සමාජයේ “දරුවන්” වැදගත් ස්ථානයක් හිමිකර ගන්නා කොටසකි. සෑම දෙමව්පියෙකුම තම දරුවන් සමාජ ගත කරන්නේ සියලු අවශ්‍යතා, හැකියා දියුණු කිරීමෙන්ය. දරුවන් අතර අවශ්‍යතා තුළින් විශේෂ වූ දරුවන් ද සමාජයේ දක්නට ලැබීම අද බහුලය.
විශේෂ අවශ්‍යතා යනු, සාමාන්‍ය ලෙස දරුවෙකුට ජීවත් වීමට ඔහු / ඇය තුළ මතු වන සංකූලතා / ආබාධ හඳුනා ගෙන ජීවත් වීමට අවශ්‍ය පරිසරය ගොඩනගා ගැනීමයි.
දරුවන්ගේ අවශ්‍යතා විශේෂ වන්නේ කෙසේද ?
- කායික (ශාරීරික) ආබාධ සහිත
- මානසික ආබාධ සහිත
- චර්යාත්මක හා අවබෝධාත්මක ආබාධ සහිත
- ඉගෙනුම් අපහසුතා සහිත
- සංවේදන අපහසුතා සහිත
ඔබ මේ පිළිබඳව දැනුවත් ද ? මූලික හඳුනා ගැනීම් ඔබට කළ හැකිද ?
දරුවන්ගේ ස්නායු පද්ධතියේ වර්ධනය වීමත් සමඟ එනම්, මව් කුස තුළ සිටින කාලයේ පටන්ම මවට ඇති වන්නා වූ සංකූලතා මත මෙන්ම ජානමය සංකූලතා, මානසික සංකූලතා තුළින් ද දරුවන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ලෙස මෙලොව එළිය දැකිය හැකිය. මෙහිදී මෙම දරුවන් කායිකව, මානසිකව, චර්යාත්මක යන අංශ තුළින් විවිධ සංකූලතා පෙන්නුම් කරයි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා උදාහරණාත්මක තත්වයන් ලෙස,
- මස්තිෂ්ක ආඝාතය සහිත
- ඩවුන් සින්ඩ්‍රෝමය සහිත
- අවධාන ඌණතා හා අධි ක්‍රියාකාරී තත්ව සහිත
- ශ්‍රව්‍ය / දෘශ්‍ය ආබාධ සහිත
හඳුනා ගත හැකිය.
- විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු ඇති වීමට හේතු මොනවා ද ?
- මව් කුස තුළ කළල අවධියේ ඇතිවන සංකූලතා,
- මවට ගර්භණී අවධියේ දී ඇතිවන විවිධ රෝග තත්වයන් (අධි රුධිර පීඩනය, දියවැඩියාව, මානසික ආතතිය)
- අධික දුම්පානය හා මත්ද්‍රව්‍ය භාවිතය
- වැටීම්, තැලීම් වැනි හදිසි අනතුරු
- දරු උපතක දී ඇතිවිය හැකි සංකූලතා,
- අඩු මාසයෙන් / අඩු බර දරුවන් ඉපදීම නිසා
- මොළයට අවශ්‍ය ඔක්සිජන් නිසි ආකාරයට නොලැබීම
- විෂබීජ ඇතුළු වීම
නීරෝගීව උපදින දරුවෙකු වූව ද මුල් අවුරුදු කිහිපය තුළ සිදුවන්නා වූ යම් යම් තත්වයන් (වලිප්පුව, හදිසි අනතුරු, විවිධ රෝගවලට නිරාවරණය වීම) නිසා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු වීමට ඉඩකඩ ඇත.
දරුවෙකුගේ චාලක ක්‍රියා, බුද්ධිමය කුසලතා, කථන භාෂාව හා සමාජීය කුසලතා යන අංශ සියල්ල උපරිම ලෙස වර්ධනය වන්නේ, උපතේ සිට අවුරුදු 3 දක්වා බව පර්යේෂණ වලින් සනාථ වී ඇත.
