය 12-16
• වයස අවුරුදු 1ත් 2ත් අතර දරුවන්ට පැය 11-14
• අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ට පැය 10-13
• වයස අවුරුදු 6-12 අතර දරුවන්ට පැය 9-12
• අවුරුදු 13-18ත් අතර දරුවන්ට පැය 8-10

දරුවට ප්‍රමාණවත් නින්දක් නොලැබුණොත්?

දරුවගෙ අවධානයට සහ මානසික ඒකාග්‍රතාවයට බාධා ඇතිවෙලා ඉගෙනීම් කටයුතු හරියට කරගන්න නොහැකිවෙන්න පුලුවන්. ඒ වගේම කුඩා කාලයේ ප්‍රමාණවත් නින්දක් නොලැබුණොත් පසු කාලීනව පීනස, ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බන්ධ රෝග තත්ව වගේම විශාදය, කාංසාව වගේ රෝග තත්ව ඇතිවෙන්නත් අවධානමක් තියෙනවා.
තරුණ වයසෙ දරුවන්ට ප්‍රමාණවත් නින්දක් නොලැබීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සහ විවිධ මානසික රෝගවලට අතවැනීමක් බවත් ඇමරිකාවෙ කරපු පර්‍යෙෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා.

දරුවාට ප්‍රමාණවත් නින්දක් ලබාදෙන්නෙ කොහොමද?

ඊලගට ඔබට හිතෙන දේ තමයි දරුවාට ප්‍රමාණවත් නින්දක් ලබාදෙන්නෙ කොහොමද කියන එක. මොකද සමහර දරුවො නිදි කරවන එක ලේසි නෑ. සමහර දරුවො ඇහැරවන එක ලේසි නෑ. මේ වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් දේවල් ගැන අපි දැන් කතා කරමු.


• දරුවට නිදාගන්න හැම දවසකම නිශ්චිත වෙලාවක් තියාගන්න.
• දරුවා නිදාගන්න කාමරයේ ආලෝකය අඩුවෙන් තියන්න.
• නිදාගන්න වෙලාවට ඩිජිටල් තිර පාවිච්චි කරන්න දෙන්න එපා. අඩුම ඊට පැයකට කලින්වත් ඒවා දරුවගෙන් ඈත්කරන්න.
• කැෆේන් අඩංගු ආහාර පාන රාත්‍රියට දෙන්න එපා. (තේ, කෝපි, චොක්ලට්)
• හැකියාවක් තියෙනවානම් නින්දට පෙර දරුවාව මඳ උණුසුම් වතුරෙන් නාවන්න/ පිරිසිදු කරන්න.
• නින්දට පෙර පොඩි කතන්දරයක් කියන්න.
• රෑ මැද දරුවා ඇහැරුනොත් නින්දට බාධා නොවෙන විදියට එයාගෙ කාමරයටම එක්කගෙන යන්න.
• පාඩම් කරන දරුවෙක්ට නම් ඒ වෙනුවෙන් වෙනම තැනක් (නිදන කාමරයෙන් පිටත) සකස් කරගන්න පුලුවන් නම් හොඳයි.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක්...

Read More
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට...

Read More

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න...

Read More

Related Posts

Children

ඔටිසම් කලින් ම අඳුනගන්නේ කොහොමද?

“ඔටිසම්” (මනෝවික්ෂිප්ත බව) යනු දරුවන්ගේ ස්නායු සංවර්ධන ක්‍රියාවලිය (neuro Development) සම්බන්ධයෙන් ඇතිවන ගැටළු සහගත තත්ත්වයක්. “ඔටිසම්” තත්ත්වය විවිධ අදියර ලෙස (Autism Spectrum Disorder) පුළුල් පරාසයක

Read More »
Children

මිමී – පුංචි දළඹුවා

මීම් කියන්නෙ පුංචි දලඹු පැටියෙක්.එතරම් ලස්සන නැති එක්තරා මිටියාවතක එයා ජීවත්වුණා.මීමී එක්ක දලඹු යාළුවෝ ගොඩක් ඉපදුණා.ඒ හැමෝගෙම බලාපොරොත්තුව ඉක්මනින්ම ලස්සනම ලස්සන සමනලයෙක් වෙලා ඉගිලිලා යන්න.ඒත්

Read More »
Children

පුංචි දරුවන් නිතරම අඬන හේතු දැනගනිමු.

ඔබේ කුඩා දරුවා රාත්‍රියේදී කෑගසමින් හා නොසන්සුන් ලෙස අඬන්නේ නම්, සැලකිලිමත් වීම වැදගත්. ඔබේ දරුවා මෙම පීඩාකාරී මට්ටමට ළඟා වූ විටඔවුන්ව සනසාලීමට අපහසු විය හැකියි.

Read More »