ADHD (Attention Deficit Hyperactive Disorder)
අවධානයේ ඌණතා සහ අධි ක්‍රියාකරී දරුවන් හඳුනා ගන්නේ කොහොමද?
දඟකාර, කටකාර ළමයි හරි නීරෝගීයි. ‘අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත’ අප කාගෙත් කන් වැදුණු කතාවක්. පුංචි දරුවන් කුඩා කළ සිටම ක්‍රියාකාරී වීම අත්‍යවශ්‍ය වන නමුත් සාමාන්‍ය දඟකාරකමින් ඔබ්බට ගිය තත්ත්වයක් ලෙස ADHD තත්ත්වය හඳුනා ගත හැකිය.
දරුවෙකුගේ ස්නායු සංවර්ධනයත් සමඟම ඇතිවන තත්ත්වයක් ලෙස ADHD නැතිනම් අවධානය ඌණ සහ අධි ක්‍රියාකාරී දරුවෙක් බවට පත්වීම හඳුනාගත හැකිය. මෙහිදී ප්‍රධාන ලෙස අවධානය යොමු කිරීම, රදා පවත්වා ගැනීම අපහසුවීම, අධි ක්‍රියාකාරී බව, ආවේගශීලී බව සහ හැසිරීම මෙම තත්ත්වය සහිත දරුවන් තුළ දැකගත හැකිය.
- ADHD ඇති වන්නේ ඇයි ?
මීට හේතූන් රාශියක් දැක්විය හැකිය.
- ජානමය ගැටළු
- දරුවාගේ ස්නායු පද්ධතියේ සිදුවන වෙනස්කම්
- දරුවා මව් කුස තුළ සිටින කාලයේ මවගේ මානසික මට්ටම
- නොමේරූ දරු උපත්
- විෂබීජ ආසාදන
- සිතන්න…….
ඔබේ දරුවාත් පහත සඳහන් හැසිරීම් ලක්ෂණ පෙන්නුම් කරනවාද ?
- එක් කාර්යක් සඳහා එක තැනක වැඩි වේලාවක් රැදී නොසිටීම.
- තමන්ගේ වාරය ලැබෙන තුරු රැඳී සිටීමට නොහැකි බව
- ඒකාබද්ධ අවධානය නොමැති බව
- අන් අයට සවන් දීම මද බව
- වැඩක් නිමවන තුරු කිරීමට නොහැකිවීම
- කතාවේ වේගය වැඩිබව සහ අපහැදිලි බව
- නිතර තම දේවල් නැති කර ගැනීම
- තමා වෙත කෙසේ හෝ අවදානය යොමු කර ගැනීමට සෑදීම
- ඉගෙනීම කෙරෙහි මද උනන්දුව සහ ප්‍රගතිය අඩුවීම
- ඉවසීම අඩුකම සහ තරහා පාලනයෙන් තොර වීම
- අපිළිවෙල
- කණ්ඩායම් සහයෝගීතාවය අඩුකම
- නිතර කතා කිරීම, ප්‍රශ්න ඇසීම අවස්ථානෝචිතයෙන් තොරව සිදු කිරීම.
යන කරුණු යටතේ සිතා බලන්න. එසේ නම් ඔබ විශේෂඥ වෛද්‍යවරයෙකු හරහා උපදෙස් ලබා ගැනීම අනිවාර්යය වේ.
- ADHD තත්ත්වය විනිශ්චය කළ හැක්කේ කෙසේද ?
- ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු
- ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු
වෙත යොමු වීම් තුළින් ඔබට නිවැරදි තත්ව විනිශ්චයක් ලබාගත හැකිය.
ADHD තත්ත්වය දරුවෙකුගේ වර්ධනයත් සමඟ ජීවිත කාලය පුරාම රැදිය හැකි තත්ත්වයක් බැවින් එය නිවැරදි ප්‍රතිකාර, චිකිත්සක ක්‍රමවේද, හැසිරීම් පාලනය මඟින් කළමණාකරණය කළ යුතු තත්ත්වයකි. ප්‍රධාන ලෙසම මෙම තත්ත්වය නිසා ඉගෙනුම් අපහසුතා ඇති වීම වැඩි අවධානයක් යොමු කළ යුතු කරුණකි.
සාමාන්‍ය ලෙස සම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමවේදයන් (ලිවීම/ කියවීම) තුළින් පමණක් මෙම දරුවන්ට අධ්‍යාපනය ලබා දිය නොහැකි ය. ඔවුන්ගේ අවශ්‍යතාවයට, හැකියාවන් දියුණු කිරීමට ඔවුන්ට උගන්වන ක්‍රමවේදයන් ද වෙනස්ව දියුණු විය යුතුය.
දරුවන් මුල් අවධියේ දී හඳුනා ගන්න. ඔබ දැනුවත් වූ කරුණු, ලක්ෂණ දරුවා තුළ දකින්නේ නම් සුදුසුකම් ලත් වෘත්තිකයින් හමු වී මාර්ගෝපදේශ ලබා ගන්න.
සම්පත් දායකත්වය – සචිනි උපේක්ෂා
Speech and Language Therapist
Special need educationist