දරුවෙකුගේ උපතේ සිට සංවර්ධන අවධිය තුළදී විශේෂ අවශ්‍යතා සහිත බවට දැක්විය හැකි රතු සලකුණු…
- චාලක ක්‍රියා වර්ධනයේ ප්‍රමාදතා.
- හිස, කඳ සමතුලිතව තබා ගැනීමට නොහැකි වීම. (මාස 03)
- තනිව මුනින් හැරීම හා ආපසු හැරීම ප්‍රමාද වීම. (මාස 3 – 6 අතර කාලය)
- ඉතා හොඳින් හිස කෙලින් තැබීමට ප්‍රමාද වීම. (මාස 06)
- ආධාර සහිතව සිට ගැනීම ප්‍රමාද වීම. (මාස 09 සිට)
- තනිව සිට ගැනීම. (මාස 12)
- සමාජීය හා චිත්තවේග වර්ධනයේ ප්‍රමාදතා.
- දරුවා වැඩිහිටියන් සමඟ ප්‍රතිචාරාත්මක සිනහව ප්‍රමාදය. (සති 8 සිට)
- හැඩීම නොමැති වීම.
- වැඩිහිටියන් සමඟ නිරායාසයෙන් සිනහසීම ප්‍රමාද වීම. (මාස 4 සිට)
- නුපුරුදු පරිසරයේදී බිය ප්‍රකාශ කිරීම ප්‍රමාද වීම. (මාස 10 සිට)
- භාෂා වර්ධනයේ ප්‍රමාදතා,
- අවට පරිසරයේ ශබ්දවලට ප්‍රතිචාර නොදැක්වීම. (උපතේ සිට)
- ප්‍රතිචාරාත්මක ශබ්ද කිරීම ප්‍රමාද වීම. (මාස 3 – 6 කාලය තුළ)
- ශබ්ද අනුකරණය මඟින් සරල වචන අනුකරණය ප්‍රමාද වීම. (මාස 10 සිට)
මෙලෙස මුල් අවධිය තුළ වයස් මට්ටමට අදාළ ලෙස වර්ධනයේ ප්‍රමාදතා පෙන්නුම් කරන්නේ නම් ඔබේ දරුවාව අවශ්‍ය මූලික ප්‍රතිකාර සඳහා පෙර යොමු කිරීම් ඉතා වැදගත් ය. මුල් කාලයේ හඳුනා ගැනීම, අවශ්‍ය හැකියාවන් දියුණු කිරීමට ක්‍රියාකාරකම් සඳහා යොමු වීම, නිවැරදි කළමණාකරණය සඳහා සුදුසුකම් ලත් සෞඛ්‍ය නිලධාරී කණ්ඩායමක් තුළින් උපදෙස් ලබා ගැනීම ඇතිවිය හැකි ගැටළුකාරී තත්වයන් අවම කරගැනීමට වඩාත් වැදගත් වේ.
- ළමා රෝග හා අබාධ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු
- කථන හා භාෂා චිකිත්සකවරු
- වෘත්තීය චිකිත්සකවරු
- භෞතික චිකිත්සකවරු
- ශ්රවණවේදීන්
මෙම සම්පත්දායී වෘත්තිකයන් මඟින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර, චිකිත්සක ක්‍රමවේද හරහා ඔවුන්ව හැකියාවෙන් උපරිම තත්වයට ස්වාධීන කිරීමට අවශ්‍ය මාර්ගයට උපකාර සලසා දෙනු ලබයි.
ඔබ සියලු හැකියා ඇති අයෙක් වූව ද යම් තැනක ඔබ ද ආබාධයට ලක්විය හැක. එමනිසා අනුකම්පාවෙන් තොර සම තැන ලැබෙන ලෙස විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ද සමාජගත කිරීමට දායකවන්න.
සම්පත් දායකත්වය –
සචිනි උපේක්ෂා
Speech and Language Therapist
Special need educationist